අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

රුධිරය පිරිසිදු කරගැනීමට වත්කමක්‌ නැති වකුගඩු රෝගීන්ට සුබ ආරංචියක්‌

පිළිකා රෝගීන්ටත් ඒඩ්ස්‌ රෝගීන්ටත් වඩා භයානක රෝගියකු බවට වර්තමානයේ වකුගඩු රෝගීහු පත්ව සිටිති. වකුගඩු රෝගය නිසා වසරකට ශ්‍රී ලංකාවේ මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3000 ක්‌ පමණ වෙතැයි අනාවරණය වී තිබේ. වකුගඩු රෝගීන් බහුලව ජීවත්වන ගිරාඳුරුකෝට්‌ටේ වකුගඩු මාවත නමින් මාර්ගයක්‌ද නම් කර ඇත.


ශ්‍රී ලංකාවේ මේ තරම් වකුගඩු රෝගීන් බහුල වීමට හේතුව කුමක්‌දැයි නිශ්චිතවම කිව නොහැකි මුත් වකුගඩු රෝග ඇතිවීමට බලපාන හේතු සාධක රැසකට ශ්‍රී ලාංකිකයෝ මුහුණදී සිටිති.

ප්‍රධාන වශයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය, ෆ්ලෝරයිඩ් අධික කිවුල් ජලය පානය කිරීම, වසවිස සහිත ආහාර පාන බහුලව ගැනීම, ප්‍රොaටීන් අධික ආහාර ගැනීම, දිනකට සිරුරට අවශ්‍ය කරන වතුර ලීටර් දෙකක්‌ පමණ වූ ප්‍රමාණය පානය නොකිරීම, කෘත්‍රිම රසකාරක යෙදූ සිසිල් බීම පානය සහ මෑතක සිට පවසන ආසනික්‌ නමැති රසායනික ද්‍රව්‍ය ආහාර පාන මගින් ශරීරගත වීමද දැක්‌විය හැකිය. මෙම හේතු නිසා ඇතිවන වකුගඩු රෝගය රෝග කාරකය නිශ්චිතව හඳුනානොගත් වකුගඩු රෝග (Chronic Kidney Disease) ලෙස හඳුන්වයි. මෙය වර්තමානයේ බහුලව දක්‌නට ලැබේ.

මීට අමතරව වකුගඩු තුළ හටගන්නා ආසාධන නිසාද (IGA Nephropathy) වකුගඩු අක්‍රිය වේ.

වකුගඩු අක්‍රිය වූ පුද්ගලයකු නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් එම පුද්ගලයා ඉතා කෙටි කාලයකින් මරණයට පත්වේ. එය මාස තුනක්‌ පමණ කාලයක්‌ විය හැකිය.

ඊට හේතු වන්නේ වකුගඩු අක්‍රිය වීම නිසා ඉන් සිදුවන ක්‍රියාවලිය වන ශරීරයේ ඇති නයිට්‍රජනීය අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුනොවේ. ශරීරයේ ඇති වැඩිපුර ජලය මුත්‍රා මගින් පිටවීම සිදුනොවේ. රුධිරයේ රතු රුධිරානු පාලනය කරන Erythropoiention නමැති හෝමෝනය නිපදවීම වකුගඩුවලින් සිදුවීම නතර වේ. අස්‌ථිවල පෝෂණයට අවශ්‍ය විටමින් ඩී 3 නිපදවීම ඇනහිටී.
මෙලෙස වකුගඩුවලින් සිදුවන සාමාන්‍ය ක්‍රියාවලිය සිදු නොවීමෙන් ශරීරය තුළ විෂ සහිත බව වැඩිවී රුධිරය අපිරිසිදු වේ. අපිරිසිදු රුධිරය ශරීරය තුළ ඉහළ යැමෙන් රෝගියා ඉතා ඉක්‌මනින් මරණයට පත්වේ.

මෙම අවාසනාවන්ත මරණයෙන් වකුගඩු රෝගියා බේරාගැනීමට නම් එම රෝගියාට ඖෂධ ප්‍රතිකාර ලබාදීම හෝ රුධිර කාන්දුකරණය (Dialysis) හෝ වකුගඩුවක්‌ බද්ධ කිරීමක්‌ සිදුකළ යුතුය.

ඖෂධ ප්‍රතිකාර මගින් වකුගඩු රෝගය පාලනය කළ හැක්‌කේ රෝගය මුල් අවස්‌ථාවේදීය. නමුත් වකුගඩු දෙකම අක්‍රිය වී ඇති විට ප්‍රතිකාර ලෙස රුධිර කාන්දුකරණය හෙවත් රුධිරය පිරිසිදු කිරීම හෝ වකුගඩුවක්‌ බද්ධ කිරීම කළ යුතුය.

රුධිරය පිරිසිදු කිරීම සිදුකරන්නේ නම් එය සතියකට දෙවරක්‌ කළ යුතුය. රජයේ රෝහලකින් එය නොමිලයේ සිදුකළත් ඒ සඳහා එක්‌ වරකට රුපියල් පන්දහසක්‌ පමණ වැයවේ. පෞද්ගලික අංශයෙන් මෙම ප්‍රතිකාරය ලබාගැනීමේදී එක්‌වරකට අවම තරමින් රුපියල් හත්දහසක්‌ පමණ වැයවේ. සතියකට දෙවරක්‌ රුධිරය පිරිසිදු කරමින් ජීවත්වන මුළු කාලය තුළම අඛණ්‌ඩව එය සිදුකිරීම ආර්ථික වශයෙන් පහසු කාර්යයක්‌ නොවේ.

වකුගඩුවක්‌ බද්ධ කිරීම සඳහා ඊට ගැලපෙන නිරෝගී වකුගඩුවක්‌ සොයා ගැනීමද දුෂ්කරය.

මේ අනුව වකුගඩු රෝගියකුට ඇති එකම විසඳුම මියයැමද? කියා දැන් ඔබට සිතෙනු ඇත.

නැත... එසේ වකුගඩු රෝගීන් මියයා යුතු නැත. ඒ සඳහා විසඳුම් දෙන්නට මහනුවර මහරෝහලේ වකුගඩු රෝග ඒකකය ඉදිරිපත් වී සිටී. ඒ සම්බන්ධව එම රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානායක්‌කාර මහතා අප සමඟ මෙසේ පැවැසීය.

වස විෂ වලින් තොර ආහාර ගත්තත් අධිරුධිර පීඩනය, දියවැඩියාව පාලනය කළත් වකුගඩු තුළ හටගන්නා ආසාදන නිසා වකුගඩු අක්‍රියවීම අපට පාලනය කරන්න බැහැ. කළ හැක්‌කේ එවැනි රෝගීන්ට රුධිරය පිරිසිදු කිරීමේ ප්‍රතිකාරය හෝ වකුගඩුවක්‌ බද්ධ කිරීමේ ප්‍රතිකාරයක්‌ සිදුකිරීමයි. එම ප්‍රතිකාර මගින් රෝගියාට වසර 15 ක්‌ 20 ක්‌ පමණ ජීවත්විය හැකියි. එපමණ කලක්‌ ජීවත් විය හැක්‌කේ නිරෝගී සෞඛ්‍ය පුරුදු මත දිවි ගෙවීමෙනි.

මහනුවර මහ රෝහලේ ඉදිකර තිබෙන වකුගඩු ඒකකය තුළ රුධිර පිරිසිදු කිරීමේ යන්ත්‍ර 35 ක්‌ තියෙනවා. දවසකට රෝගීන් 80 ක්‌ පමණ දෙනාගේ රුධිරය පිරිසිදු කරනවා. එක්‌ රෝගියකුගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා පැය හතරක්‌ පමණ යනවා. නමුත් දිනපතා අප වෙතට එන වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවා. එනිසා නව රුධිර පිරිසිදු කිරීමේ ඒකකයක අවශ්‍යතාවය තදින්ම දැනී තිබෙනවා. එසේම ප්‍රාදේශීය මට්‌ටමින් රුධිරය පිරිසිදු කිරීමේ ඒකක පිහිටුවීමත් වර්තමානයේ අත්‍යවශ්‍ය පහසුකම් බවට පත්වෙමින් පවතිනවා.

මෙවැනි ප්‍රතිකාර ඒකකවල ඇති පහසුකම් මගින් රෝගියකුට ඉතා සහනදායී මිලකට ප්‍රතිකාර ලබාදිය හැකියි. නමුත් මෙය අපට තනිවම හෝ රජයේ ආධාර මත කරන්න බැහැ. එබැවින් අප මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ කාර්ය මණ්‌ඩලය සහ මහනුවර වකුගඩු ආරක්‍ෂක සංගමය එක්‌වී නව ප්‍රාදේශීය රුධිර කාන්දුකරණ ඒකකයක්‌ (Satellite Dialysis Unit) පිහිටුවන්න සැලසුම් කර තිබෙනවා. එමගින් වකුගඩු රෝගීන්ට රුධිර කාන්දුකරණ පහසුකම් සහ වකුගඩු බද්ධ කිරීමේ පහසුකම් ඉතා සහනදායී මිලකට සැලසීමට පියවර ගන්නවා. වකුගඩු බද්ධ කිරීම සඳහා පරිත්‍යාගශීලීන් හොයාගන්න අමාරුයි. එනිසා හදිසි අනතුරකින් සිදුවන මොළයේ මරණයට පත්වූ අයගෙන් වකුගඩු අරගෙන බද්ධ කිරීමත් දැනට අප සිදුකරනවා. එවැනි වකුගඩු බද්ධ කිරීම් 27 ක්‌ සාර්ථකව සිදුකර තිබෙනවා.

රුධිරය පිරිසිදු කිරීමට වඩා වකුගඩු බද්ධ කිරීම ඉතා සංකීර්ණ ප්‍රතිකාරයකි. ඒ ගැන මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී. කේ. හරිස්‌චන්ද්‍ර මහතා පැහැදිලි කළේ මෙලෙසිනි.

කුමන හේතුවක්‌ නිසා හෝ වකුගඩු අක්‍රියවූ විට එවැනි රෝගීන්ට වකුගඩුවක්‌ බද්ධ කළොත් එම තැනැත්තා තම ජීවිත කාලයම ඉතා සැලකිලිමත්ව ජීවිතය ගත කළ යුතුයි. මොකද වකුගඩුවක්‌ බද්ධ කළ රෝගියාගේ සිරුරේ ප්‍රතිශක්‌ති කරන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩුකළ යුතුයි. එසේ කරන්නේ අලුතින් බද්ධ කළ වකුගඩුවට එරෙහිව සිරුරේ ප්‍රතිශක්‌ති කරන පද්ධතියෙන් එල්ලවන බලපෑම් අවම කිරීමටයි. එනිසා ඔවුනට ඉතා පහසුවෙන් ආසාධන රෝග වැළඳිය හැකියි. මෙම තත්ත්වය නිසා වකුගඩු බද්ධ කළ රෝගීන් සාමාන්‍ය ගමන් බිමන් යන විට විෂබීජ ශරීර ගතවීම වළක්‌වා ගැනීමට මුව ආවරණයක්‌ පැළඳගෙන යැම කළ හැකියි. ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් විය යුතුය.

වකුගඩු අක්‍රිය බව හදුනා ගන්නා හැටි
වකුගඩු අක්‍රිය වීම හඳුනාගත හැක්‌කේ මුත්‍රා පරීක්‍ෂාවක්‌ සිදු කිරීමෙනි. යම් පුද්ගලයකුගේ මුත්‍රා පිටවීමේ අක්‍රමවත් බවක්‌ ඇතිවීම, කෑම අරුචිය, හුස්‌ම ගැනීමේ අපහසුතාව, ශරීරය ඉදිමුම, ඇවිදින විට හතිය ඇතිවීම වැනි රෝග ලක්‍ෂණ මතුවන්නේ නම් එම තැනැත්තා වකුගඩු අක්‍රිය වීමේ තත්ත්වයට පත්ව ඇතැයි අනුමාන කළ හැකිය. එය තහවුරු කර ගැනීමට වෛද්‍ය උපදෙස්‌ මත මුත්‍රා සහ රුධිර පරීක්‍ෂාවක්‌ සිදුකිරීමෙන් පිළිවන.

වකුගඩු රැකගැනීම
දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇත්නම් එය මනාව පාලනය කරගත යුතුය. තෙල්, ලුණු සහ සීනි භාවිතය අවම කර එළවළු පලතුරු ආදිය වැඩිපුර ආහාරයට ගැනීම සුදුසුය. ප්‍රොaටීන් බහුල ආහාර අධිකව ගැනීමෙන් වැළකිය යුතුය. දිනකට වතුර වීදුරු 10 ක්‌ 15 ක්‌ පමණ පානය කිරීම අවශ්‍යය. කෘත්‍රිම රසකාරක යෙදූ සිසිල් බීම, ක්‍ෂණික ආහාර ගැනීමෙන් වලකින්න. තමාට ගැලපෙන පහසු ශාරීරික ව්‍යායාම් වල යෙදෙන්න. උසට සරිලන බරක්‌ (BMI) පවත්වාගෙන යන්න. මනස සැහැල්ලුව තබාගන්න. මත්ද්‍රව්‍ය සහ දුම්පානයෙන් වලකින්න. මාස 06 කට වරක්‌වත් රුධිර පීඩනය රුධිරයේ සීනි සාන්ද්‍රණය මැනගන්න. සම්පූර්ණ මුත්‍රා පරීක්‍ෂණයකට (UFR) යොමුවන්න.

වකුගඩු රෝගීන්ට හිතකර ආහාර
වකුගඩු රෝගීන්ට වඩාත් සුදුසු ආහාර වර්ග වනුයේ බත්, පාන්, ඉදිආප්ප, රොටි, පිට්‌ටු, අල, බතල, මඤaෙඤdක්‌කා වැනි ආහාර වර්ගය.

සුළු වශයෙන් ගත හැකි ආහාර
පුඩින්, වටලප්පන්, අයිස්‌ක්‍රීම්, සීනි, පැණි දමා සාදන ලද කෑම වර්ග, කෝන් පිටි, කස්‌ටඩ් වර්ග වලින් සාදන ආහාර කෙසෙල් ගෙඩි, දිවුල්, දූරියන්, අලිගැට පේර, බටර්, චීස්‌, එළගිතෙල්, මීකිරි, හරක්‌ මස්‌, ඌරුමස්‌, කුකුළු මස්‌, පීකුදු, සොසේජස්‌, බේකන් වර්ග බිත්තර කහමද, ඉස්‌සෝ, දැල්ලෝ, කකුළුවෝ, පොකිරිස්‌සෝ, ගොටුකොළ, නිවිති වැනි පළා වර්ග දිනකට මේස හැන්දක්‌ පමණ ආහාරයට ගන්න.

නොගත යුතු ආහාර
අධික ලුණු සහිත ආහාර වර්ග වන අච්චාරු, ලුණුදෙහි, චට්‌නි, සුප්කැට, සුප් පැකට්‌, සෝස්‌ වර්ග, මාමයිට්‌, කරවල, ජාඩි වර්ග, ටින් කරන ලද පලතුරු වර්ග, ටින් කරන ලද මාළු මස්‌, එළවළු වර්ග, පොප් කෝන්, ලුණු සහිත බිස්‌කට්‌ වර්ග ලුණු එකතු කරන ලද ඇටවර්ග, අමු එළවළු වර්ග, එළවළු සලාද, එළවළු සුප්, තැඹිලි, කුරුම්බා, ක්‍ෂණික පලතුරු බීම, බෝතල් බීම, චොක්‌ලට්‌ වර්ග, දොඩම්, නාරං, දෙහි, මෝල්ටඩ්, මිශ්‍ර කිරි, උකු කිරි, බීම වර්ග, ඉරමුසු, පොල්පලා, කසාය වැනි කොළ වර්ග තම්බාගත් වතුර ආහාරයට නොගත යුතුය.

එළවළු සුප් පානය කිරීමට අවශ්‍ය නම් ඒවා හීනියට කපාගෙන උණු වතුරේ පැයක්‌ පමණ දමා ඉන්පසු වතුර ඉවත්කර ආහාරයට ගැනීම සුදුසුය.

මහනුවර ඉදිකිරීමට යෝජිත Satellite Dialysis Unit සම්බන්ධව වැඩිදුර තොරතුරු www.kandykps.org වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

උපාලි ද සේරම්
පිංතූර - ජූඩ් ඩෙන්සිල් පතිරාජ




කල්තියා හඳුනාගත්තොත් වකුගඩු රෝග පාලනය කළ හැකියි

වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධ පිළිබඳව මුලින්ම සඳහන් කළොත්...?
වකුගඩු රෝග පිළිබඳව කතා කරන විට ප්‍රධාන වශයෙන්ම වකුගඩු රෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. ඉන් පළමුවැන්න තීව්‍ර වකුගඩු අකරණිය (Accute reanal failure)යි. අනෙක නිදන්ගත වකුගඩු ආකරණිය (Cronic Reanal failure)යි. සමාජයේ බහුල ලෙස දක්නට ලැබෙන්නේ නිදන්ගත වකුගඩු අකරණිය නිසා ඇතිවූ වකුගඩු ආබාධ. තීව්‍ර වකුගඩු අකරණිය පිළිබඳව එතරම් අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති වුවද එම රෝග තත්ත්වයෙන් ද බොහෝ දෙනෙක් පෙළෙනවා.
තීව්‍ර වකුගඩු අකරණිය යටතට ගැනෙන්නේ මාස 3 ක් ඇතුළතදී වකුගඩු ප්‍රකෘති තත්ත්වයට පත්වන, තාවකාලිකව ඇතිවන වකුගඩු රෝගී තත්ත්වයන්. එය, වකුගඩු රෝගියාගේ රුධිරය කෘත්‍රිමව පිරිසිදු කිරීම (Dialysis)දක්වා වර්ධනය වන රෝගී තත්ත්වයක් නොවේ. නිදන්ගත වකුගඩු අකර්මණ්‍යතාවයට අයත් වකුගඩු රෝග ලෙස ගැනෙන්නේ වකුගඩු ආක්‍රිය වී මාස 3 කට වැඩියෙන් පවතින වකුගඩු අකර්මණ්‍යතාවයනුයි. මෙහිදී ”අක්‍රියවීම” ට අප යම් කිසි අගයක් දෙනවා.
වකුගඩුවල ක්‍රියාකාරිත්වයෙන් 30% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අකර්මණ්‍යව පවතී නම්, එම තත්ත්වය මාස 3 ක් හෝ ඊට වැඩි කලක් පවතී නම්, එය නිදන්ගත වකුගඩු අකරණිය ලෙස වඩාත් පැහැදිලිව සඳහන් වෙනවා. තීව්‍ර වකුගඩු අකරණියෙන් පෙළෙන රෝගීන් රෝහලේ ඇඳමත සිටියදීම සුව වී නිවසට යා හැකියි. වඩාත් බරපතළ වන්නේ නිදන්ගත වකුගඩු අකරණියයි. මෙම තත්ත්වය ඇති වීමට හේතු ගණනාවක්ම බලපා තිබෙනවා.
ලෝකයේ බොහෝ දියුණු රටවල මෙන්ම අප රටේ ද බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවී තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගයන්. එමෙන්ම ඍජුවම වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝග තත්ත්වයන් ද ඉතා බහුලයි. ඒ, වකුගඩු ප්‍රදාහය, වාහිනි ප්‍රදානය වැනි තත්ත්වයන්.
එමෙන්ම මුත්‍රා ගැලීමේ තිබෙන අපහසුතා, පුරුෂයින්ගේ පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන ඉදිමුම, නිතර නිතර ඇතිවන මුත්‍රා ආසාදන, වකුගඩු තුළ තරල පිරුණු ගෙඩි ඇතිවීම, වකුගඩු නාලවල කොලොස්ටරෝල් මේදය තැන්පත් වීම, යම් යම් විෂ ද්‍රව්‍ය (කෘෂි රසායන වැනි) ලිතියම්, බෝරෝන් රසදිය වැනි බැර ලෝහ නිසා ඇතිවන වකුගඩු ආබාධ නිදන්ගත වකුගඩු ආබාධ ලෙස හඳුනාගත හැකියි. උතුරුමැද පළාතේ ව්‍යාප්ත වී ඇති වකුගඩු අකර්මණ්‍යතාවයට හේතුව විෂ රසායන සහ බැර ලෝහ නිසා ඇතිවූ තත්ත්වයන් බවට අනුමාන කෙරෙනවා. ඒත් තවම එම රසායනික ද්‍රව්‍ය කුමක් ද යන්න හඳුනාගෙන නෑ.
ලංකාවේ බහුලව පවතින්නේ දියවැඩියාව නිසා ඇතිවූ වකුගඩු අකර්මණ්‍යතාවයයි. බොහෝවිට දියවැඩියාව වැළඳුණු පුද්ගලයා අධිරුධිර පීඩනයෙන් ද පීඩා විඳිනවා. දියවැඩියා රෝගයේ ඇති ප්‍රධාන ප්‍රභේද දෙක (Type I සහ Type II) නිසාම වකුගඩු අකර්මණ්‍යතාව ඇති වෙනවා. බොහෝවිට Type II දියවැඩියා රෝගය හඳුනාගෙන අවුරුදු 5 ක් 10 ක් ගතවන විට එම රෝගීන්ගෙන් 30% - 50% අතර සංඛ්‍යාවක් වකුගඩු ආබාධවලට ගොදුරු වෙනවා.
Type II දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ගෙන් 20% - 30% අතර සංඛ්‍යාවක් දියවැඩියා රෝගය හඳුනාගන්නා විටම වකුගඩු ආබාධවල මූලික ලක්‍ෂණ පහළ වී තිබෙනවා. වකුගඩු ආශි‍්‍රතව ඇතිවන රෝගාබාධවල සුවිශේෂම ලක්ෂණයක් වන්නේ මෙය නිශ්ශබ්ද රෝග තත්ත්වයක් වීමයි. රෝගයේ මූලික අවස්ථාවේදී රෝගය හඳුනාගැනීම ඉතා අපහසුයි. ශරීරය ඉදිමීම, හුස්ම ගැනීමේ ඇති අපහසුතාව (හතිය), පිටවන මුත්‍රා ප්‍රමාණය අඩු වීම වැනි රෝග ලක්‍ෂණ පහළ වූ විටයි බොහෝ දෙනෙක් තමාට කිසියම් අසනීප තත්ත්වයක් ඇති බව හඳුනා ගන්නේ.

ඉන් අනතුරුවයි වෛද්‍යවරයකු හමුවන්නේ. ලංකාව තුළ වකුගඩු ආබාධ බහුලවීමට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ අවශ්‍ය පමණට වඩා ඖෂධ ගැනීමට පෙළඹී සිටීම බවත් හෙළිවී තිබෙනවා. විශේෂයෙන්ම හන්දි ආබාධවලට ගනු ලබන ඖෂධ වෛද්‍ය උපදෙස්වලින් තොරව බහුලව ගැනීම වකුගඩු අකර්මණ්‍යතාවයට හේතුවී තිබෙනවා.

නිදන්ගත වකුගඩු අකර්මණ්‍යතාව සුවකළ හැකිද?
වකුගඩු රෝගාබාධ මූලික අවස්ථාවේ හඳුනාගතහොත් රෝගය වකුගඩුව තුළ පැතිරීම පාලනය කර වකුගඩුව බේරාගත හැකි වෙනවා. එහෙත් සම්පූර්ණයෙන්ම සුවකළ නොහැකියි. ඖෂධ මඟින් සහ වෙනත් ප්‍රතිකාර මඟින් කළ හැක්කේ වකුගඩුව තවදුරටත් විනාශ නොවී ඉතිරි වී ඇති කොටස ආරක්ෂා කිරීම සහ රෝගයට වකුගඩුව තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමයි. එමෙන්ම වකුගඩු අකර්මණ්‍යතාව නිසා ඇතිවී තිබෙන සංකූ®ලතා පාලනය කිරීමයි. එලෙස ප්‍රතිකාර කර සුවකර ගත නොහැකි තරමට වකුගඩු අකර්මණ්‍ය වී ඇත්නම් කළ යුත්තේ යන්ත්‍රයකින් කෘත්‍රිමව රුධිරය පිරිසිදු කිරීම හෝ වකුගඩු බද්ධ කිරීමයි.

වකුගඩු රෝගවල රෝග ලක්ෂණ මොනවාද?
මුලින්ම දැකගත හැකි රෝග ලක්ෂණයක් වන්නේ මුහුණේ සහ ඇස්වටා ඇතිවන ඉදිමුමයි. එමෙන්ම පාදවල විළුඹ (ඇස්වටය) අසල ඇතිවන ඉදිමුම, මුත්‍රා පහකරන විට මුත්‍රා කිරීම අඩුවීම ශරීරයේ ලේ හිඟවීම (නීරක්තිය) ශරීරයේ රුධිර පීඩනය වැඩිවීම, කෑම අරුචිය, ඔක්කාරයට ඒම, වමනය, ශරීරය කැසීම, නින්ද නොයාම, මානසික ඒකාග්‍රතාවය අඩුවීම, හුස්ම ගැනීමට ඇති අපහසුව, අමතක වීම, වැනි ලක්ෂණ වකුගඩු ආබාධයක් ඇති විට රෝග ලක්ෂණ ලෙස පෙන්නුම් කරනවා.

වකුගඩු රෝග සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?
වකුගඩු ආශ්‍රිතව ඇතිවන රෝග ගණනාවක් අතරින් බොහොමයකට රෝගය මුල් අවස්ථාවේ හඳුනා ගතහොත් ප්‍රතිකාර කළ හැකියි. දියවැඩියාව සහ කොලොස්ටරෝල් මේදය නිසා ඇතිවන වකුගඩු අකර්මණ්‍යතාවයන්ට මුල් අවස්ථාවේ හඳුනාගැනීමෙන් ඉතා පහසුවෙන් සුවකළ හැකියි. එහිදී දියවැඩියාව සහ කොලොස්ටරෝල් මේදය පාලනයට ඖෂධ ලබාදෙනවා. වකුගඩු රෝගයේ විශේෂ ලක්ෂණයක් වන්නේ මුත්‍රා මඟින් ප්‍රෝටීන පිටවීමයි. මෙය වකුගඩු රෝගයේ රෝග ලක්ෂණයක් මෙන්ම රෝගය වර්ධනය වීමට ද ප්‍රධාන හේතුවක්.
මුත්‍රාවල තිබී වකුගඩුවෙන් පෙරෙන ප්‍රෝටීන, වකුගඩුවලට ඉතා විෂ සහිතයි. එම විෂ මඟින් වකුගඩුවල තිබෙන නාල, එම ශෛල විනාශ වෙනවා. එම නිසා මුත්‍රා සමඟ ප්‍රෝටීන පිටවීම වහා වැළැක්විය යුතුයි. ඒ සඳහා ද ඖෂධ ලබාදෙනවා. වකුගඩු රෝගීන්ගේ ශරීරයේ දියරමය ස්වභාවය වැඩිවන නිසා ශරීරය ඉදිමීමට පටන් ගන්නවා. ඒ සඳහා වැඩියෙන් මුත්‍රා පිට කරන ඖෂධ ලබාදෙනවා. එමෙන්ම වකුගඩු රෝගීන්ගේ ශරීරයෙන් කැල්සියම් ශීඝ්‍රයෙන් ඉවත් වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ ශරීරයේ අස්ථි දුර්වල වීමයි; තුනීවීමයි. ඒ නිසා පහසුවෙන් අස්ථි බිඳී යා හැකියි. ඒ නිසයි වකුගඩු රෝගීන්ට කැල්සියම් ගිලින ඖෂධ ලෙස ලබාදෙන්නේ.
නිදන්ගත වකුගඩු අකරණියේ දරුණුම අවස්ථාව වන්නේ වකුගඩුවේ ගුච්චිකාවෙන් රුධිරය පෙරෙන වේගය සාමාන්‍ය වේගය මෙන් 12%ක් හෝ 10%ක් දක්වා අඩුවන අවස්ථාවයි. එවිට වකුගඩුවල කාර්ය කෘත්‍රිමව කළ යුතු වෙනවා. එහිදී Dialysis යන්ත්‍රයක් මඟින් රුධිරය පිරිසිදු කළ යුතු වාර ගණන වැඩිවූ විට වකුගඩු බද්ධ කිරීමක් කළ යුතුයි. එහෙත් යමෙකුට නිදන්ගත වකුගඩු රෝගය ඇතැයි හඳුනාගත් විට එම රෝගියාට වකුගඩුවක් ලබාගත හැකි සුදුසු අයෙක් සිටීනම්, මුලදීම වකුගඩු බද්ධයක් සිදු කළ හැකියි.

වකුගඩු ආබාධවලින් මිදී සිටිය හැකිද?
මෙහිදී අපගේ වැරදි ජීවන රටාවන් නිවැරැදි කරගත යුතුයි. මුලින් සඳහන් කළාක් මෙන්, බොහෝ වකුගඩු රෝගාබාධවලට හේතුවී තිබෙන්නේ දියවැඩියාව අධි රුධිර පිඩනය වැනි බෝ නොවන රෝග. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ වැරදි ආහාර රටාව, ව්‍යායාම මඳකම, අධික ස්ථුලභාවය, දුම්පානය, මානසික ආතතිය, විනෝදවීමේ අවස්ථා අඩුවීම වැනි හේතූ. ඒ නිසා තමා ගන්නා ආහාර පිළිබඳ සැලකිලිමත්වීම මෙන්ම ඉහත අනෙක් කරුණු පිළිබඳව ද සැලකිලිමත්වීම වැදගත්.
ඔබේ වයස අවුරුදු 50ට වැඩිනම්, දුම්පානය කරන්නේ නම්, ඔබ ස්ථුල පුද්ගලයෙක් නම්, පවුලේ වෙනත් අයකුට වකුගඩු ආබාධයක් ඇත්නම්, ඔබ අධි රුධිර පීඩනයෙන් හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙයි නම්, වහා වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීම ඉතා වැදගත්. එහිදී ඉතා සරල මුත්‍රා පරීක්ෂණයකින් ඔබ දැනටමත් වකුගඩු රෝගයෙන් පෙළෙයිද? නැතිනම් වකුගඩු රෝගයකට ගොදුරුවීමේ අවදානමක් ඇත්ද? යන්න දැනගත හැකියි. එහිදී රෝගයට ගොදුරුවීමේ මූලික අවධානමක් ඇතැයි ඔප්පු වුවහොත් අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් වකුගඩු රෝගයට ගොදුරුවීමෙන් වැළකී සිටීමේ හැකියාව ලබෙනවා.

වකුගඩු රෝග, රුධිර කාන්දු කරණය සහ වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයෙන් කෙරෙන්නේ කුමන අන්දමේ සේවාවක්ද?

වකුගඩු ආශ්‍රිත රෝග සඳහා ඇති ලංකාවේ ප්‍රධානතම ජාතික මධ්‍යස්ථානය මෙයයි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින අයකුට මෙම මධ්‍යස්ථානයට පැමිණ වකුගඩු ආබාධ හඳුනාගැනීමට, රෝගාබාධ සඳහා උපදෙස් ලබාගැනීමට, අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට, රුධිරය කාන්දුකරණය සිදුකර ගැනීමට, අවශ්‍ය ශල්‍යකර්ම සිදු කරගැනීමට ද හැකියාව තිබෙනවා. එසේම වකුගඩු ආශ්‍රිතව සියලුම පර්යේෂණ ද මෙහිදී නොමිලයේ සිදු කරගත හැකියි. වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානය 349, ජයන්ත වීරසේකර මාවත මාලිගාවත්ත.

කොළඹ මාලිගාවත්තේ,
වකුගඩු රෝග රුධිර
කාන්දුකරණය සහ වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ
වකුගඩු ආශි‍්‍රත රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය
අනුර පි‍්‍රයන්ත හේවාගීගන

මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාටත් තිබේ නම් එය වකුගඩු ආසාදනයක්


දරුවන්ට වකුගඩු ආබාධ වැළඳීමේ ප්‍රවණතාවය ඉහළ යමින් පවතිනවා. එයට හේතුව කුමක්දැයි සොයා බැලීමට අප හා එක්වුණේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ආසිරි අබේගුණවර්ධන ළමයින්ට තිබෙන වකුගඩු රෝගවලින් නම් 75 % ක් පමණම උපතින්ම හැදෙන ඒවායි. මෙයට අමතරව උපතින් ටික කාලයකට පසු ළමයින්ට වැළඳෙන වකුගඩු රෝගත් තිබෙනවා.
උපතින් ටික කාලයක් ගත වන විට දරුවන්ට වකුගඩු රෝග වැළඳීමට විශේෂයෙන් බලපාන හේතු තිබෙනවා.

බොහෝ විට ළමයින්ගේ මුත්‍රා මාර්ගයේ ආසාදන තත්ත්වයන්, දරුවන්ගේ වකුගඩු හා ඒ ආශ්‍රිත රෝග ඇතිවීමට බලපානවා. සෙම්ගෙඩි මගින්ද ඇතැම්විට වකුගඩුවලට බලපෑම් එල්ල වෙනවා. මෙයට අමතරව කුඩා දරුවන් වැලි සෙල්ලම් කිරීමේ දී ඔවුන්ගේ අත් හා පාවල කැසීම් ඇතිවී තුවාල සිදු වෙනවා. එහිදී ශරීරයට ඇතුළු වන විෂබීජ විනාශ කිරීමට ශරීරය තුළින්ම සුදු රුධිරානු මගින් ප්‍රතිදේහ ප්‍රතිජන්‍ය ක්‍රියාවලියක් සිදු වෙනවා. මෙහිදී වකුගඩුවල මෘදු පටකවලට හානිවීමට ඉඩ තිබෙනවා.
දරුවන්ට ඇතිවන මුත්‍රා ආසාදන තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ඔවුන් හැකි තරම් පිරිසුදුව තබා ගැනීම වැදගත්. කිසිදු හේතුවක් පෙන්නුම් නොකර, මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවන වකුගඩු රෝගී තත්ත්වයක්ද (Nephroticsyndrome) දරුවන් අතර බහුලව පවතිනවා. උපතේ දී නිරෝගීව සිට පසුකාලීනව දරුවන්ට වැළදෙන වකුගඩු රෝග අතරින් වැඩිපුරම දක්නට ලැබෙන්නේ මේ රෝගි තත්ත්වයයි.
මේ තත්ත්වය පාලනය කිරීම සඳහා දීර්ඝ කාලයක් ඖෂධ ලබාදීමට සිදු වෙනවා. ඇතැම් අවස්ථාවල ප්‍රෝටීන් පිටවීම පාලනය කර ගැනීමට නොහැකි වී අවසානයේ වගුගඩු බද්ධ කිරීමට (Kidney transplant) පවා සිදු වෙනවා. උපතේදී වකුගඩුවේ පවතින Nephron  සංඛ්‍යාව වැඩිවියට පත්වීමත් සමග ක්‍රමයෙන් ක්ෂය වනවා මිස වැඩිවන්නේ නැහැ. මේ නිසා එම Nephronප්‍රමාණය උපතේ දී වැඩි ප්‍රමාණයක් තිබීම ඉතාම වැදගත්. වකුගඩු රෝගයකට ගොදුරු වීමේ වැඩි අවධානමක් වකුගඩු තැනුම් ඒකක අඩු අයට තිබෙනවා.

දැනට ජාත්‍යන්තර මට්ටමින් සිදු කර තිබෙන පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන්නේ ගැබිනි සමයේ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්නා මවුවරුන්ට උපදින දරුවන්ගේ වකුගඩු වල Nephron ප්‍රමාණය වැඩි බවයි. විටමින්  A අඩුවීමත් දරුවන්ට වකුගඩු රෝග වැළඳීමට හේතුවන බව තහවුරු වී තිබෙනවා. මේ වන විට ගැබිනි මව්වරුන්ට විටමින්  A ලබාදීම සිදු කෙරෙනවා. අඩු බර ඇතිව උපදින දරුවන්ගේත් වකුගඩුවල Nephronප්‍රමාණය අඩු බව පර්යේෂණ මගින් තහවුරු කරගෙනයි තිබෙන්නෙ. අඩු බර සහිතව උපදින දරුවන් වකුගඩු රෝගීන් වන බවට මවුවරු කිසිසේත්ම වැරැදි අවබෝධයක් ලබාගත යුතු නැහැ.
වකුගඩුවේ Nephron වැඩි ප්‍රමාණයක් තිබෙන විට වකුගඩු තැනුම් ඒකකයකට කළ යුතු වැඩ කොටස අඩුයි. අඩු ප්‍රමාණයක් තියෙන විට වැඩියෙන් මහන්සි වෙන්න වන නිසා වකුගඩු තැනුම් ඒකක විනාශවීමේ සම්භාවිතාව පවා වැඩියි. මේ කාරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර මවුවරුන් ගර්භණී සමයේ පමණක් නොව දරුවෙක් අපේක්ෂා කරන කාලයේ සිටම පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම ඉතා ම වැදගත් බව කිව යුතුයි.
දරුවෙකුට වකුගඩු රෝගයක් පවතින විට රෝග ලක්ෂණ මොනවාද ?
කෑම අරුචිය, නිතර උණ ගතිය, වමනය, අධිරුධිර පීඩනය, අත්පා ඉදිමීම මෙහි රෝග ලක්ෂණ කිහිපයක්.
බොහෝ විට වකුගඩු රෝගයක් හඳුනා ගැනීම සඳහා වන රෝග ලක්ෂණ පහළවන්නේ වකුගඩු බොහෝ දුරට නරක් වූ පසුව වීම මේ රෝගයේ භයානක තත්ත්වයක්. මෙයට හේතුව අපේ වකුගඩුවල ඇති Nephron ප්‍රමාණය ලක්ෂයක් පමණ දක්වා අඩු වන තුරු එහි ක්‍රියාකාරීත්වය සාමාන්‍ය ලෙස සිදුවීමයි. ලක්ෂයක් පමණ දක්වා Nephron අඩුවූ විට තිබෙන ඒවාට වැඩිපුර වැඩ කරන්න සිදුවන නිසා ඒවා තව තවත් ශීඝ්‍රයෙන් විනාශ වෙනවා. ඒ වන විට මතුවන රෝග ලක්ෂණ මගින් ප්‍රතිකාර ආරම්භ කළත් බොහෝ විට වකුගඩු බද්ධ කිරීමක් කළ යුතුයි.

ළමයින්ට වකුගඩු ආබාධ හැදෙන්නේ ඇයි?
දියුණු රටවලට වඩා දියුණු වෙමින් පවතින රටවල ළමා වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. ළමයින්ට වකුගඩු රෝග වැළෙඳන්නේ ඇයි? ඒ සඳහා කෙරෙන ප්‍රතිකාර මොනවාද? ඇතුළු ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය, ආසිරි අබේගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ළමයින්ට හැදෙන වකුගඩු (Kidney) රෝග හා වැඩිහිටියන්ට හැදෙන වකුගඩු රෝග අතර වෙනසක් තිබෙනවා ද?
වැඩිහිටියන්ට බොහෝවිට වකුගඩු රෝග වැළදෙන්නේ ඔවුන් දියවැඩියාව හෝ අධිරුධිර පීඩනය වැනි රෝගවලට ලක්ව, ඒවායින් නිවැරැදි ලෙස දීර්ඝ කාලයක් පාලනය නොවී සිටින විටයි. මෙයට අමතරව යම් යම් රෝග සඳහා ලබාදෙන ඖෂධ දිගුකලක් අඛණ්ඩව ගැනීමේ දී, වකුගඩුවලට හානි සිදුවීමට ඉඩ තිබෙනවා. කැස්ස, උණ, හෙම්බිරිස්සාව වැනි රෝග සඳහා ගන්නා ඖෂධවලින් මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ නැහැ.

හන්දිපත් වේදනාව සඳහා ගන්නා ඇතැම් ඖෂධ දිගුකලක් ගැනීමේ දී, වකුගඩු තුවාල වීමට පුළුවන්. වකුගඩු ආබාධ සඳහාම ගන්නා ඖෂධ වූවත්, වෛද්‍ය උපදෙස්වලින් තොරව දිගු කලක් ගැනීමේ දී වකුගඩු ආබාධ ඇතිවෙනවා. මෙයට අමතරව විස (Venum) ශරිරගත වීම්වල දී ද වකුගඩුවලට හානි සිදුවිය හැකියි. ළමයින්ට තිබෙන වකුගඩු රෝගවලින් නම් 75%ක් පමනම උපතින්ම හැදෙන ඒවායි. මෙයට අමතරව උපතින් ටික කාලයකට පසු ළමයින්ට වැළඳෙන වකුගඩු රෝගත් තිබෙනවා.

උපතින් ටික කාලයක් ගතවන විට දරුවන්ට වකුගඩු රෝග වැළඳීමට විශේෂයෙන් බලපාන හේතු තිබෙනවද?
බොහෝවිට ළමයින්ගේ මුත්‍රා මාර්ගයේ ආසාදන තත්ත්වයන්, දරුවන්ගේ වකුගඩු හා ඒ ආශි‍්‍රත රෝග ඇතිවීමට බලපානවා. සෙම්ගෙඩි මගින්ද ඇතැම්විට වකුගඩුවලට බලපෑම් එල්ලවෙනවා. මෙයට අමතරව කුඩා දරුවන් වැලි සෙල්ලම් කිරීමේ දී ඔවුන්ගේ අත් හා පාවල කැසීම් ඇතිවී, තුවාල සිදුවෙනවා. එහිදී ශරීරයට ඇතුළුවන විෂබීජ විනාශ කිරීමට ශරීරය තුළින්ම සුදු රුධිරානු මගින් ප්‍රතිදේහ – ප්‍රතිජන්‍ය ක්‍රියාවලියක් සිදුවෙනවා. මෙහිදී වකුගඩුවල මෘදු පටකවලට හානිවීමට ඉඩ තිබෙනවා.
දරුවන්ට ඇතිවන මුත්‍රා ආසාදන තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ඔවුන් හැකිතරම් පිරිසුදුව තබා ගැනීම වැදගත්. කිසිදු හේතුවක් පෙන්නුම් නොකර, මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවන වකුගඩු රෝගී තත්ත්වයක්ද (Nephrotic Syndrome) දරුවන් අතර බහුලව පවතිනවා. උපතේ දී නිරෝගීව සිට, පසුකාලීනව දරුවන්ට වැළෙඳන වකුගඩු රෝග අතරින් වැඩිපුරම දක්නට ලැබෙන්නේ මේ රෝගී තත්ත්වයයි.
මේ තත්ත්වය පාලනය කිරීම සඳහා දීර්ඝ කාලයක් ඖෂධ ලබාදීමට සිදුවෙනවා. ඇතැම් අවස්ථාවල ප්‍රෝටීන් පිටවීම පාලනය කර ගැනීමට නොහැකි වී, අවසානයේ වකුගඩු බද්ධ කිරීමට (Kidney transplant) පවා සිදු වෙනවා.

දරුවන්ට උපතින්ම වකුගඩු රෝග වැළෙඳන අවස්ථා තිබෙන බව ඔබ කිව්වා. එවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන විශේෂ හේතු තිබෙනව ද?
උපතේ දී වකුගඩුවේ පවතින Nephron සංඛ්‍යාව වැඩිවියට පත්වීමත් සමඟ ක්‍රමයෙන් ක්ෂය වනවා මිස වැඩිවන්නේ නැහැ. මේ නිසා එම Nephron ප්‍රමාණය උපතේ දී වැඩි ප්‍රමාණයක් තිබීම ඉතාම වැදගත්. වකුගඩු රෝගයකට ගොදුරු වීමේ වැඩි අවධානමක් වකුගඩු තැනුම් ඒකක අඩුඅයට තිබෙනවා. දැනට ජාත්‍යන්තර මට්ටමින් සිදුකර තිබෙන පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන්නේ, ගැබිනි සමයේ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්නා මවුවරුන්ට උපදින දරුවන්ගේ වකුගඩුවල Nephron ප්‍රමාණය වැඩි බවයි.
විටමින් A අඩුවීමත් දරුවන්ට වකුගඩු රෝග වැළඳීමට හේතුවන බව තහවුරු වී තිබෙනවා. මේ වනවිට ගැබිනි මව්වරුන්ට විටමින් A ලබාදීම සිදු කෙරෙනවා.
අඩුබර ඇතිව උපදින දරුවන්ගේත් වකුගඩුවල Nephron ප්‍රමාණය අඩුබව පර්යේෂණ මගින් තහවුරු කරගෙනයි තිබෙන්නෙ. අඩුබර සහිතව උපදින දරුවන් වකුගඩු රෝගීන් වන බවට මවුවරු කිසිසේත්ම වැරැදි අවබෝධයක් ලබාගත යුතු නැහැ. වකුගඩුවේ Nephron වැඩි ප්‍රමාණයක් තිබෙන විට, වකුගඩු තැනුම් ඒකකයකට කළ යුතු වැඩ කොටස අඩුයි. අඩු ප්‍රමාණයක් තියෙනවිට වැඩියෙන් මහන්සි වෙන්න වන නිසා, වකුගඩු තැනුම් ඒකක විනාශවීමේ සම්භාවිතාව පවා වැඩියි. මේ කාරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර, මවුවරුන් ගර්භණී සමයේ පමණක් නොව, දරුවෙක් අපේක්ෂා කරන කාලයේ සිටම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම ඉතා ම වැදගත් බව කිවයුතුයි.

දරුවෙකුට වකුගඩු රෝගයක් පවතින විට රෝග ලක්ෂණ මොනවාද?
වකුගඩු හා ඒ ආශි‍්‍රත රෝග කිහිප ආකාරයක් තිබෙනවා. උපදින විට වකුගඩුවල රෝගී තත්ත්වයක් ඇති දරුවන් වගේම, උපතින් ටික කාලයක දී එවැනි රෝගයකට ගොදුරු වන අයත්, කෙටි කාලයක් ප්‍රතිකාර කැර සුවවන වකුගඩු රෝගත් තිබෙනවා. ඒ වගේම, දීර්ඝ කාලයක් ප්‍රතිකාර කිරීමෙන් සමහර වකුගඩු රෝග සුවකර ගන්න පුළුවන්. කොපමණ ප්‍රතිකාර කළත් අවසානයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවන අවස්ථා තිබෙනවා. කෑම අරුචිය, නිතර උණ ගතිය, වමනය, අධිරුධිර පීඩනය, අත්පා ඉදිමීම මෙහි රෝග ලක්ෂණ කිහිපයක්.
බොහෝවිට වකුගඩු රෝගයක් හඳුනා ගැනීම සඳහා වන රෝග ලක්ෂණ පහළවන්නේ, වකුගඩු බොහෝදුරට නරක් වූ පසුව වීම මේ රෝගයේ භයානක තත්ත්වයක්. මෙයට හේතුව අපේ වකුගඩුවල ඇති Nephron ප්‍රමාණය ලක්ෂයක් පමණ දක්වා අඩුවන තුරු, එහි ක්‍රියාකාරීත්වය සාමාන්‍ය ලෙස සිදුවීමයි. ලක්ෂයක් පමණ දක්වා Nephron අඩුවූ විට, තිබෙන ඒවාට වැඩිපුර වැඩ කරන්න සිදුවන නිසා, ඒවා තව තවත් ශීඝ්‍රයෙන් විනාශ වෙනවා. ඒ වනවිට මතුවන රෝග ලක්ෂණ මගින් ප්‍රතිකාර ආරම්භ කළත්, බොහෝවිට වකුගඩු බද්ධ කිරීමක් කළ යුතුයි.

ඕනෑවට වඩා වතුර බීවොත් මුත්‍රාශයේ ගල් වතුර අඩු වුණත් ගල්

free counters