අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

දියවැඩියාව පාලනයට ඖෂධීය පානයක්‌



ඉන්සියුලින් ලබා ගත යුතු දරුණු දියවැඩියා රෝගී තත්ත්වයක්‌ පාලනය කළ හැකි සාර්ථක ඖෂධීය පානයක්‌ දේශීය අමුද්‍රව්‍යයන් යොදා ගෙන සකස්‌ කිරීමට ඉන්දියාවේ මුම්බායිහි පදිංචි වෛද්‍ය ටෝනි අල්මේදා හා වෛද්‍ය ශෂිකාන්ත් එස්‌. සෙත් යන වෛද්‍යවරු දෙපළ සමත්ව සිටිති.

පුළුල් වශයෙන් පරීක්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුව සාර්ථක ලෙස අත්හදා බලා ඇති මෙම ඖෂධීය පානය ස්‌වාභාවික දේශීය අමුද්‍රව්‍යයන් යොදාගෙන නිවසේදීම සකස්‌ කර ගත හැකි වීම නිසා එය කිසිසේත් සිරුරට හානිකර නොවන බව එම වෛද්‍යවරු කියා සිටිති. මෙම ඖෂධීය පානය සකස්‌ කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයන් වනුයේ 1. තිරිඟු ඇට ග්‍රෑම් 100, 2. ඇරැබික්‌ නමැති ගසෙහි අඩංගු ගම් විශේෂය ග්‍රෑම් 100 (මෙය වෙළෙඳසල්වලින් ලබාගත හැකිය.) 3. බාර්ලි ග්‍රෑම් 100, 4. කළුදුරු (කළුන්ජි) ග්‍රෑම් 100

එය සාදා ගන්නා අයුරු - ඉහත සඳහන් සියලු අමුද්‍රව්‍යයන් පිරිසිදු ජලය කෝප්ප පහක ප්‍රමාණයක්‌ අඩංගු භාජනයකට එකතු කර විනාඩි 10 ක්‌ පමණ ලිපෙහි තබා උතුරවා ගත යුතුය. පසුව ලිප ගිනි නිවා මිශ්‍රණය සිසිල් වීමට ඉඩ හැරිය යුතුය. සිසිල් වූ පසු මිශ්‍රණයෙහි අඩංගු ඇට වර්ග පෙරා ගත් ජලය වීදුරු බෝතල් හෝ බඳුනකට දමා භාවිතයට ගත යුතුය.

මෙම ඇට වර්ග පෙරාගත් ඖෂධීය පානය සතියක කාලයක්‌ දිනපතා උදෑසන නිරාහාරව සිට කෝප්පයක ප්‍රමාණයක්‌ බැගින් පානය කළයුතු අතර දෙවැනි සතිය තුළදී තෝරාගත් දිනවල පමණක්‌ උදෑසන නිරාහාරව ඉහත කී ප්‍රමාණයන් පානය කළ යුතුය. මෙම ප්‍රතිකාරය සති 2 ක කාලයක්‌ සිදු කිරීමෙන් පසු ආහාරගත නොහැකි රෝගීන්ට පවා සාමාන්‍ය ආහාර අනුභව කළ හැකි වන බව වෛද්‍ය අල්මේදා හා වෛද්‍ය සෙත් යන දෙපළ පවසති. මෙම දියවැඩියාව සඳහා වන ඖෂධීය ප්‍රතිකාරය සොයා ගැනීමට දායක වූ වෛද්‍ය ශෂිකාන්ත් සෙත් මෙම දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිsටී.

වෛද්‍ය සෙත්ට අනුව ඉන්සියුලින් දිනකට දෙවරක්‌ ලබා ගත් වයස අවුරුදු 60 ඉක්‌මවූ දියවැඩියා රෝගීන් මෙම දේශීය ඖෂධීය ප්‍රතිකාරය ලබා ගැනීමෙන් පසු දියවැඩියා රෝගී තත්ත්වය සාර්ථක අන්දමින් පාලනය කර ගෙන ඇති අතර සාමාන්‍ය ආහාර වේලක්‌ ගැනීමට පවා ඔවුනට හැකිවි තිබේ. මෙම ඖෂධීය ප්‍රතිකාරය පිළිබඳ වැඩි විස්‌තර 0777 - 114332 යන දුරකථන අංකය ඔස්‌සේ වෛද්‍ය සෙත් ඇමැතීමෙන් හෝ ඔහු නැවතී සිටින බම්බලපිටිය ගාලු පාරේ ප්‍රබර ගාඩ්න්ස්‌ හි පිහිටි සන්ෂයින් හෝටලයට පැමිණ වෛද්‍ය සෙත් මුණ ගැසීමෙන් ලබාගත හැකිය.

- ඒමන්ති
2013 ජුනි  08 සෙනසුරාදා දිවයින
free counters