අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

බටහිර වෛද්‍යවරුන් සුව කළ නොහැකි යැයි ඉවත දමන ලෙඩුන්ට පණ දෙන වෙද මහත්තයෙක්

  • බටහිර වෛද්‍යවරුන් සුව කළ නොහැකි යැයි ඉවත දමන ලෙඩුන්ට, විශේෂයෙන් මළවුන් අතර තටු ගසන, ජීවිත ඉල්ලා හඬන ලෙඩුන්ටත් සුවය දෙන අපූරු ජීවකයෙකු සොයා මම ඉකුත් දා සූරියවැව කිරිඉබ්බන් වැවට ගියෙමි.
  • කවුරුන් කෙසේ කීවත් මේ විස්මිත ජීවකයාගෙන් ප්‍රතිකාරලත් ලෙඩුන්ගෙන් යමක් අසනතුරු මට ඒ පිළිබඳව තීන්දුවක් නැති විය. එහෙත් කිරිඉබ්බන්ආරේ මේ වෙද වාට්ටුවට පැමිණෙන තුරු තිබුණු ඒ අවිනිශ්චිත හැඟීම මොහොතකින් පහව ගියේ ඒ වෙද වාට්ටුවේ ප්‍රතිකාර ලබන්නවුන් කියූ කතා නිසා ය.
  • සෙවණගල කිරිඉබ්බන්ආරේ පොළ ළඟ තම ජීවක වෙද මැදුර පවත්වාගෙන යන මේ වෙද මහතා නිහාල් බන්දුල වීරප්පෙරුමය‍. තෙලිජ්ජවිල පාරම්පරික වස විස වෙද ‍පරම්පරාවේ වර්තමාන පුරුක වන ඔහු මුලින් ම කළේ සර්ප විස වෙදකම ය. අනතුරුව හේ වස විස වෙදකමට ද අතිදක්ෂයෙකු විය. ග්‍රැමොක්ෂොන් වැනි විස ශරීරගතව අන්තිම තත්ත්පරයේදීත් මෙහි ගෙනා බොහෝ දෙ‍ෙනකුට ඔහු ජීවන ප්‍රාණය පිම්බේ ය.
  • මගේ වයස දැන් අවුරුදු 52 යි. අවුරුදු 17 දී මං වෙදකඅමට බැස්සෙ. ඇත්තටම මහත්තයෝ මං මගේ මේ අත් දෙකින් මැරෙන්න ගිය ලෙඩ්ඩු දහස් ගාණක් සුවපත් කරල තියෙනවා. ලංකාවේ ලොකු ලොකු අයගේ ඥාතීන්, හාමුදුරුවරු , පරිපාලන නිලධාරීන්, ආචාර්ය මහාචාර්යවරුන් ඒ අතරේ ඉන්නවා. නම් හෙළි කරන එක හරි නෑ‍. ඒත් මහත්මයාගේ විශ්වාසය තහවුරු කරන්ඩ ඒ අය මට ලියල දුන්න සමරු සටහන් තියෙනවා යැයි ඔහු කීවේ ය.
  • ඇත්තටම ඔහු ළඟ සුරැකිව ඇති මේ පොතේ රටේ ප්‍රකට කීර්තිධර මිනිසුන්ගේ සටහන් තිබේ. මම නැවතත් කතාවට එක්වීමි.
  • “වස විස වෙදකමේ ප්‍රධාන අංග දෙකක් තියෙනවා එකක් ස්ථාවර වෙදකම, අනෙක ජංගම විස වෙදකම. ස්ථාවර වෙදකමට ප්‍රතිකාර කරන්නෙ කොළවර්ග, අල වර්ග දීමෙන්. ජංගම විස වෙදකමට වෙනම ප්‍රතිකාර, ගෝනසු, පත්තෑ, රිලෑ, වඳුරු දිවි මකුළු ආදීන්ගෙන් වන සපා කෑම් ආදියට ඒ ප්‍රතිකාර දෙන්නේ.”
  • “මගේ බිරිය මල්ලිකා වීරප්පෙරුමත් දුව පියුමි වීරප්පෙරුමත් දැන් මේ වෙදකම මාත් එක්ක කරනව. සාමාන්‍යයෙන් එළ කටරොඩු මුල්, තෙල් ඕලු අල, රුක්අත්තන කිරි ආදිය යොදාගෙන ශාක සාර ‍ඖෂධ වලින් මං වස විසට ප්‍රතිකාර කරන්නේ. ඒවා දැන් කාලෙ හොයාගන්න අමාරුයි. ඒ සඳහා මාත් දුවත් බිරියත් බොහොම වෙහෙසෙනවා. මගේ වත්තෙ හැම තැනමත් බෙහෙත් ‍ඖෂධ ති‍යෙනවා.”
  • සර්පයින් අතරින් විස සහිත සර්පයින් කී දෙනෙක් ඇත්දැයි මම ඇසීමි. “හත් දෙනයි මහත්තයෝ. අනිත් හැමෝම අහිංසක සත්තු සත්වවේදීන්ගේ සංගමය මට සලකන්නෙ මේ හැම සතාම මරනවට මා විරුද්ධ නිසයි. ඒ හැම සතාගෙන් ම පරිසරයට යම් බඳු සේවයක් සිද්ධ වෙනවා. විස බලපවත්වන තත්ත්වය අනුව මේ සත්තු හත්දෙනා තෙල්කරවලා, නයා, තිත් පොළඟා, කුණ කටුවා, පලා පොළඟා, මාපිලා යනුවෙන් හඳුන්වන්න පුළුවන්. ඔහු තම යටගියාව සිහිපත් කරමින් තවත් බොහෝ දේ පැහැදිලි කළේ ය.
  • “අපි හරි පුංචි මිනිස්සු මහත්තයෝ. මාත් නෝනත් දරුවත් හිටියේ මෙතනම පුංචි පැලක. හිටපු ආයුර්වේද කොමසාරිස්තුමිය හා දේශීය වෛද්‍ය ඇමැති තිස්ස කරල්ලියැද්ද මැතිතුමන් මගේ දුක දැකල මේ ගේ දොරත් වෙද වාට්ටුවත් හදල දුන්නා. මුලින් මං හිටියේ විදුලි එළිය නැති පුංචි ගෙදරක.
  • මට මතකයි මං කරපු පළමුවෙනි සර්ප විස වෙදකම. ඊට ඉස්සෙල්ලා මගේ මුත්ත එක්ක රට පුරා සර්පයන් ප්‍රදර්ශනය කරමින් ප්‍රතිකාර කරමින් ගියත් කිරිඉබ්බන්ආරේදී මං මුලින් ම වෙදකම් කළේ නයෙක් ගහල ගෙනාපු වයස අවුරුදු 58 - 60 අම්ම කෙනෙකුට. සවස 7 ට වගේ ඇයව ගෙනාවෙ.
    wedm1
  • ආපු ගමන් ඒ කාන්තාව කෑ ගැහුව ඇයි මේ ගේ හැම තැනම මෙච්චර කළුවර. පහනක්වත් පත්තු කරල නෑනෙ ඇය කීවා ය. එහෙම මං ඒ ප්‍රකාශයෙන් ම දැන ගත්ත ඇයට විස ඇදිරිය ඇවිත් කියල. සර්පයෙකු කෑවිට ඉක්මනින් ප්‍රතිකාර ඕනෑ නැත්නම් විස ආතුරයා ඉක්මනින් විස ඇඳිරියට පත්වෙනව. ඒ වෙලාවේ ගෙදර කුප්පි ලාම්පු දැල්වෙමින් තිබුණේ මං ඇයට ඉක්මන් ප්‍රතිකාර කළා. ඇය ඉක්මනින් නැගිට්ටා. ඒ වෙදකමින් පස්සෙ තමයි මං කිරි ඉබ්බන්ආරේ ප්‍රසිද්ධ වුණේ.”
  • “ග්‍රැමොක්සෝන් බීල මිනිස්සු එන්න පටන් ගත්තෙ ඊට පස්සෙ. මේව බිව්වහම තොල්පට පුපුරල, කට වණ වෙලා මහ විපත්තියක් වෙනවා. ඒකට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි. යම් කෙනෙක් ඕනෑම වල් නාශකයක් ‍බිව්වොත් මා කියන්නේ පොළොවේ තියෙන පිරිසිදු හුඹස්මැටි දියකරල පොවන්නයි. ඒක ප්‍රථමාධාරයක් හැටියට ඉතාම හොඳයි.
  • එක්වතාවක් මා ළඟට ගෙනාවා මාතර ඉදන් අවුරුදු දෙකක පුංචි පැටියෙක්. ග්‍රැමොක්සෝන් බෝතලයේ දියර පුංචි රෙදි කඩකට අරන් කිසියම් වැඩිහිටියෙක් ඒක ගේ ඇතුළේ විසිකරල.
  • මේ පුංචි දුව ඒ රෙදි කඩ කටේ ඔබාගෙන. මං ළඟට ගේනකොට තොල් කට පුපුරල කටින් දුගඳ හමනවා. දුගඳ නිසා වාට්ටුවේ තියාගෙන ප්‍රතිකාර කරන්න. බැරි උණා. අනිත් ලෙඩුන්ට කරදර නිසා මාත් නෝනත් ඇයව අපේ නිවසේ වහලයේ තියාගෙන ප්‍රතිකාර කළා. දරුවා සනීප වෙලා දැන් පාසල් යනවා. ඉදහිට මාව බලන්නත් එනවා. එක දවසක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමා අශෝක මාලිමගේ මහත්තයා මට දුරකථනයෙන් කතා කළා.”
  • “රටේ වැදගත් පුද්ගලයෙක් ඉන්නව දැන් දවස් පහක් රෝහලේ වල් නාශකයක් බීල තව එයාට තියෙන්නෙ පැය 33 යිලු? හොඳ කරන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. මං කිව්ව ලෙඩාව ගේන්න කියල. ඊළඟට ඇහුව චොපර් එකෙන් ‍එවන්නම් චොපර් එක බාන්න තැනක් තියෙනවද කියලා.
  • මට මතක් ‍උණේ නෑ එක පාරටම පාසල් පිට්ටනිය මං එහෙම තැනක් නෑ කිව්වා. ඊළඟට එදා රාත්‍රියේ ඇම්බියුලන්ස් දෙකක් තවත් වාහන කිහිපයක් අපේ ගේ ඉස්සරහ නැවැත්තුවා. ගිලන් රථ දෙකක් ගෙනැවිත් තියෙන්නේ එකක් කැඩුණොත් අනෙකෙ ලෙඩා ගේන්නයි. ඒ මහත්තයා එතුමා ළඟට ගේන කොට බටහිර ලොකු නමක් ඇති වෛද්‍යවරයෙක් සහතික කරලා තියෙනව මේ ලෙඩා පැය තිස් තුනකින් මැරෙනව කියලා. ඒත් මං එතුමාව දවස් දෙක තුනකින් සුව කළා.”
  • ඔහු කියන දෙය සනාථ කිරීමට මට සාක්ෂිද පෙන්වයි. රෝගියා ලියන ලද කවි පන්තියක් සමරු සටහනක් පෙන්වූ වෙද මහතා ඔහු පැමිණි වෙලාව, ඇඳ ඉහපත අංකය පවා මට තහවුරු කළේ ය.
  • මහත්තයෝ මේකත් ලියන්න.
  • ග්‍රැමොක්සෝන් වගේ වහ බිව්වම පොල් කිරි පොවන්න එපා. ඒක නරකයි. පිරිසිදු හුඹස් මැටි වතුරෙන් දියකරල පොවන්න. ඒක හොඳ ප්‍රථමාධාරයක්. ඉස්පිරිතාලෙට ගියහමත් මේවගේ ලෙඩුන්ට දෙන්නේ පස් වර්ගයකින් හදන බෙහෙතක්. ඊළඟට චාකෝල් කියල බෙහෙත්. ඒක ගල් අඟුරු. මං දෙන්නෙත් මුලින් ම හුඹස් මැටි. ඊළඟට ගැම්බ අඟුරු.
  • වෙද මහතාගේ කතාව කුතුහලයෙන් අසන අපට වෙද වාට්ටුවේ ප්‍රතිකාර ලැබ බොහෝ සුව ලබා සිටින ලෙඩුන්ගෙන් ද යමක් විමසීමට සිත් විය. අගුණකොළ පැල්ස්සේ ලෙඩකු සමඟ පැමිණ සිටි ඇස්.පී. සියදෝරිස් (82) මහතා අප සමඟ මෙසේ කීය.
  • “මං මේ අලුත් ලෙඩෙක් එක්ක ආව ගමන්. මේ වෙද මහත්තයව මං අඳු‍රන්නේ බොහොම කල් ඉඳල. ඒ බෙහෙත් ගන්නට ඇවිල්ලයි. කාලෙකට ඉස්සරදී මගෙ හාමිනේගෙ අත් කුණුවෙන රෝගයක් තිබුණා. ලෙඩේ හැදුනම මස් දියවෙලා ඇඟිලි කරුවලින් ඕජස් ගලනවා.
  • ඔය ලොකු ලොකු ඉස්පිරිතාලෙ ගානෙ ගියාට හරි ගියේ නෑ. අතේ මිල මුදල් නාස්ති වුණා. අපේ හාමිනේගේ වාසනාවට වෙද මහත්තයා ගැන ආරංචිය ලැබුණා. පිළිගන්න මහත්තයෝ ප්‍රතිකාර ගත්තෙ එකම වතාවයි.
  • දැන් අත්දෙක කලින් තිබුණට වඩා හොඳින් තියෙනවා. ඇය මුල් කාලෙ වගේ ම හොඳට වැ‍ඩ කරනවා. පොල් කටුවලට වෙද මහත්මයා ලබාදුන් තෙල වක්කරලා අත් දෙකට දුම් අල්ලන්න කියලා විතරයි කීවේ. මගේ මේ කෙස් පැහුණ වයසෙදිවත් මේ වගේ වෙද මහත්තයෙක් ගැන අහල නෑ. අද එක්ක ආවේ මගේ මේ ඥාතිවරියක්. ඇගේ කට වණවන රෝගයක් තියෙනවා. ඒකට ප්‍රතිකාර ගන්න.”
  • මේ අතර මට තවත් සුවිශේෂී දෙයක් මතක් විය.‍ ඒ වල් නාශක නිපදවන ඇතැම් සමාගම් කළමනාකාරවරුන් මේ වෙද මහතා හමුවී අමුතු ඉල්ලීම් කිරීම ය. එක්තරා වල්නාශක හා පොහොර නිපදවන සමාගමක කළමනාකාර මහතෙකු වෙද මහතා හමුවී අපි ඔබතුමාට සලකන්නම්. අපට මේ වල්නාශක වලින් වන හානිය වළක්වන බෙහෙත් වට්ටෝරුව දෙන්න. අපි ඒකෙන් ඉන්ජෙක්ෂන් එකක් නිපදවල මේවාත් එක්කම වෙළෙඳපළට නිකුත් කරන්නම්” කීවේ ය.
    wesm2
  • වෙද මහතා එයට එකඟ වූයේ නැත. ස්නායු ආබාධවලින් පෙළෙන්නන්ට ද වෙද මහතා ළඟ විස්මිත ප්‍රතිකාර තිබේ. තිස්සමහාරාමයේ ඩබ්ලිව්.ඒ. ලිචිනි නම් කාන්තාව මට මෙසේ කීවා ය.
  • “මගේ මහත්තය පී.එච්. කරුණාතිලක. එයාගෙ මොළය සම්බන්ධ වන ස්නායු පද්ධතියේ ලොකු අමාරුවක් ආවා. ඇඟ පත සමබරව තියාගෙන පොළවට පය ගහලා ඉන්නවත් බැරි වුණා.
  • අපි පෞද්ගලික සුපිරි රෝහල්වලට ගියත් වැඩක් වුණේ නෑ. මෙතුමා ළඟ තියෙන්නේ අපේ ම වෙදකමක්. මෙහෙට ඇවිල්ලා මාසයයි. දැන් මහත්තයා තනියම ඇවිදිනවා. සෑහෙන සනීපයක් තියෙනවා. ඇත්තටම මේ වගේ වෙද මහත්තුරුන්ට රජයෙන් පහසුකම් ලැබෙන්න ඕනෑ. එහෙම උණොත් තවත් විශාල සේවයක් සිදුවෙයි.‍
  • පොලොන්නරුවේ හිඟුරක්ගොඩ සිට පැමිණි ආර්. ඇම්.සී. රණවීර පනස් තුන් හැවිරිදි ගොවි මහතෙකි. ඔහු මට කී විස්තරය මෙසේ ය. එහි සාරය ලියමි.
  • “මම දන්නෙ නෑ මහත්තයෝ මට වගේ කරුම ලෙඩක් හැදුණ මිනිහෙක් තවත් ලෝකෙ ඉන්නවද කියල. මං හොඳට කැත්තෙ උදැල්ලෙ වැඩ කරපු කෙනෙක්. හිටි ගමන් මගෙ කකුල් අතපය නිකන් හිරියක් වගේ කොරවෙන්න ගත්ත. මුලින් මම මේක හිරි වාතෙ වෙන්නැති කියල ගණන් ගත්තෙ නෑ.
  • එතකොට මට වයස අවුරුදු හතළිස් අටක්. අත්පා කොරවෙන ගතිය දිගින් දිගටම වැඩිවෙන්න ගන්න කොට මට බය හිතුණා. මං රජයේ රෝහල් වලට ගියහම එම්.ආර්.අයි පරීක්ෂණය කරන්න ඕනි කිව්වා. පේරාදෙණිය, මහනුවර රෝහල්වල මං බොහෝ කාලයක් නතර වෙලා උන්නා. ඔය කියන මොනම පරීක්ෂණයකින්වත් මගේ ලෙඩේ අහු වුණේ නෑ. අන්තිමට මං මේ වෙද වාට්ටුව ගැන ආරංචි වෙලා මෙහෙ ආවා. මහත්තයෝ මට දැන් හොඳට ඇඟිලි අතපය නවන්න පුළුවන්.
  • ඔහු තම ඇඟිලි අතපය නවා පෙන්වයි. ඉන් මහ උද්දාමයක් ලබයි. ස්නායු වෙද කමට ද වස විස වෙද කමට ද සුවිශේෂ දස්කම් දක්වන මිය යමින් තිබෙන ශරීර කූඩුවලටත් පණ දෙන මේ විස්මිත වෙද මහතා කිසියම් අපූරු දස්කමක් දක්වතැයි මට ද සිතෙයි. මහ ඉසිවරුවන් වැනි වෙද දුරුන් රටට හඳුන්වාදීම ද මහත් පින් කටයුත්තකැයි මටද සිතිණි.
  • උපාලි සමරසිං
free counters