අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි



මහාචාර්ය අනුල් පෙරේරා යනු මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා ඉංජිනේරු පීඨයේ  රසායන විද්‍යා මහාචාර්ය වරයෙකි.


මහාචාර්ය අනුල් පෙරේරාගේ  දුරකථන අංකය - 0777717895





භගන්දර (Fistula) රෝගය
මතුවීමට බලපාන හේතු

ආයුර්වේද සංහිතා ග්‍රන්ථයන්හි දැක්‌වෙන පරිදි ලිංග, ගුද හා වස්‌ති යන ප්‍රදේශයන්හි පැලීම හෙවත් ඉරීම සිදුකරන හෙයින් භගන්දර නම් මෙය නවීනයන් දක්‌වන Fistula in Ano නමැති රෝගයට සමානය.

ආයුර්වේද මතානුකූල පරිස්‍රාවී, ශතපොනක, උෂ්ටශිරොධර (උෂ්ට්‍රගී්‍රව) ශම්බුකාවර්ත, උන්මාර්ග සහ අර්ශො භගන්දර යනුවෙන් භගන්දර ප්‍රභේද කීපයකි.

* පරිස්‍රාවී වර්ගය - කඵ කෝපතාව නිසා හටගන්නා පරිස්‍රාවී වර්ගයේදී ශ්‍රාවයන් අධිකය.

* ශතපොනක වර්ගය - වාත කෝපතාව නිසා හටගන්නා ශතපොනක වර්ගයේදී පෙනේරයක මෙන් මුඛ රාශියකින් යුක්‌තය. මෙය නවීනයන් දක්‌වන watering can වර්ගයට සමානය.

* උෂ්ට්‍රගී්‍රව වර්ගය - භගන්ද ඔටු ගෙලක ආකාරය උසුලයි. මෙය නවීනයන් දක්‌වන ඉහළ ගුදයෙන් ආරම්භ වන Hසටය - aබ්ක වර්ගයට සමානය.

* ශම්බුකාවර්ත වර්ගය - දිය සලාවන් බඳු විශාල කුහරයක්‌ පවතී. 

* උන්මාර්ගී වර්ගය - අභිඝාතජ හේතු නිසා හටගන්නා ඔඩු දුවන ලද වර්ගයයි.

* අර්ශො භගන්දර වර්ගය - අර්ශස්‌ අංකුර ආශ්‍රිතව හටගන්නා වර්ගයයි.

නවීන මත අනුව භගන්දර වර්ග කීපයකි. හම යට පිහිටි Muco Cutaneous වර්ගය මාංශ පේශීන් අතර පිහිටි Inter muscular වර්ගයය. ගුද මාර්ගයට අභ්‍යන්තර විවරයක්‌ නැති බාහිර අන්ධ ඊBlind external බාහිර විවරයක්‌ නැති Blind internal වර්ගය, තට්‌ටම් දෙක අතර පිහිටි අශ්ව කුහරයක්‌ බඳු Horse - Shoe වර්ගය, ශ්ලේශ්මල යට පිහිටි Sub mucous වර්ගය, ගුදයේ පහළින් Low anal සහ ගුදය සහ ගුද මාර්ගය අතර පිහිටි Ano rectal වර්ගයයි. ගුද මාර්ගය අනෙක්‌ ඉන්ද්‍රියයන් සමග සම්බන්ධ කරමින් භගන්දර ඇතිවිය හැක. ගුදය යෝනි මාර්ගය සමග සම්බන්ධ විට Recto - Urethral නමින්ද, මුත්‍රාශය සමග සම්බන්ධ වීම Recto - vesical නමින් ද වේ.

භගන්දර රෝගයේ දී ගුද මාර්ගයෙන් අඟල් දෙකක්‌ ඇතුළත සැරවා නික්‌මෙන ගැටයක්‌ වැනි තුවාලයක්‌ පවතී. රෝගියා එයින් අපහසුතාවට පත් වුවද හැම විටම වේදනාව නොපවතී. ඇතැම් විට බාහිර විවරයෙන් මළ නික්‌මේ.

තට්‌ටම් ප්‍රදේශයේ භගන්දරයේ බාහිර විවර කිහිපයක්‌ ඇති විට වෙනත් රෝගයක්‌ ඇත්දැයි පරීක්‌ෂා කර බැලිය යුතුය. ක්‍ෂය රෝගය නිසා ගුදය ඉදිමීම, කුඩා අන්ත්‍රයේ ප්‍රදාහ (Regional ileitis) මහාන්ත්‍රයේ ව්‍රණ සහිත ප්‍රදාහ (Ulcerative colitis) ගුද මාර්ගය පටුවීම (Stricture of rectum) හා පිළිකා මින් කීපයකි.

භගන්දරයේ බාහිර විවරය වටා පටක ඝනවීමක්‌ නොමැතිව වටේ හම විවර වී විවරයෙන් වතුර වැනි ශ්‍රාවයක්‌ නික්‌මේ නම් ක්‍ෂය රෝග ආසාදනයකි. බාහිර විවරය වටා ඝනවීම අධිකව පැතිර ඇති නම් විවරයෙන් ලේ මිශ්‍ර ශ්‍රාවය පිටවේ නම් එය පිළිකාවක්‌ වීමට හැකිය.

භගන්දර රෝගය වළක්‌වා ගැනීමට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේ භගන්දර පිඩකාව පිපිරීමට පෙර කළ යුතුය. දෙවැනි පියවර ලෙස ව්‍රණ චිකිත්සාව කළ යුතුය.

සාමාන්‍ය ප්‍රතිකාර යටතේ අපතර්පන, අභ්‍යංග, ස්‌වේදන, විස්‍රාවන, ස්‌නේහන, ශෝදන ස්‌ථානිකව ආලේප, පරිශේක, විම්ලාපන, උපනාහ යොදයි.

මෙම භගන්දර රෝගයට හිතකර (පථ්‍ය) දැ ලෙස රතු හාල් බත් කර කරන ලද පාන්

සාරණ, ගොටුකොළ වැනි පළා වර්ග
ඇඹරැල්ලා කෙසෙල්, බෙලි, නෙල්ලි වැනි පලතුරු වර්ග
අහිතකර (අපථ්‍ය) දැ ලෙස කුරක්‌කන් උඳු මද්‍ය පානය
මළ මුත්‍ර වේග දැරීම
අධික කෝපය
අධික ව්‍යායාමය
භේෂජ චිකිත්සාව :-  භගන්දර පිඩකාව පිපිරී යැම වැළැක්‌වීම සඳහා, වට පත්‍ර, ගඩොල් කුඩු, වියළි ඉඟුරු, රසකිඳ, සාරණ මුල් යන මේවායේ සියුම් චූර්ණය ආලේපනයක්‌ වශයෙන් භාවිත කරයි.
හරිද්‍රdදී ලේපය පරා ශල්‍ය ප්‍රතිකාර :- අග්නි කර්මය:- මෙමගින් රුධිර ගැලීම පාලනය හා රුධිර කැටි ගැසීම, රුධිර නාල සංකෝචනය වේ.

රක්‌තමෝක්‍ෂණය - භගන්දර පිඩකාව පුපුරා භගන්දර රෝගය ඇති වීමට පෙර රක්‌තය විස්‍රාවනය කිරීම මෙමගින් සිදු කරයි.

ක්‍ෂාර කර්ම - මෙමගින් නරක්‌ වී ඇති පටක ඉවත් කර අලුත් පටක ඇති කරයි. මේ සඳහා ක්‍ෂාර සූත්‍ර, ක්‍ෂාර වර්ති, ක්‍ෂාර පිචු භාවිත කරයි.

මෙයට අමතරව ත්‍රිඵලා ගුග්ගුලුව, විඩංගාදී ලෞහ, ශුණ්‌ඩී යෝග

මහා නාරායන තෛලය

භගන්දරාරී රස, ජාත්‍යාදී ලේපය 

ඛදිරාදී ක්‌වාථය

සාමවිනිසුරු, වෛද්‍ය. 
ආයුර්වේද විශාරද පණ්‌ඩිත
පී. එච්. හේමසිරි
ගම්පහ බෙහෙත් ශාලාව
අකුරැස්‌ස පාර, කඹුරුපිටිය.
ලි.ප. අංක 6425
ටෙලි: 041-2292228 නිවස: 041-2292508
free counters