අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

මදුරුවන් පලවා හරින්න ශාකසාර ඖෂධයක්‌ හදයි

කෑගල්ල වෛද්‍යවරයෙක්‌ මදුරුවන් පලවා හරින්න ශාකසාර ඖෂධයක්‌ හදයි

- වෛද්‍ය රොහාන් බැසිල් නිශ්ශංක මහතා


"ග්‍රීන්ලීප්" සෞඛ්‍ය ආරක්‌ෂිත දුම්වැටිය නිපද වූ වෛද්‍යවරයාගෙන් මදුරුවන් පළවාහැරීම සඳහා ග්‍රීන් ගාඩ් නමින් දේශීය ඖෂධ ශාක පත්‍ර හා ශාක මැලියම් ආසවනයෙන් ලබාගත් ස්‌ප්‍රීතු මගින් විෂ රහිත නිෂ්පාදනයක්‌ නිපදවා ඇත. 

දැනට නොමිලයේ බෙදාහරින ලද මෙම ලේපය දේශීය හා විදේශීය අපනයන වෙළෙඳපොළ හා බෙදාහැරීමට කටයුතු යොදා ඇත. මෙම ආලේපන වේපරයිසරයක්‌ මගින්ද ටියුබ් මගින්ද ලබාගත හැක.


ලෝකවාසී ජනතාවට හිරිහැරයක්‌ මෙන්ම නොයෙකුත් පීඩාවන්ට ලක්‌ කරමින් ඇති කරන ලෙඩ රෝගවලින් ජනතාව ආරක්‌ෂා කිරීමට මෙම ලේපය තුළ විශේෂ හැකියාවක්‌ තිබෙන බව එම වෛද්‍යවරයා පැවසීය. මෙම ආලේපය ශරීරයේ නිරාවරණය වූ ස්‌ථානවල තැනින් තැන ආලේප කර අතුල්ලා දැමීමෙන්ද මදුරු උවදුරින් පැය අටක පමණ කාලයක්‌ ආරක්‍ෂා වීමට හැකියාවක්‌ ඇත.

මෙයට පෙර ශාක පත්‍රවලින් ආරක්‌ෂිත දුම්වැටියක්‌ නිෂ්පාදනය කර පේටන් බලපත්‍රලාභී කෑගල්ලේ වෛද්‍ය රොහාන් බැසිල් නිශ්ශංක මහතා මෙම ලේපය නිපදවා තිබේ. 

මෙම වෛද්‍යවරයා විසින් මදුරුවන් පළවාහරින මෙම ආලේපය කෑගල්ල ප්‍රදේශයේ බොහෝ දෙනකු අතර සමාජ සත්කාරයක්‌ ලෙස නොමිලයේ බෙදාහැරි අතර එය සාර්ථකව මදුරුවන් පළවා හරින බවට ඔවුන්ගේ අදහසයි. 

තවද වෙළෙඳපොළේ දැනට අලෙවි වන බොහෝ මදුරුවන් පළවාහරින නිෂ්පාදන නිවසේ හෝ ගෘහයක්‌ තුළ පමණකි යොදාගත හැක්‌කේ. නමුත් මෙම ආලේපය පරිසරයේදී පාසල් තුළ හා එලිමහනේ භාවිත කළ හැක.

මෙම ආලේපනය විදේශ රටවල ප්‍රචලිත කිරීමෙන් අප රටට විදේශ විනිමය සොයා ගැනීමට හැකිවන බවද පවසන නිශ්ශංක මහතා මෙම මදුරුවන් පළවාහැරීමේ නිෂ්පාදනයක්‌ ලෙස විශාල ලෙස නිෂ්පාදනය කර පාසල් සිසුන් ඩෙංගු උවදුරින් මුදවා ගැනීම සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත වැඩ පිළිවෙළකට යැමටද බලාපොරොත්තු වේ. 

මෙම නිෂ්පාදන සඳහා කොළඹ කාර්මික තාක්‌ෂණ ආයතනයේ පර්යේෂණ සහතිකය ලබා ඇති අතර නිෂ්පාදනය සඳහා වන පේටන්ට්‌ බලපත්‍රය ලබා ගැනීමටද රොහාන් නිශ්ශංක මහතා පියවර ගෙන ඇත.



කෑගල්ල - එම්. බී. පහළවත්ත
2013 ජුලි 03 බදාදා දිවයින
free counters