අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

ළය විරේකයෙන් රෝ දුක්‌ නසන සිංහල වෙදකම

එදින සමදු වෙදැදුරුගෙන් ප්‍රතිකාර ගැනීමට ඈත ප්‍රදේශයකින් පැමිණි තරුණ රූමත් කාන්තාවක්‌ එක්‌වරම හඬා වැටෙන්නට පටන් ගත්තාය. විකෘති වී ගිය මනසකන් හා වැහැරී ගිය ශරීරයකින් හෙබි මෙම කාන්තාව තරුණ වුවත් පෙනුමෙන් හැට පැනපු අයකුගේ ස්‌වභාවය දිස්‌විය. ඒ වන විටත් ප්‍රතිකාර ගැනීමට පැමිණි බොහෝ අයගේ අනුකම්පාව ඇය කෙරෙහි යොමුවෙද්දී පෝලිමේ සිටි පිරිස ඇයට වෙදැදුරු හමුවීමට ඉඩ දුන්නේ තවත් ප්‍රමාද කරවීම ෙ€දවාචකයකට මඟ පාදන්නක්‌ වූ හෙයිනි.

වෙදැදුරු ඉදිරියේ අසුන්ගත් මේ තරුණ සුරූපී කාන්තාව රෝග තත්ත්වයන් කියන්නටත් පෙර නැවත හඬා වැටුණාය. ඉන් බොහෝ දේ වටහා ගත් වෙදැදුරු සන්සුන් වෙන්න යෑයි පවසමින් කරුණාබරිත විය.

"අත දික්‌කරල අල්ල උඩු අතට තියාගන්න"

ඉන් පසු ඖෂධයක්‌ අල්ලට වත් කළ වෙදැදුරු ඊටම තවත් ඖෂධයක්‌ එක්‌ කරනවාත් සමඟ සිරි සිරි හඬින් පෙන දමන්නට පටන් ගත්තේය.

"කලබල වෙන්න එපා. දුක්‌වෙන්නත් එපා. අපි ප්‍රතිකාරයක්‌ කරල බලමු. ඊට කලින් කියන්න මම කියන රෝග ලක්‍ෂණ ඔබට තියෙනවද කියලා."

"හැම තිස්‌සෙම බඩේ වේදනාවක්‌ එක්‌ක දැවිල්ලක්‌ තියෙනවා."

"හරි"

"කෑම අරුචියක්‌ තියෙනවා."

"ඔව්"

"අපහසුවෙන් හරි කෑම ගත්තම ඔක්‌කාරයට ඇවිත් වමනය දමන්න හදනවා."

"ඔව්"

"නිදිමත ගතියකුත් සමහර වෙලාවට එනවා. ඒ එක්‌කම ඇඟට පණ නැති ගතියකුත් දැනෙනවා."

"හරි"

"සමහර වෙලාවට ඔළුව විකාර වෙලා ගෙදරින් පිටවෙලා යන්නත් හිතෙනවා."

වෙදැදුරුගේ ප්‍රශ්න හමුවේ කාන්තාව යළිත් හඬන්නට පටන් ගත්තේ මේ කියන සියල්ලම තමා අපහසුවට පත් කරනවා නොවේදැයි සිතමිනි.

මේ රෝගී තත්ත්වයට හේතු මම තව ටිකකින් පෙන්නන්නම්. එතකම් මේ ටික බීලම ඉන්නකෝ යි කියමින් වෙදැදුරු ඇයට ඖෂධ මිශ්‍ර කිරි භාජනයක්‌ දුන්නේය.

පැය භාගයක්‌ පමණ එම කාන්තාව වමනය කරනවා ඇසිනි. මින් කලබලයට පත් ඇයගේ ඥාතීන් බිය වෙද්දී වෙදැදුරු සිsනහ මුසු මුහුණින්ය.

"බය වෙන්න එපා ඔහේ දාපුවාවේ."

වෙදැදුරු කෙසේ කීවත් ඥාතීන්ට නම් දැඩි බියක්‌ දැනුනේ එම කාන්තාව වමනය කරන ස්‌වභාවය දැකීමෙනි.

"අනේ වෙද මහත්තයෝ දැන්නම් කෙල්ලට හොඳටම අමාරුවෙන් තමයි වමනය කරන්නේ. ලේත් යනවද මන්දා"

"නෑ...... නෑ...... එහෙම වෙන්නෙ නෑ. කෝකටත් මම ළඟÊඉන්නවනේ. මොකටද බය වෙන්නෙ."

වෙදැදුරු තවත් රෝගියකුට ප්‍රතිකාර කරන ගමන් ම කීවේ කිසිවක්‌ ගණනකට නොගෙනය.

"තවත් විනාඩි කිහිපයකින් රෝගියාගේ ඥාතියකු හදිසියේම දිව ආවේය."

"වෙද මහත්තයො මොකක්‌ද ගුලියක්‌ කෙල්ලගෙ බඩේ තිබිල වැටුණා" ඒ එක්‌කම කලන්තෙ වගේ වැටෙන්නත් ගියා.

"කලබල වෙන්නෙ නැතිව ඔහොම වත්තන් කරගෙන ඉන්න මම එනකම්."

වෙදැදුරු ඒ වන විටත් සියල්ල අවබෝධ කර ගෙන තිබූ බවක්‌ සිනහවෙන් පෙන්නුම් කර තිබිණි.

"බලන්න මේ සෙම ගුලියත් එක්‌ක මතුවෙලා තියෙන කෙස්‌ ගස්‌ ටික. මේක තමයි මේ ළමයගෙ බඩේ මෙච්චර කලක්‌ හොල්මන් කර කර ඉඳල ලෙඩ කෙරෙව්වේ. මේක විෂක්‌. දැන් කිසි දේකට බයවෙන්න එපා. ශරීරයෙ තියෙන රෝග සියල්ල අදින් පස්‌සෙ අවසන් කියල හිතාගන්න එක හොඳයි."

කාන්තාවගේ ඥාතීන්ට සියල්ල පැහැදිලි කර ඖෂධ නියම කරද්දී සියල්ලෝම එකිනෙකාගේ මුහුණ බලා ගන්නට පටන් ගත්තේය.

වෙදැදුරු මේ සියල්ල නිවැරැදිව කීවේ නාඩි පරීක්‍ෂාවකින් සහ අල්ලට ඖෂධයක්‌ වත්කර ඊට තවත් සංයෝගයක්‌ එකතු කිරීමෙන් ලැබූ රෝග විනිශ්චයකින් පසුවය.

කැප්පිටිගල පාරේÊපානගමුව පාරම්පරික ආයුර්වේද බෙහෙත් ශාලාවට ගිය මට දැක ගන්නට ලැබුණේ එකිනෙකා පසු පස්‌සේ පැමිණෙන රෝගීන් පිරිසකි. මේ අය අතුරෙන් සමහරකුගේ අල්ලට ඖෂධයක්‌ දමා ඊට ද තවත් සංයෝගයක්‌ එකතු කරමින් කරන රෝග විස්‌තරය තවත් විටෙක පුදුම සහගතය. ඉන් පසු වෙනත් ඖෂධයක්‌ නියම කරමින් ලය විරේකයක්‌ කිරීමට සලස්‌වා නැවත ප්‍රතිකාර කිරීම මෙම වෛද්‍යවරයාගේ විශේෂත්වයකි.

වසර දෙසීයකට වඩා ඈත ඉතිහාසයක්‌ තිබෙන පානගමුව වෙද පරම්පරාවෙන් හෙළ වෙදකම ඉගෙන ගත් මේ වෙදැදුqරු ඇම්. අබ්දුල් සමදු නමැති මුස්‌ලිම් ජාතිකයෙකි. එහෙත් ඔහුට ප්‍රතිකාර කිරීමට ජාති භේද, ආගම් භේද. කුල භේද කිසිවක්‌ නැත. ඔහු හමුවීමට පැමිණෙන රෝගීන් ද විශේෂයක්‌ නැත.

වාත රෝග, පොතු කබර, සුදු කබර, පක්‍ෂගාත, පීනස, හතිය, ආහාර පාන විෂ වීමෙන්, කැවීමෙන් ඇතිවිය හැකි සුව නොවන සියලු බඩේ අමාරු හා ශරීරයේ පිත සෙම අධික වීමෙන් ඇතිවන බඩේදැවිල්ල, බඩ පුරවා දැමීම, කෑම අරුචිය, අජීර්ණය, දද, කුෂ්ඨ ශරීරයේ බිබිලි මතුවීම, කැසිල්ල, හන්දිපත් වේදනාව, ශරීරය දුර්වල වීම ආදී රෝග රැසකට සුවය ලබා දෙන්නේ හෙළ වෙදකමෙනි.

මීට අමතරව සියලු කාන්තා රෝග වලටද ප්‍රතිකාර කරන මෙම වෙදැදුරු දරුඵල අහිමි කාන්තාවන්ට ද මාස කිහිපයක්‌ තුළ දරු සම්පත් ලබාදීමට ප්‍රතිකාර කරන්නේය.

මෙම රෝග අතුරින් වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කරනු ලබන්නේ ලය විරේක කිරීමෙන් පසුවය. බොහෝ වේලාවක්‌ රෝගීන්ට ප්‍රතිකාර කරන පිළිවෙළ දෙස අවධානයෙන් සිටි මට මෙහි විශේෂත්වයක්‌ දැක ගන්නට හැකි විය. එනිසාම ඒ ගැන තොරතුරු දැන ගැනීමේ අපේක්‍ෂාවෙන් මම ඔහු හා සාකච්ඡාවකට වැටිණි.

"ඔබේ ප්‍රතිකාර බොහොමයක්‌ වමනය කරවීමෙන් පසු කරන බවක්‌ පේනවා. මෙය මට විශේෂ දර්ශනයක්‌"

"මම වෙදදුරාගෙන් ඇසුවේ දිගු විස්‌තරයක්‌ අපේක්‍ෂාවෙනි. මඳ සිනහවක්‌ පෑ ඔහු මේකත් සිංහල වෙදකමේ තියන ප්‍රතිකාර ක්‍රමයක්‌" යෑයි කීවේය.

එතකොට ඔබ මේ රෝගියාට දෙන දියරය එකවර පාවිච්චි කිරීමෙන් වමනය කරනවා. දැනුත් කිහිපදෙනෙක්‌ ඒ තත්ත්වයට පත්වෙලා ඉන්න බව මට ඇහෙනවා. මේ දියරයට අඩංගු එක දෙයක්‌ කිව්වොත්."

"කිරි ප්‍රධානයි. මම ඒ කිරිවලට තමයි වෙනත් ඖෂධ යොදන්නේ. එය පානය කර විනාඩි කිහිපයක්‌ ඇතුළත වමනය කරනවා. සමහර විට පැය කිහිපයක්‌ සැරින් සැරේ වමනය කරන්න පුළුවන්."

"ඒක රෝගියාට අපහසුවක්‌ වෙන්නේ නැද්ද?"

"කොහෙත්ම නෑ. මම මේ ලය විරේකය කරවන්නෙ ශරීර අභ්‍යන්තරයෙ තිබෙන කිසියම් විෂ දෙයකට ප්‍රතිකාරයක්‌ වශයෙනුයි. විශේෂයෙන් බොහෝ රෝගීන්ගේ ශරීරයේ අපි නොදන්න නොයෙක්‌ වස විෂ තියෙන්න පුළුවන්. මේ තුළින් ඒ සියල්ල ඉවත් වී යනවා. ඉන් පසු කරන ප්‍රතිකාරයකින් නිරෝගී සුවය ලැබෙන්නෙ අපි හිතනවාටත් වඩා ඉක්‌මනින්.

මෙම රෝගීන් කෙරෙහි අවධානයෙන් සිටි මට දැක ගැනීමට හැකි වූයේ මැළවුණු මුහුණින් හා අප්‍රාණිකව පැමිණි බොහෝ රෝගීන් නව සුවයක්‌ ලබා ප්‍රීතියෙන් ඔහුගේ වෙද මැදුරෙන් පිටව ගිය අයුරුයි.

"ඔබ මේ සේරටම මුලින් කරන්නෙ නාඩි පරීක්‍ෂාවක්‌. ඒ ගැන යමක්‌ කියනවා නම්."

"වසක්‌ විෂක්‌ වගේ දේවල් ශරීරයේ නිධන්ගත වෙලා තියෙනව නම් නාඩි පරීක්‍ෂාවෙන් අතට බෙහෙත් දමා බැලීමෙන් දිව පරීක්‍ෂාවෙන්, හා ඇස පරීක්‍ෂාවෙන් පහසුවෙන් සොයා ගන්න පුළුවන්කමක්‌ තියෙනවා."

"බොහෝ රෝගීන්ගේ නාඩි පරීක්‍ෂාවත් සමඟ අතට බෙහෙත් දැමීමෙන් රෝග කිහිපයක්‌ විස්‌තර කරනවා මම දැක්‌කා. ඒ අවස්‌ථාවේදී ඔබ එකවරම මේ රෝග ටික හඳුනාගන්නෙ කොහොමද?"

"ඒක වචනයෙන් දෙකෙන් කියන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. මේක අපේ තියෙන දැනුමත් එක්‌ක එන දෙයක්‌. කොහොම වෙතත් කෙටියෙන් කියනවා නම් ඒ රෝගීන්ගේ අල්ලට දමන බෙහෙත ක්‍රියාත්මක වන ස්‌වභාවයෙනුයි මම ගොඩක්‌ රෝග හඳුන ගන්නෙ."

"දැන් බලන්න මෙතෙන්ට ආපු අර කාන්තාවට මම ලය විරේකයක්‌ කළා. එයා මෙතෙන්ට එනකොට ආවෙ මළානික වෙලා. ගත අප්‍රාණික වෙලා. අර ඉතාමත් පහසුවෙන් ඉන්නෙ කතා කර කර. මොකද ඒ. එයාගෙ ශරීරයෙ නිධන්ගත වෙලා තිබුණ කිසියම් විෂක්‌ එතනින් ගැලවිලා පිටතට ආව. ඕන නම් මට ඒ විෂ ගුලියත් පෙන්නන්න පුළුවන්."
විමලසිරි අගලකඩ
divaina/2014/01/05/
 
 
 
 
 
 අපේවෙදැදුරු
රංබණ්‌ඩා වෙදැදුරු ගැන රෝගීන් කියන කතා


රංබණ්‌ඩා වෙදැදුරුගේ ප්‍රතිකාර කෙරෙහි කොතෙක්‌ අවධානය යොමු කර සාකච්ඡාවට බඳුන් කළත් සුවපත් වූ රෝගීන්ගේ තොරතුරු වටහා ගෙන මෙහි ඇති නිරවද්‍යතාව අවබෝධ කර ගැනීම වඩාත් ප්‍රායෝගිකයයි මට සිතිණි.

මෙහිදී මුණගැසුණු එක්‌ රෝගියකු අපට කීවේ තමා පිළිකා රෝහලින් ප්‍රතික්‍ෂේප කළත් රංබණ්‌ඩා වෙදැදුරුගේ ප්‍රතිකාර තුළින් තමා සුවපත් වූ බවයි.

මෙවැනි රෝගීන් රැසක්‌ සමඟ අප කළ විමසුමකදී අපට දැන ගැනීමට ලැබුණේ රංබණ්‌ඩා වෙදැදුරු පිළිකා රෝහලෙන් විකිරණ අල්ලා පුළුස්‌සා දැමු රෝගීන් පවා සුව කර නිරෝගීන් බවට පත්කර ඇති බවකි.

"මගේ උගුරේ ඇති වු ආබාධයකට රෝහලෙන් ප්‍රතිකාර ගන්න ගියපුවාම දොස්‌තරවරු පිළිකාවක්‌ විය හැකියි කියල සැක කළා. එතෙන්දී එයාල උගුරේÊසුළු කොටසක්‌ අරගෙන මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්‌ කළා. මේ අවස්‌ථාවේ අවසාන නිගමනයකට ආවෙ සැබවින්ම පිළිකාවක්‌ හටගෙන තිබෙන බවයි."

මෙතෙන්දී මගේ ජීවත්වීමේ ආසාව මගේ ගතින් ඉවත් වුණේ දරාගන්න බැරි වේදනාවකුත් එක්‌ක. මගේ දරුවො, මගේ බිරිඳ මට මතක්‌ වෙනකොට ඒ වේදනාව දෙගුණ වුණා. ඒත් කරන්න දෙයක්‌ නැහැ. සාමාන්‍යයෙන් සමාජ සම්මතය පිළිකාවක්‌ හැදුන රෝගියෙක්‌ ජීවත් වනවාට වඩා මියයන පැත්තට වැඩියි වගේ කියනව නේ. කොහොම කොහොම හරි මේ පිළිකාව වර්ධනය වීම වැළැක්‌වීම සඳහා දොස්‌තර මහත්වරු කිව්වෙ කරන්ට්‌ අල්ලන්න ඕන කියලා. ජීවත්වීමේ ආසාව වැඩි නිසා මම ඒකටත් ගියා. නමුත් මෙතෙන්දී වුණේ මගේ උගුර මට තියනවදවත් නොතේරෙන එක."

මේ ප්‍රතිකාරය කළාට පස්‌සේ ගොඩක්‌ වෙලාවට කන බොන දෙයකවත් රසයක්‌වත් මට නොතේරෙන තත්ත්වයට පත්වුණා. ඒ විතරක්‌ නෙවෙයි හැම වෙලාවෙම උගුරෙ සෙම බැඳිල වගේ කතා කර ගැනීමටත් අපහසු වුණා.

"පස්‌සෙ කරන්ට්‌ අල්ලන එකත් මට මහ වදයක්‌ වුණා. මේ අවස්‌ථාවේදී තමයි මට මේ නිකවැරටියේ රංබණ්‌ඩා වෙද මහතා ගැන දැන ගැනීමට හැකි වුණේ."

"උගුරේ පිළිකාවට ඉස්‌පිරිතාලෙන් කරන්ට්‌ අල්ලපු එකට වෙද මහත්තය එච්චර කැමැත්තක්‌ දැක්‌වූවේ නැහැ."

"ඇයි මෝඩයෝ මේ උගුර පුච්චගත්තෙ. උඹට පිස්‌සු හැදිලද? පුච්චනව කියල හැමදාම පුච්ච පුච්ච හිටියට ලෙඩක්‌ සනීප වෙනවද උන්නැහේ. බලපං දැන් උඹට කන දෙයක රසයක්‌ තේරෙන්නෙ නැහැ නේද?"

"නැහැ වෙද මහත්තයො"

"උගුරෙ සෙම ගතිය නිතර තියෙනව නේද?"

"ඔව්........"

"කතාකරන්න අමරුයි නේ....."

"ඔව්........"

ඉතිං මිනිහෝ උගුර පුච්චල දැම්මම ඕක වෙන බව දන්නෙ නැද්ද?"

"වෙද මහත්තය තරමක සැරෙන් කතා කරල මට හොඳටෝම දෙස්‌ තියල ප්‍රතිකාර ඇරඹුවා."

"දැං කළ මෝඩකම පැත්තකට දානව. මම කියන විදියට මේ ප්‍රතිකාර ටික හරියට කලට වෙලාවට කරන්න බලපං. එහෙම නොකර ආපහු ඉස්‌පිරිතාලෙදී උගුර පුච්ච ගෙන මෙතෙනට හෙම එනව නෙවෙයි."

"කොහොම වුණත් මගේ පිළිකාව දැන් ඉවරයි කියල මටම තේරෙනවා. මෙතෙන්ට එන්න ඉස්‌සර වෙලා තිබුණ අමාරු දැන් කිසි දෙයක්‌ නැහැ. හොඳට කන්න පුළුවන්. කන බොන දේවල රසයකුත් දැනෙනවා. නිතර උගරෙ බැඳිල තිබුණ සෙම ගතියත් බොහෝ දුරට අඩුයි. මේ වගේ වෙද මහත්තුරු බුදුබව ලබන්න ඕන"

අවසන් වරට එම පිළිකා රෝගියා රංහාමි වෙදැදුරුට බුදුබව ප්‍රාර්ථනා කරමින් මට ජීවත්වෙන්න වාසනාව දීපු එකේ පිනම මේ වෙද මහත්තය සසර දුකින් එතෙර වෙන්න හොඳටෝම ඇති.

පිළිකාවක්‌ යනු අසීමිත ශෛල වර්ධනයකි. යම් ඉන්ද්‍රියක ස්‌වභාවයට වඩා අස්‌වාභාවිකව ශෛල වර්ධනය වන්නේ නම් නිසැකවම එහිදී නිගමනයකට බැසිය හැක්‌කේ පිළිකාවක්‌ හටගෙන ඇති බවයි.

ලේ මාර්ගයෙන් හා වසා මාර්ගයෙන් පැතිරී යන පිළිකාව මුලිනුපුටා නොදැමුවහොත් මුළු ශරිරය පුරා වර්ධනය වීම කිසිසේත්ම වැළැක්‌විය නොහැක.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඇතැම් පිළිකා වැළඳීමටත් පෙර හඳුනාගත හැකි අතර ඇතැම් පිළිකා හඳුනා ගත්තත් එය මර්දනය කිරීම එතරම් පහසු නැත.

ගැබ් ගෙල පිළිකා එවැනි විශේෂයකි. මෙය වැළඳීමටත් පෙර හඳුනා ගැනීමට හැකියාවක්‌ ඇත. අක්‌මාව වැනි අවයවවල වැළඳෙන පිළිකා ඉතාමත් අනතුරුදායක වැඩි පිළිකා ලෙස හඳුනාගෙන ඇත.

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව පිළිකා සුවපත් කිරීමට කරන ප්‍රතිකාර අතර පිළිකා ශෛල ඉවත් කිරීම. ඉන්ජෙක්‍ෂන් වැනි රසායනික ප්‍රතිකාර හා විකිරණ ප්‍රතිකාර ප්‍රධාන තැනක්‌ ගන්නා බව පැහැදිලිය.

නමුත් රංබණ්‌ඩා වෙදැදුරු පවසන්නේ පිළිකාවක්‌ වැළඳී ඇතැයි සැකයක්‌ මතු වන්නේ නම් තම ශරීර කොටසක්‌ ඉවත්කර ගන්නේ නැතිව එසේත් නැතිනම් විකිරණ මාර්ගයෙන් පුළුස්‌සා නොදමා දේශීය ප්‍රතිකාර සඳහා පැමිණියොත් නිසැකවම එම පිළිකා රෝගියා සුවපත් කරන්න තමාට ඒකාන්තයෙන් ම හැකියාවක්‌ තිබෙන බවයි.

මෙම රංබණ්‌ඩා වෙදැදුරුගෙන් ප්‍රතිකාර පතා දේශීය මෙන්ම විදේශීය රෝගීන් ද පැමිණෙන බවක්‌ මා කළ විමසුමකදී දැන ගැනීමට හැකි විය. එපමණක්‌ ද නොව විදේශීය රෝගීන් කිහිප දෙනකුම ගුවන් මගින් ඖෂධ ගෙන්වා ගන්නා බවක්‌ ද දැන ගන්නට ලැබිණි.

කෙසේ වෙතත් වැඩිදුරටත් මෙම වෙදැදුරු පිළිබඳව සොයා බැලීමේදී මට දැන ගනීමට හැකි වූයේ සමාජයේ ඉතා ඉහළ මට්‌ටමක වැජඹෙන බොහෝ පිළිකා රෝගීන් පිරිසක්‌ හොර රහසේ මෙම වෙද මැදුරට පැමිණ ප්‍රතිකාර ගෙන සුව වී ඇති බවකි.

ව්‍යාජත්වය රජ කරන යුගයක අව්‍යාජත්වය මතුවන්නේ කලාතුරකිනි. ඒ කලාතුරකින් වුවත් මතුවන අව්‍යාජත්වය සමාජ සුබ සිද්ධිය උදෙසා කැප කරන්නේ නම් එය මිනිස්‌ වර්ගයාට කරන අප්‍රමාණ මෙහෙවරකි. හෙළ වෙදැදුරුවරුන්ගෙන් බොහෝ පිරිසක්‌ ද එවැන්නෝ ය. ව්‍යාජත්වය පසෙක දමා අව්‍යාජත්වයෙන් තම පරපර රැකගෙන ආ හෙළ වෙදකම මතු පරපුරේ පැවැත්ම සඳහා කැපවීමකින් හා උනන්දුවකින් කිරීම මිල කළ නොහැකි අගනා මෙහෙවරකි.

අපි අවසාන වශයෙන් ප්‍රශ්නයක්‌ අසමින් වෙද මහත්මයාගේ මෙම සේවය සතියකට දින කිහිපයක්‌වත් නගරයට පැමිණ කරන්නේ නම් අපමණ මෙහෙයක්‌ නොවේ දැයි ඇසීමු.

මම ඉපදුනේ මේ ගමේ. මම හැදුනෙ මේ ගමේ. මගේ පරපුර රැකුණේ, ජීවත් වුණේ මේ පරිසරයේ. අනික වෙදකම මගේ ශරීරයට ඇතුළු වුණේ මේ ජන්ම භූමියේදී. එහෙම නම් මම කිසි දිනෙක සිදාදියට යන්නෙ නෑ. සිදාදියෙ අය වන්නියට ගෙන්න ගන්නවා යෑයි සිනහසෙමින් දිගු රැවුල පිරිමැද්දේය.
 
විලමලසිරි අගලකඩ
 
 
 
කොඳු ඇට පෙළේ ආබාධයන්ට අත් දුටු ප්‍රතිකාර 
 
 
කොඳු ඇට පෙළ ආශ්‍රිත බොහෝ රෝගාබාදයන් දේශීය වෙදකමෙන් සුව කළ හැකිද, නොඑසේ නම් මෙම රෝග කාරකයන් බටහිර ප්‍රතිකාර ඔස්‌සේ ශල්‍යකර්ම තුළින් සුව කළ හැකිද යන්න අද බොහෝ රෝගීන් දෙලොවක්‌ අතර හුදෙකලා කරන ප්‍රධාන ගැටලුසහගත තත්ත්වයකි.

කැඩුම් බිඳුම් වෙදකමේදී අස්‌ථි රෝගය කුමක්‌ වුවත් එනම් කැඩීම් පිපිරීම් පැනීම් සහ අස්‌ථි දිරා යැම් යන රෝගාබාධ දේශීය ප්‍රතිකාර තුළින් සුවකර ගැනීමට දක්‍ෂ වෛද්‍යවරයකුට එතරම් අපහසුවක්‌ නැත. මෙහිදී රෝගියාගේ වයස, රෝගයේ ස්‌වභාවය හා ඖෂධ සංයෝගයේ හැකියාව වේදැදුරු විසින් වටහා ගෙන කරන ප්‍රතිකාරය අති සාර්ථක ප්‍රතිඵල ගෙන නොදෙනවාය යන්න කිසිවකුට කිව නොහැකිය.

අස්‌ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමු කරද්දී අපට වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ කොන්දේ ආබාදවලට ලක්‌වූ රෝගීන් හා හන්දි රෝගාබාදයන්ට ලක්‌ වූ රෝගීන්ය. මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ බටහිර ප්‍රතිකාර ලබා අන්තිමේදී සුව නොවූ තැන ශල්‍යකර්මවලට නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරැදී ගියහොත් ඇතැම් විට සදාකාලිකව අබ්බගාතයකු වීමට ඉඩ ඇති බවය.

එසේ නම් එම සැක මුසු ප්‍රතිකාරයකට යොමු වන්නේ කවරහුද යන්න ගැටලුසහගතය.

නමුත් දේශීය ප්‍රතිකාර තුළින් එවැනි අවදානම්සහගත ප්‍රකාශයන් නිකුත් නොවනවා මෙන්ම අතීරණයෙන් ප්‍රතිකාර කරන්නේද නැත.

මෙවැනි ආබාදවලට ස්‌ථිර වශයෙන්ම සුවයක්‌ ලබාදෙන දේශීය වෛද්‍යවරයකු පිළිබඳව අපගේ දැඩි අවධානය යොමු වූයේ බොහෝ රෝගීන්ගේ ඉල්ලීම මතය. මීට පෙරත් මෙම වෙදැදුරුවරයා ගැන අපගේ අවධානය යොමු වී මෙවැනි ලිපියකින් කරුණු හෙළිකළත් එයම ප්‍රමාණවත් නොවේ යෑයි මට සිතුන හෙයින් නැවත අසරණ වූ රෝගීන්ගේ සුවය සඳහා යම් සටහනක්‌ තබන්නට මේ සඳහා පෙළඹුණෙමි.

වැලිගම බොරාල පාරේ අස්‌ථි රෝග පිළිබඳ විශේෂ ඇම්. ඒ. මදනායක වෙදැදුරු සමග අප සාකච්ඡාවකට පිවිසෙමින් මෙවැනි රෝගාබාධයන්ට පිහිටවන්නේ කෙසේ දැයි විමසුවෙමු.

හෙළ වෙදකම පිළිබඳව කතාකරණ කොට ආසියාවේ තිබෙන පැරණිම වෙදකමක්‌ හැටියට මේ වෙදකම හඳුන්වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන මේ වෙදකමේදී ඒ ඒ පරම්පරාවෙන්. පරම්පරාවට ආවේණික වුණු එහෙමත් නැතිනම් උරුම වුණු ප්‍රතිකාර විධි තිබෙනවා. දැන් මම කරන්නේ අපේ පරම්පරාවට උරුම වෙච්ච ප්‍රතිකාරයක්‌ සහ ඖෂධ සංයෝගයක්‌. මෙතැන්දී අප කැඩුණු අස්‌ථි යකඩ වගේ වෑල්ඩින් කරනව කියල කියන්නෙ නැහැ. ඒ වගේම කොළ වර්ග, පොතු වර්ග බැඳීම්, මල් වර්ගවලින් හදන මැල්ලුම් වර්ග, තැවිලි වර්ග පත්තු වර්ග ආදී වශයෙන් කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්‌ අපි භාවිත කරන්නේ නැහැ.

ගොඩාක්‌ රෝගවලට බලපාන්නේ කොඳු ඇට පෙළේ ආබාධ වගේම ඒ ආශ්‍රිත ඇති නිල අවහිර වීමයි. මේවා අපි මුලින්ම හඳුනා ගන්නේ ලෙඩා සමග කතා කරලයි. සමහර උදවිය තමන්ගේ රෝගය ගැන කියන්න දන්නේ නැහැ. කිසියම් වේදනාවක්‌ එනව නම් ඒක රෝගයක්‌ හැටියට සළකලා බය වෙනවා. අතන මෙතන රිදෙනවා කියනව මිස පැහැදිලිව යමක්‌ කියන්න තේරෙන්නේ නැහැ. එහෙම වුණාම අපිට පැහැදිලි නිගමනයකට ඒම ගැටලු සහගතයි ඒත් අපි එතනින් නතර නොවී දිගටම ප්‍රශ්න කරන්නේ රෝගයේ කෙළවරක්‌ අල්ලගන්නයි. මෙතැන්දී අපි රෝගය හෝ ආබාධය හඳුනා ගන්නවා වගේම රෝගියාගේ මනසත් තරමක්‌ දුරට හදනවා. 

අපේ කොඳු නාරටියේ ඇට 33 ක්‌ තියනවානේ. ඉන් අන්තිම පුරුක හැරෙන්න අනෙක්‌ 32 ම පොඩි ආබාධයක්‌ හැදුනත් ශරීරය ලෙඩ කරනවා. 

අපේ මේ වේදකම අනුව කොඳු ඇට පෙළ කොටස්‌ හතරකට බෙදා දැක්‌වෙනවා. මේක තීරණය කරන්නේ අතේ වියත් ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් කොන්දේ ඉහළ ප්‍රදේශයේ ඉඳලා පහළට වියතක ප්‍රමාණයට මුල් කොටස හැටියට ගණන් ගන්නවා. මේ කොටස තමයි ශරීරයේ 90% ක්‌ ම රෝග හටගන්න හේතු පාදක වෙලා තියෙන්නේ. පාදවල ආබාධ හටගන්නේ දෙවැනි කොටසෙන්. තුන් වැනි වියත් ප්‍රදේශය හරිම සංකීර්ණයි. හතිය, කැස්‌ස, දියවැඩියාව, හෘදරෝග විශේෂයෙන් හටගන්නේ මේ කොටස දුර්වල වීමෙන්.

හතරවැනි වියත් ප්‍රදේශයෙන් බලපාන්නේ බෙල්ලෙන් උඩ කොටසට. ඇස්‌, කන්, නාස ආදියේ රෝග හටගන්නවා නම් ඒ හතර වැනි කොටසේ වෙනස්‌වීම් නිසා. 

මේ ප්‍රතිකාර ක්‍රමය යමෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරමට ගැඹුරුයි. ඒත් අපිට පළපුරුද්දෙන් හා අද්දැකීමෙන් හොඳ අවබෝධයක්‌ තිබෙන නිසා රෝගය හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. 

මදනායක වෙදැදුරු ඉතාමත් සූක්‍ෂමව රෝගියා පරීක්‍ෂාවට භාජනය කර ලබාගන්නා රෝග විනිශ්චයට ප්‍රතිකාර කරන්නේ වරදිනට නොවේ. 

මේ තත්ත්වය යටතේ රෝගීන් දසදහසකට අධික පිරිසකට ප්‍රතිකාර කිරීමෙන් ලත් පලපුරුද්ද රෝගීන්ගේ දුක්‌බර ජීවිත වලට වටිනාකමක්‌ දීමට කෙතරම් ප්‍රයෝජනවත් දැයි අපට අමුතුවෙන් වටහා ගැනීමට අවශ්‍ය නොවීය.

ඇතැම් සිංහල ප්‍රතිකාරයන්ට අනුව කසාය නැලි ගණන් පානය කිරීමට අවශ්‍ය වුවත් මදනායක වෙදැදුරුගේ ප්‍රතිකාරයන්හිදී එසේ කිරීමට අවශය වන්නේ නැත. එනිසාම බොහෝ පිරිස්‌ මේ සඳහා යොමු වන අතර ඉන් ලබන සුවයද වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි තරමට වටිනාකමක්‌ ද ඇත.

ප්‍රතිකාර ගන්න කාල වකවානුවේදී රෝගියා කෑම පාලනය ඉහළින්ම කළ යුතු යෑයි කියන වෙදැදුරු එය වසරකට වඩා සීමා කරන්නේ නැත.

මේ කොඳු ඇට පෙළේ ඇතිවන රෝග සඳහා විශේෂ අවධානයක්‌ යොමුකරවන මදනායක වෙදැදුරු පැහැදිලි විස්‌තරයක්‌ ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය.

අපි රෝගය හඳුනාගෙන කොඳු ඇටවල වෙනස්‌ වීම් එසේ නැත්නම් ගැස්‌සීම්, ස්‌නායු ක්‍රියා නොකිරීම්, නහරවල ලේ කැටිති ඇතිවීම් වගේ කරුණු නිරීක්‍ෂණය කරල ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරවල ශරීරයේ අභ්‍යන්තරයට වගේම පිටතටත් ප්‍රතිකාර ක්‍රම යොදවනවා. එසේ නොමැතිව මොන ආකාරයෙන් ප්‍රතිකාර කළත් රෝගය සුව වෙනවා කියන්න අපහසුයි.

අස්‌ථිවල, සන්ධිවල වගේම උකුල් අස්‌ථිවල කාටිලේජ වර්ධනය නොවීමෙන් සන්ධිවල ශබ්ද ඇතිවීම, වේදනාව ඇතිවීම, ඇවිදීමේ අපහසුව, නැවීම් සහ දිගහැරීමට අපහසුවීම, දැඩි වේදනාව ඇතිවීම නිතරම දකින්නට ලැබෙනවා.

මේ වගේ අවස්‌ථාවක අපි මේ කාටිලේජ වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කරලා මෙම රෝග සුව කරවලා දෙනවා. අපි පැහැදිලිව යමක්‌ කියවානම් කැඩුණු අස්‌ථියකට වුවත් එය සවිවීමට කාටිලේජ වර්ධනයක්‌ කළ යුතුයි. මේ වගේ අවස්‌ථාවක රෝගියාගේ වයස්‌ සීමාව සැලකිල්ලට ගත යුතුමයි.

මම මෙතැන්දී විශේෂ යමක්‌ කියනවා. ඔය කොඳු ඇට පෙළේ තියන රෝග අපි ඉතාමත් කෙටි කාලයකින් සුව කරල පෙන්වනවා. අද දේශීය වෙදකමේ වටිනාකම ජනතාවගේ දැනුවත්භාවය ඉතාමත් අල්පයි. ඒකට එක හේතුවක්‌ තමයි බටහිර ප්‍රතිකාර ක්‍රම මිනිසුන්ගේ ඔලුගෙඩිවලට දාල ඔලුව විකාර කරල තියන එක.

මම ඕනතරම් උදාහරණ පෙන්වන්නම් කොන්දේ ආබාධවලට ශල්‍යකර්ම කරන්න ගිහිල්ලා සදාකාලිකව ආබාද වෙලා ඉන්න අය. එතෙන්දි වෙන්නෙ මේ ශල්‍යකර්ම කරන්න යැමෙන් යම් විදියකින් හෝ සුසුම්නාවට පුංචි හෝ ආබාධයක්‌ වුණොත් ඒ රෝගියා සදාකාලික අබ්බගාතයෙක්‌ වෙනවාමයි.

මේ තත්ත්වය බටහිර ෙවෛද්‍යවරුනුත් කියන කතාවක්‌. එයාලා දෙපැත්තට තියල ඇඟ බේරගෙන තමයි මෙවැනි ප්‍රතිකාරයන් කරන්න හදන්නේ. නමුත් අපි පැහැදිලිවම කියනවා කිසිම දිනෙක අංශුවකින් හෝ රෝගියකුට බාදාවක්‌ නොවෙන්න. එහෙමත් නැත්නම් අතුරු ආබාධයක්‌ ඇති නොවන්න අපි මේ රෝගය සුව කරල පෙන්වනවා.

අපි ළඟට එන රෝගීන්ගෙන් වැඩිපුරම එන්නේ කොන්දේ ආබාධවලට ප්‍රතිකාර ගන්න අය. ඒ අයට විශේෂ පහසුකම් සපයල නේවාසිකව ප්‍රතිකාර කරනවා. ඇතැම් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ලක්‍ෂ ගණන් යන ශල්‍යකර්ම නොකර දින දෙක තුනක ප්‍රතිකාරයෙන් අපි සුවකරලා දෙනවා.

මේක හෙළ වෙදකමේ සුවිශේෂී බව. පරපුරෙන් පරපුරට එන වෙදකමක්‌ නිසා මෙහි වෙනස්‌වීම් ඇතිවන්නේ නැහැ.

කොහොම වුණත් දේශීය වශයෙන් අපේ අයට මේ ප්‍රතිකාරයන්ගේ ඇති වැදගත්කම නොතේරුණාට ඇතැම් බටහිර වෛද්‍යවරුන් නිරතම අපි ළඟට ඇවිත් ප්‍රතිකාර ගෙන සුවපත් වෙලා යනවා. ඒ ඒ රටවලට ආරාධනයකුත් කරලා.

විශේෂයෙන් මේ ප්‍රදේශ සංචාරක කලාප නිසා නොයෙක්‌ නොයෙක්‌ ආබාධවලට ලක්‌වන පිටරැටියෝ වැඩියි. ඒත් එයාලම කියන ඒ දියුණුය කියන ප්‍රතිකාරයන් වලට අවනත නොවී අපේ දේශීය ප්‍රතිකාරවලට නැඹුරුවෙලා තියෙන්නේ මෙහි තිබෙන ප්‍රත්‍යක්‍ෂ බව නිසා.

කොඳු ඇට පෙළේ ආබාධ මුල් කාලයේදී සුව කර නොගත්තොත් කල්ගත වන විට පාද දක්‌වා දිවයනවා. මෙහිදී ඇතිවන වේදනාව ජීවිතය කලකිරවන එක නතර කරන්න බැහැ.

මේ ළඟදි දවසක කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි රෝගියෙක්‌ මගෙන් ප්‍රතිකාර ගත්තේ එක පාදයක්‌ අප්‍රාණික වෙච්ච එකට. පාදය අද්දව අද්දව ආපු රෝගියා දින කිහිපයකින් මම සුවපත් කරවල යෑව්වා. ඕනම කෙනෙක්‌ ඉල්ලනවා නම් ඒ රෝගීන්ගේ දුරකථන අංක පවා අපිට සාක්‍ෂි වශයෙන් සැපයීමට එතරම් අපහසු නැහැ.

මෙවැනි කොන්දේ ආබාධ තියන අය කල්ගත වන විට අස්‌ථි ඇදවී පැත්තකට හැරෙනවා. මේ වගේ රෝගීන් වසර ගණනාවක්‌ බටහිර ප්‍රතිකාර අරගෙන අතේ සතේ නැතිව තමයි මෙතෙන්ට එන්නේ. මොකද වෛද්‍යවරු කියන කියන සෑම බෙහෙතකටම වියදම් කරන කොට මොනවද ඉතිරි වෙන්නේ. අවසාන වශයෙන් අපි එක දෙයක්‌ කියනවා ඕනෑම බටහිර වෛද්‍යවරයකුට සුව කරන්න අපහසුයි කියන කොන්දේ අමාරුකම් අපි දින කිහිපයක්‌ ඇතුළත සුව කරලා සිංහල වෙදකමේ බලය පෙන්වා දෙනවා. 

මේ ප්‍රතිකාරය කරන්නේ අපිමයි ඒ කියන්නේ අපේ අතින්මයි. සෑම ඖෂධයක්‌ම සිදුකරන්නේත් අපිමයි. 

මෙවැනි රෝගවලදී සම්භාහනය කිරීමක්‌ හා නිල තෙරපීමකුත් කරනවා. ඒ කරන්නේ ආවාට ගියාට නොවෙයි අති පැරැණී ඖෂධ ඇඟ පුරා ගැල්වීමෙන් පස්‌සෙ. මේ ප්‍රතිකාරය කොන්දේ ආබාධවලට අමතරව අනෙකුත් රෝගයන් සමනයට ඉවහල් වෙනවා. 

වසර ගණනාවක්‌ නොකඩවා රෝගීන්ගේ ආබාදවලට නිසි ප්‍රතිකාරයක්‌ කර ලබපු අද්දැකීම් හා පළපුරුද්ද තුළින් අවසාන වශයෙන් කීමට ඇත්තේ කුමක්‌ දැයි මම වෙදැදුරුවරයාගෙන් විමසුවෙමි.

අවසාන වශයෙන් මගේ ප්‍රතිකාර විධි සහ රෝගය හඳුනා ගැනීමේ ක්‍රම මේකය මේකය කියල එකින් එකට විස්‌තර කරනවාට වඩා පැමිණෙන ඕනෑම රෝගියකුට භේදවලින් තොරව සුවපත් කරවනවා කියන එක පැහැදිලිව කිව යුතුයි. මෙතැන්දී අස්‌ථි සම්බන්ධයෙන් විශේෂයෙන් කියනවා නම් කොන්දේ හෝ වේවා උකුළු ඇටේ හෝ වේවා අනෙක්‌ සන්ධි හෝ වේවා ඕනෑම ස්‌ථානයක ඇති ආබාධ මුළුමණින්ම අයින් කරලා සැහැල්ලු ජීවිතයක්‌ ගතකරන්න වගේ නිරෝගී ජීවිතයක්‌ උදාකරලා දෙනවා කියන එක මම ස්‌ථිරවම කියනවා. ඒ වගේම අස්‌ථි අපහසුයි කියන ආබාධ තියෙනවා නම් අභියෝගාත්මක සුවපත් කරලවත් පෙන්වනවා. 
 


කැඩුණු ඇට උණුකර යළි සවිකරන ගුණසේන වෙදැදුරු 
 

ගංසූරිය පොතු කසායෙන් බෙහෙත් කුඩු අටට බෙදා පංගුවක්‌ ගෙන මී පැණි දමා උදේ හවස බොන්න. ඒ හැම වෙලාවකම උණුවතුර පාවිච්චි කරන්න."

මේකට අමතරව අළුකෙසෙල් මුව, මුරුංගා, මුකුනුවැන්න, මඩු කරවල බැදපු ලුණු දමා දිය කිරෙන් තම්බල කන්න.

පාවට්‌ට මුල්, එළබටු මුල්, කටුවැල්බටු, කුප්පමේනිය, ඔළිඳ දළු, වැල් මී, ඉඟුරු, සුදුළුEනු, කොත්තමල්ලි, තිප්පිලි කසාය කර සීනි හා එළඟි තෙල් දමා උදේ සවස බොන්න.

මේ සේරම කරන අතරෙ මෝරපු බුලත් දෙවිටක්‌ පමණ ගෙන කෝමාරිකා යුෂ ප්‍රමාණයට තල තෙල් දමා අව්වේ තබා කකාරා උදේ වරුවේ සති දෙකක්‌ පමණ හිස මත තබන්න.

මේ ප්‍රතිකාර නොකඩවා පිළිවෙළට කළොත් ඔබේ ඔය හිසේ අමාරුවත්, ඇස්‌ පෙනීමේ දුබලතාවත් තුන්වැනි සතිය වෙනකොට ඇරිල යාවි"

ඉවසා දරා ගැනීමට නොහැකි තරම් හිසේ වේදනාවකට පත්ව සිටි රෝගියකුට ප්‍රතිකාරයක්‌ නියම කරමින් වෙදැදුරු කසායක්‌ හා හිස ගැල්වීමක්‌ ලියා දුන්නේය.

"දැං කියවන්න බලන්න මේ බෙහෙත් වට්‌ටෝරුව"

"කෝ.... කියවනවයෑ ඔය මුමුණනවනේ.." ලැඡ්ජා නැතිව මට ඇහෙන්න ඔය කසාය වට්‌ටෝරුව කියවනව."

"වෙදැදුරු යළිත් වරක්‌ රෝගියාට කීවේය. එහෙත් රෝගියාගේ මුවින් නම් වචන පිටට ආවේ නැත.

"ඕන් ඕක තමයි අද අපේ අයට වෙලා තියෙන්නේ. ගමේ වෙද මහත්තය තමන්ගෙ ලෙඩේට හරියට බෙහෙතක්‌ කියල දුන්නාම ඒක කියෝගන්නත් බැහැ. අනික තමන්ගෙ වත්තෙ තියෙන බෙහෙත් පැළෑටියක්‌ හඳුනන්නෙත් නැහැ. හරිම කනගාටුවක්‌.

ශත වර්ෂ ගණනාවක්‌ ඈතට විහිදී යන වෙද පරම්පරාවකට නෑකම් කියන වන්නිනායක පුංචිරාළලාගේ ගුණසේන වෙදැදුරු අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මීගස්‌සාගම පදිංචි ජීවමාන සෘෂිවරයෙකි.

සර්වාංග රෝග පිළිබඳ ප්‍රතිකාර කළත් කැඩුම් බිඳුම් පිළිබඳ විශේෂ බවක්‌ දක්‌වන ගුණසේන වෙදැදුරුගේ ප්‍රතිකාර තුළින් එලොව යන්නට සිටි බොහෝ පිරිසක්‌ මෙලොව රැඳී අද දවසේත් සුවයෙන් ජීවත්වන අයුරු අසන්නට හා දැක ගන්නට අපට ලැබුණි.

බටහිර වෛද්‍යවරු මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක්‌ වන්නේ කැඩුණු බිඳුණු තැන්වල ඇතිවන තුවාලවලට විෂබීජ ඇතුළුවීම වළක්‌වා ගන්නේ කෙසේද යන ගැටලුවටය. එහෙත් ගුණසේන වෙදැදුරුගේ ප්‍රතිකාරවලදී එවැනි ප්‍රශ්නයක්‌ පැන නගින්නේ නැත. මෙපමණ කාලයකට ඔහුගෙන් ප්‍රතිකාර ගත් කිසිම රෝගියකුට බැක්‌ටීරියා ආසාදන හෝ විෂබීජ ඇතුළුවීමක්‌ සිදු වී නොමැත.

බටහිර වෛද්‍යවරුන්ට ඇතිවන තවත් ගැටලුවකි කැඩුන ඇටකැබලි නැවත නිසි ලෙස තැන්පත් කිරීම. ඒ සඳහා ශල්‍යකර්ම සිදු කළ යුතු වුවත් ගුණසේන වෙදැදුරුට එවැනි ප්‍රශ්නයක්‌ පැන නඟින්නේ නැත.

තුවාලයට අත තබා සිය මිනුම් දඬු අනුව නිසියාකාරව තැන්පත් කරන ඇට කටු ඇසට නොපෙනුනත් අන්තිම තිත දක්‌වා නිවැරැදි බවට පත් වන්නේ යන්ත්‍රානුසාරයෙන් කළාක්‌ මෙනි.

තවත් ගැටලුවකට බටහිර වෛද්‍යවරුන්ට මුහුණ පෑමට සිදුවන බව වැළැක්‌විය නොහැක. ඒ නිසි ලෙස තැන්පත් කළ ඇටකටු පෑස්‌සීමය. ඔවුන්ට ඒ සඳහා විකල්පයක්‌ නැත. ඇත්තේ එකම ක්‍රමයකි. ඒ සකස්‌ කරගත් ඇට එකතු කර යකඩ පතුරු තබා ඇණ ගැසීමයි. නමුත් එය සවිවීම හෝ නොවීම වයස අනුව තීරණය වන නමුත් ඖෂධයක්‌ නම් නැත.

ගුණසේන වෙදැදුරුගේ විශ්මිත ප්‍රතිකර්මයෙහි හාස්‌කම් මතුවන්නේ මෙවැනි අවස්‌ථාවලදීය. ඔහු මුලින්ම ඇට බිඳී ගිය රෝaගියකුට ඖෂධීය ගුණයෙන් පිරි පත්තුවක්‌ බඳී. එහි සියයට සියයක්‌ ම ඇත්තේ දේශීය ශාක සාර වන අතර එය බැඳ තබන උපරිම කාල සීමාව විනාඩි 20 ක්‌ පමණය.

මේ කාලය තුළ රෝගියාට තරමක පිළිස්‌සුම් වේදනාවක්‌ දැනුනත් විනාඩි 20 ඉක්‌ම යැමෙන් පසු බිඳී ගිය ඇට උණු වී එකිනෙකට පෑස්‌සෙන්නේ විශ්මය දනවන පරිදිය.

මෙවැනි ඖෂධයක්‌ බටහිර වෛද්‍ය විද්‍යාවේ නැතිවාක්‌ මෙන්ම ඔවුන්ගේ අදහස්‌වලට අනුව මෙය මුසාවක්‌ විය හැක. එහෙත් මෙය සනාථ කිරීමට සාක්‍ෂි දස දහස්‌ ගණනක්‌ අපේ රට තුළ ඇත.

මෙවැනි අවස්‌ථාවක්‌ මට ද පසුගිය දිනක දැක ගැනීමට හැකි වූයේ ගුණසේන වෙද මැදුරේදී ය. විනාඩි කිහිපයක්‌ ඇතුළත සිදු වූ එම සිදුවීම මගේ කැමරාවෙහි සටහන් කර ගැනීමට තත්පරයකුදු මා පසුබට නොවූවෙමි.

එදින පාපැදියකින් වැටුනු එම කාන්තාවගේ එක්‌ අතක්‌ කැඩී ගුණසේන වෙදැදුරු අසලට ගෙන ආවේ ඊට පෙර තවත් කෙනකුගෙන් ප්‍රතිකාර ගෙන සුව වී නොතිබුණු හෙයිනි. ඒ වන විටත් රෙදි කඩකින් ගැටගසා තිබූ අත ගෙල ප්‍රදේශයෙහි එල්ලා තිබිණි.

"ගලෝනව ඔය බෙල්ලෙ එල්ලගෙන තියෙන රෙදි කෑල්ලෙන් අත"

වෙදැදුරු කාන්තාව සමඟÊපැමිණි සැමියාට විධානයක්‌ කළේය.

සැමියා එකින් එක රෙදි කැබලි ගලවනවාත් සමඟ ඇය කෑ ගසන්නට පටන් ගත්තාය. එහෙත් ගුණසේන වෙදැදුරු ඉතා පරීක්‍ෂාව බලා සිටියේය.

"කවුද වෙදකම් කළේ"

"අහවල් ගමේ වෙද මහත්තය"

ලිහා දැමූ රෙදි කැබලිවලින් නිරාවරණය වූ අත රත් පැහැ ගැන්ව ඉදිමී තිබිණි. එහෙත් ගුණසේන වෙදදුරු කිසිවක්‌ නොකියා බිඳී ගිය හා නැවිය නොහැකිව ගල්වී තිබුණ වැලමිටෙහි තෙල් ගල්වා කිහිපවරක්‌ පිරිමැද්දේය.

"අත දිගඅරිනව දැන්"

"අනේ වෙද මහත්තයෝ මේ අත මෙතනින් කැඩිල වගේ දිගාරින්න බෑ."

තවත් තෙල් ස්‌වල්පයක්‌ ගැල්වූ වෙදැදුරු මහපට ඇඟිල්ලත්, වෙද ඇඟිල්ලත් ආධාරයෙන් කාන්තාවගේ වැළමිට තෙරපනවාත් සමඟÊකාන්තාව වේදනාවෙන් ඇඹරුණේය.

"දැං දිගාරිනව අත"

ගුණසේන වෙදැදුරුගේ ඊළඟ විධානය විය. මෙපමණ වේලාවක්‌ දිග හැරිය නොහැකිව ගෙලෙහි එල්ලා ගෙන තිබූ අත කිසිම අපහසුවකින් තොරව ක්‍රියා කරන්නට විය. ඉන් පසු ඇය සැමියාගෙන් ලබා ගත් බුලත් අත වෙදැදුරු අත තබා වැඳ වැටෙනවා දැක ගන්නට ලැබිණි.

මගේ කැමරාවෙහි සටහන් වුණු මේ සිදුවීම මටම අදහාගත නොහැකිව මම ඒ ගැන වෙදැදුරුගෙන් ප්‍රශ්න කළෙමි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ වගේ හාස්‌කම් පෙන්වන ඖෂධ දුර්ලබ බවක්‌ තමයි මම අහල තියෙන්නේ. ඒත් මගේ ඇස්‌ දෙකෙන්ම මම දැක්‌ක ඒ කාන්තාවගේ කැඩුන අත සුළු වේලාවකදී සුවය ලබනවා. මොකක්‌ද මේකෙ තියෙන රහස.

බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා මම කියන්න දන්නෙ දේශීය වෙදකම ගැන. අපේ හෙළ වෙදකමට අනුව නම් මේව සිංහල ඖෂධවලම තියෙන හාස්‌කම් තමයි. විශේෂයෙන් අපේ පරපුරේ තිබෙන තෙල් වර්ග මේවගේ ප්‍රතිකාරවලට විශේෂයෙන් සාර්ථකයි.


ධමනියේ ලේ සිරවීම සැත්කම් නැතිව 
සනීප කරන්න පුළුවන්

වෙදැදුරුට පවා සුව පහසු ආසනයක්‌ නොතිබුණු ඒ වෙද මැඳුරේ සේවකයෝ හත්අට දෙනෙක්‌ හරි හරියට කිසියම් කාර්යයක නිරත වෙමින් සිටියහ. තැනෙක ලිප ගිනි මත තෙල් බෙහෙත් සිඳෙද්දී තවත් තැනෙක දෙමෝලෙන් කොටන ඖෂධ සංයෝග පරිසරය සුවඳවත් කළේය.

උඩුගම්පොල, දොඹවල ජයවීර හෙළ වෙද ගෙදරට අප යන විට තිබුණේ.

සර්වාංග රෝග පිළිබඳව ප්‍රතිකාර කරන රන්පටිදේවගේ අනිල් වසන්ත කුමාර ජයවීර වෙදැදුරු සෙම, හතිය හා වාත රෝගවලට විශේෂ බවක්‌ දක්‌වන අතර හෘද රෝග හා ආතරයිටිස්‌ රෝග වලට ද අති විශේෂයක්‌ දක්‌වන බව අපට අසන්නට ලැබිණි.


ඩී. ඩී. වෛද්‍යසේකර නමැති මහා වෙදැදුරුවරයකුගෙන් වෙදකමට අත්පොත තැබූ ජයවීර එතැනින් නැවතුනේ නැත. පැලචිකුලමේ 

රැපියෙල් වෙද මහත්තයා හා නාච්චදූව බෝමළුවේ වෙද හාමුදුරුවන්ගෙන් ද වැඩිදුරටත් වෙදකම හදාරා ලබාගත් දැනුම් සම්භාරය බොහෝ රෝග සුව කිරීමට මහත් පිටිවහලක්‌ කරගත්තේය.

රෝග සුව කිරීමට ජයවීර වෙදදුරු තීරණය කරන කාල වකවානුව තරමක්‌ පුදුම සහගතය. ඒ රෝගයේ ස්‌වභාවය අනුව දින 35, 28, හා 21 ඇතුළත රෝගයට විසඳුමක්‌ ලබා දෙන බව ඔහු කියන්නේ ස්‌ථිරවමය.

මේ බව පැමිණ සිටි රෝගීන් ද තහවුරු කළ හෙයින් මම මුලින්ම ඔහුගෙන් ප්‍රශ්නයක්‌ ඇසීමි.

"මෙතෙන ඉන්න ගොඩක්‌ රෝගීන් ඔබ කියන දිනයට රෝගය සුවකර දෙනව කියල කියනවා. ඒක ඇත්තක්‌ද?"

"මම කරන ප්‍රතිකාර බොරුවක්‌ නම් රෝගීන් එහෙම කියන්නෙ නැහැනේ."

"එහෙම දින නියම කරල රෝග සුව කරන බව ඔබ කියන්නේ වගකීමකින් යුක්‌තවද?"

"ඔව්........ වගකීමකින් තමයි මම එහෙම කියන්නේ. දැන් ඔබටම පේනවා ඇති මෙතන කොච්චර රෝගීන් ප්‍රමාණයක්‌ ඉන්නවද කියලා. ඒ අය ඇවිල්ලා තියෙන්නේ මම බලල යන්න නොවෙයි. තම තමන්ගෙ රෝගවලට ප්‍රතිකාර ගන්න."

ජයවීර වෙදැදුරු තරමක සිනහවක්‌ පාමින් තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාරයන්හි ඇති සුවිශේෂී බව පැහැදිලි කළේය.

"ඔබ ස්‌ථිරවම රෝගය සුව කරල දෙනව කියල පොරොන්දු වෙන්නෙ මොන පදනමක්‌ උඩද?"

"මගේ ප්‍රතිකාර මට විශ්වාසයි. මේකෙදි තියෙන විශේෂත්වය තමයි මේ හැම දෙයක්‌ම කෙරෙන්නෙ මගේ අධීක්‍ෂණය යටතේ. ගෙදරදී කරන්න තියෙන දේ ඉතා අල්පයි. මෙතෙන්දී මේ සෑම ඖෂධයක්‌ ම මගේ දැනීම යටතේ පිළියෙළ වෙන්නෙ. එහෙම නොවුණොත් ඖෂධය වෙනස්‌ වෙන්න පුළුවන්.

"කෝටිටං කියන බෙහෙත අපි ගෙනෙන්නෙ ඉන්දියාවෙන්.

මේක ආතරයිටිස්‌ රෝගයට මහෞෂධයක්‌. යම් විදියකින් එවැනි රෝගියකුට මේ ඖෂධයෙන් බෙහෙතක්‌ හදල ගන්න කිව්වොත් එයාල ගනීවි ලංකාවෙ තියෙන කොට්‌ටං කියන ගස්‌ වර්ගය. එහෙම උනොත් මොකද වෙන්නේ. රෝගය සනීප වෙනවද? නෑ. කවදාවත් රෝගය සනීප වෙන්නෙ නැහැ.

අපේ රටේ කීයෙන් කී දෙනාද මේ බෙහෙත් පැළෑටි හඳුනන්නේ. විශේෂයෙන් ම මේ අලුත් පරම්පරාව මෙලෝහසරක්‌ දන්නෙ නැහැ. අපේ පැරැන්නො නම් ගොඩක්‌ ඖෂධ හැඳිනුවත් මේ අය දන්නෙ නැහැ."

මේ හේතුව නිසා සියලු බෙහෙත් වර්ග මගේ අනුදැනීමකින් තොරව සිදු කෙරෙන්නෙ නැහැ. මට විශ්වාසයි මගේ ප්‍රතිකාරය මේ දින වකවානු අවසන් වෙන කොට සුව වේවි කියලා."

අප ජයවීර හෙළ වෙද ගෙදරට යන විටත් රෝගීන් සැළකියයුතු ප්‍රමාණයක්‌ ප්‍රතිකාර සඳහා පැමිණ සිටියහ. තෙල් ගැල්වීම්, වේදු කිරීම, විරේක කිරීම, නස්‌න කිරීම සහ කසාය දීම තුළින් කරන මේ ප්‍රතිකාරය වැරදුන කෙනෙක්‌ නැත. රෝගීන්ගේ දැන ගැනීම සඳහා මා තවත් ප්‍රශ්නයක්‌ අසමින් "ඔබට ස්‌ථිරවම සුව කළ හැකි රෝග පිළිබඳව පැහැදිලි කිරීමක්‌ කරන්නැයි ඉල්ලා සිටියෙමි.

"මම ලියාපදිංචි වෙලා තියෙන්නේ සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරන හැටියටයි. ඒත් හෘද රෝගවලට හා ආතරයිටිස්‌වලට විශේෂයෙන් ප්‍රතිකාර කරනවා. මේවාට මම දින නියම කරල ස්‌ථිරවම විසඳුම් ලබා දෙනවා. ඒක මට ඒ තරමටම විශ්වාසයි.

"මේ රෝගවලට අමතරව ස්‌නායු රෝග වැනි රෝග වලටත් ප්‍රතිකාර කරනවා. කොටින්ම මම පාර්කින්සන් රෝගයටත් ප්‍රතිකාර කරනවා. මේ බොහෝ රෝගවලට දින වකවානු නියම කරල ප්‍රතිකාර කළත් සමහර ඒවාට එහෙම දින දෙන්නේ නැහැ. ඒක රෝගයේ තත්ත්වය අනුව තමයි මම භාර ගන්නේ."

හදවත් රෝගවලට පිළියම්

පොල් රුප්පාවක ඉදි වූ ඒ කටුමැටි වෙද නිවසෙහි රෝගීන්ට අසුන් පනවා තිබුණේත් මහ වනයේ වූ ගස්‌වල අතු කැබලි ආසන සේ සකස්‌ කර තබමිනි. තවත් තැනෙක ගොඩගසා තිබූ දර තොගය ඖෂධ නිපදවා ගැනීමට උපයෝගී කර ගන්නා බවක්‌ පෙනුනේ අවටින් මතුවුණු දුම්ගොබය අහසට එසවෙද්දී ය.

තවත් තැනෙක කාන්තාවෝ බෙහෙත් වර්ග අඹරද්දී අනෙක්‌ පසින් කිසියම් බෙහෙතක්‌ වනේ දමා කොටනවා දැක ගන්නට ලැබිණි. මේ සියල්ලට අමතරව කල්දේරම් තුළ සිඳෙන ඖෂධ අවට පරිසරය සුවඳවත් කරමින් බොහෝ රෝගීන්ට ආශිර්වාදයක්‌ සැපයූහ.

"ඇත්තටම අද අපේ රටේ හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාමත් වැඩියි. මේ අයගෙන් හදවත් සැත්කම් කරන්න ඕන අයගෙ පෝලිමට එකතු වෙච්ච ප්‍රමාණය දහස්‌ ගණනක්‌. සමහර අයට රෝහල්වලින් සැත්කම් කරන්න දීල තියෙන දිනය වසර දෙක තුනකින් විතර ඈතට ගිහිල්ල. මේකෙන් තේරෙන්නේ කොච්චර ප්‍රමාණයක්‌ ජීවිත අවදානමෙන් ඉන්නවද කියලා."

"නමුත් මම වගකීමෙන් එක දෙයක්‌ කියනවා. ඕනෑම හදවත් රෝගියකුට සීමිත කාල පරාසයක්‌ තුළ ඒ හෘද රෝගය මුළුමනින් ම සුවපත් කර දෙන්න මට හැකියාව තියෙනවා."

"ඔබ කොහොමද ඒක ස්‌ථිරවම කියන්නෙ."

"මට මං ගැන විශ්වාස නිසා. මගේ ප්‍රතිකාර විධි ගැන මට අවබෝධයක්‌ තියෙන නිසා."

"සාමාන්‍යයෙන් හෘදරෝග එකක්‌ දෙකක්‌ නෙවෙයි ගොඩක්‌ තියෙනවා. සමහර වෙලාවට හදවතේ සිදුරක්‌ තිබීමත් හෘද රෝගයක්‌. එතකොට ඔබ ඒවාටත් ප්‍රතිකාර කරනවාද?" මං වෙදැදුරුගෙන් ප්‍රශ්න කරමින් ඇසීමි.

"සාමාන්‍යයෙන් මෙහෙමයි. ඔබ කිව්ව වගේ හෘද රෝග විශාල ප්‍රමාණයක්‌ තියෙනව. අපි මෙතෙන්දී කියන්නෙ නැහැ ඒ හැම එකකටම අපේ ප්‍රතිකාර විධි හරියනව කියල. අපි නිකමට හිතමු ඔය කියපු හදවතේ සිදුර වහන්න ශල්‍යකර්මයක්‌ කරන්නම වෙනවනේ. එතෙන්දී අපට ඒක කරන්න පුළුවන්ය කියනව නම් ඒක ඇත්තක්‌ වෙන්න බැහැ."

"අපි හෘදය වස්‌තුව ගැන යමක්‌ කියනව නම්, මිට මොලවාගත් අතක්‌ තරම් මහත ඇති මිනිස්‌ හෘදය බරින් අවුන්ස දහයහමාරක්‌ විතර ඇති. ඒක හැදිලා තියෙන්නේ කිරීටක වාහිනී නමැති රුධිර වාහිනී සමඟ දැඩි සේ එකට ගෙතුන පේෂික තන්තුවලින්. මොලයේ සංවේදක මධ්‍යස්‌ථානයක්‌ සමඟ කෙළින්ම සම්බන්ධ වී ඇති ස්‌නායු පද්ධතියක්‌ මගින් වුවමනා වන පරිදි හෘදයේ ක්‍රියාකාරිත්වය අඩු කිරීම හෝ වැඩි කිරීමේ අවශ්‍යතාවන් හෘදය වෙත දන්වනවා. එම තත්ත්වය යටතේ කිරීටක ධමනිවල ඇතිවන අවහිරතා තුළින් මතුවන හෘද රෝග සියල්ලටම මම ප්‍රතිකාර කරනවා. මෙතෙන්දී වෛද්‍ය වාර්තා මට කිසිවක්‌ අවශ්‍ය නැහැ. එවැනි රෝගීන් කිසියම් ශාරීරික වෙහෙසීම් කරන විට පවුවේ අමාරුකම් එන එවගේම 'බයිපාස්‌' සැත්කම්වලට පවා නියම වූ අය සුවපත් කිරීම මම වගකීමකින් යුක්‌තව බාර ගන්නවා."

"මගෙන් ප්‍රතිකාර ගන්න එන රෝගීන්ට මම එකම දෙයයි කියන්නේ. ඔය දහස්‌ ගණන් වියදම් කරල කරගන්න පරීක්‍ෂණවල වාර්තා මට ඕන නැහැ. හදවත් රෝගයක්‌ තියෙනවනම් ඒ රෝගය මම නාඩි පරීක්‍ෂාවකින් තීරණය කරගෙන ප්‍රතිකාර කරනවා. බිය විය යුතු කිසිම දෙයක්‌ නැහැ. අනිවාර්යයෙන් ම දින 35 ක්‌ වැනි ඉතා කෙටි කාලයකින් මම සුවපත් කරනවා. අන්න ඊට පස්‌සෙ වෛද්‍ය වාර්තා අරගෙන තමන්ගෙ රෝග තත්ත්වය බලා ගත්තාට කමක්‌ නැහැ."

මෙතෙන්දී මම කිසිම කෙනෙකුට තමන්ට හොයාගෙන බෙහෙත් කර ගන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒ හැම බෙහෙතක්‌ම හදල දෙන්නෙ මමයි. හැම තැවිල්ලක්‌ම, තෙල් සාත්තුවක්‌ම කරන්නෙ මමයි. ඒක නිසා වරදින්න තැනක්‌ නැහැ."

මම මේ සෑම බෙහෙතක්‌ ම ගේන්නෙ අනුරාධපුර, පොලොන්නරුව වගේ මහ කැලෑවලට ගිහිල්ලා. මොකද හරියට බෙහෙත් පැළෑටිය හඳුනා නොගත්තොත් එහි ඖෂධීය ගුණය අඩුවන නිසා.

"මම මේකට හොඳ කතාවක්‌ කියන්නම්. පසුගිය දවසක මෙතෙන්ට රෝගියෙක්‌ අරගෙන ආව. එයාට වෙදකම් කරල තිබුනෙ කවුද කියල අහන්න මම ගියේ නැහැ. සමහර වෙලාවට මට හමු නොවුනා නම් ඒ රෝගියා මිය යන්නටත් තිබුණා. එයාට සිදුවෙලා තිබුණේ තමන්ගෙ රෝගයට දීපු කසාය වට්‌ටෝරුවෙ තිබුන කරඳපොතු වෙනුවට කදුරුපොතු දාල කසාය බීපු එක."

"ඉතිං කදුරුපොතු මිශ්‍ර කසායක්‌ බීපුවාම වෙන්න ඕන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. වෙදැදුරු තරමක සිනහවක්‌ පාමින් කීවේ නිවසේදී එවැනි කසායක්‌ සකස්‌ කර ගැනීමට රෝගියකුට පැවරීමෙන් වන අනිසි ප්‍රතිඵල විස්‌තර කරමිනි.

"හෘද රෝගීන්ට ඔබට දිය හැකි සුබදායී පණිවිඩය කුමක්‌ දැයි මම අවසාන වශයෙන් ජයවීර වෙදැදුරුගෙන් ඇසිමි.

"මම දෙන පණිවිඩය කොහොම වෙතත් හෘද රෝග සෑම එකකටම ප්‍රතිකාර කරනව කියල මට ස්‌ථිරවම කියන්න නොහැකි වුණත් ඔය කිරීටක ධමනිය හරහා වන ලේ කැටි හිරවීම් තුළින් මතුවන සෑම දෙයකටම මම ප්‍රතිකාර කරල සුවයක්‌ අරන් දෙනවා. ඒකට වසර ගණනක්‌ මම ගත කරන්නෙ නැහැ. අනික තමයි 'බයිපාස්‌' කියන සැත්කම කරන්න ඉන්න අයත් ලිස්‌ට්‌ එකේ ඉන්නෙ නැතිව මා ගාවට ආවොත් මම ස්‌ථිරවම ශල්‍ය කර්ම කරන්නට ඉඩ නොතබා සුවයක්‌ අරගෙන දෙනවා."
 
 
 

අස්‌ථි රෝගවල අත් දුටු සුවය
අද කාලෙ දේශීය ප්‍රතිකාරවලින් සුව කරන්න බැරි රෝගයක්‌ නෑ. සිංහල වෙදකම කරන්න ටිකක්‌ අමාරුයි. ඒත් ප්‍රතිඵල දීර්ඝ කාලීනයි. මම දන්න තරමට ඔය කැඩුම් බිඳුම් වගේම වෙනත් බොහෝ රෝග වලට කරන්න ඕනෙ සිංහල වෙදකමමයි. මේක තමයි අපේ මුතුන් මිත්තන්ගේ ජීවය. උන්දැල කොස්‌, පොලොස්‌ කාල අක්‌කර ගණනක්‌ පොලොව කොටල වගා කළේ ඉහෙන් බහින රෝගයක්‌ නැතිව. එහෙම රෝගයක්‌ හැදුනා නම් ඒකත් සිංහල වෙද මහත්තයාගෙ තෙල් ටිකෙන් කසාය කෝප්පයෙන් සියල්ල සමනය කර ගත්තා."
 
 


"අපේ ප්‍රදේශයේ හිටිය අවුරුදු ගාණක්‌ කොන්දේ අමාරුව හැදිච්ච රෝගියෙක්‌. උන්දැ මේකට නොකළ ප්‍රතිකාරයක්‌ නෑ. දවසකට බෙහෙත් පෙති අහුරක්‌ බොනවා. ඉතිං තාවකාලික සුවයක්‌ විතරයි ලැබුණේ. ආයෙමත් වේදනාව එනවා. ඔන්න ඉතිං ඉස්‌පිරිතාලෙකට ගිහිල්ල තවත් බෙහෙත් තොගයක්‌ අරගෙන එනවා. අන්තිමේදී එයාගෙ කොන්දෙ අමාරුව සනීප වුණේ වැලිගම මදනායක වෙදමහත්තයගෙන් බෙහෙත් අරගෙන."

හෙළ වෙදදුරුවරුන් ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටි මට මේ වචන කිහිපයෙන් උද්දාමයට පත්ව දැඩි අවධානයකින් වැලිගම, බොරාල පාරේ මදනායක බෙහෙත් ශාලාවට ගියේ ඔහු සොයා ගෙනය.

මා ගැන සියලු තොරතුරු මදනායක වෙදැදුරුට පවසමින් ඔහු හා සාකච්ඡාවකට වැටුණේ ඇතැම් රෝගීන් කියන ඔහුගේ වෙදකමේ ඇති විශේෂත්වය දැන ගැනීමටය.

"මගේ ප්‍රතිකාරවලදී විශේෂත්වයක්‌ තියෙනවද කියල මට වඩා දන්නෙ මගෙන් ප්‍රතිකාර ගන්න රෝගීන්. ඒ අය කියනවා නම් ඒ බෙහෙත් හොඳයි කියලා ඒකම තමයි මගේ විශේෂත්වය."

"මම සියලු සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරනවා. නමුත් අස්‌ථි රෝග සම්බන්ධයෙන් විශේෂ අවධානයක්‌ යොමු කරන ගමන් ඒවාට නිවැරැදි ප්‍රතිකාර ක්‍රමයක්‌ යොදා ගන්නවා."

"අස්‌ථි රෝග කියපුවාම මොනවගේ රෝග දැ"යි සියල්ල අසා සිටි මම නැවත වෙදැදුරුගෙන් ඇසුවෙමි. 

"මිනිස්‌ සිරුරේ ඇති සියලුම අස්‌ථි කැඩීම්, බිඳීම්, පිපිරීම්, ඇදවීම් හා ඉරිතැලීම් වගේම දිරායැම් වගේ දේවල්"

"සාමාන්‍යයෙන් මේ තත්ත්වය වැටීමෙන්, පැනීමෙන් වගේම හදිසි අනතුරකින් ද වෙන්න පුළුවන්. මේ අවස්‌ථාවලදී තෝරා ගත යුතු ප්‍රතිකාර ක්‍රම දෙකක්‌ තියෙනවා. එකක්‌ තමයි දේශීය ප්‍රතිකාරය. අනික තමයි බටහිර ප්‍රතිකාරය. මේ ක්‍රමයට ශල්‍යකර්ම තුළින් ප්‍රතිකාර කළත් දේශීය ක්‍රමයට එක්‌ස්‌ කිරණ නැතිව ඇණ නැතිව ප්ලාස්‌ටර් නැතිව ස්‌පර්ශ කර දැක බලා රෝග විනිශ්චයෙන් ප්‍රතිකාර කරනවා. අපි මේක සියයට සියයක්‌ම

නිවැරැදියි කියලා කියන්නේ පරම්පරා ගණනක ඉඳලා පැවත එන නිසා. මේ සිංහල වෙදකමට බොරු කරන්න බැහැ. නිවැරැදිව කළොත් නිවැරදි ප්‍රතිඵල එනවා"

"මෙහිදී කිව යුතු දෙයක්‌ තියෙනවා. සමහර උදවිය නොදැන ප්‍රතිකාර කරන්නත් යනවා. තවත් සමහරෙක්‌ පොත් බලාගෙන බෙහෙත් වට්‌ටෝරු බලාගෙන වෙදකම් කරන්නත් යනවා. එහෙම කළාම වරදින තැන වෙදා දන්නෙත් නෑ. ලෙඩා දන්නෙත් නැහැ."

විශේෂයෙන්ම අස්‌ථි රෝගවලට ප්‍රතිකාර කිරීමට යැමේදී අස්‌ථියට ඇති වී තිබෙන හානිය හඳුනාගත යුතුයි. ඊට පස්‌සේ තමයි නිසි අවබෝධයක්‌ ලබාගෙන ප්‍රතිකාර කළ යුත්තේ."

"අස්‌ථියක්‌ කැඩීමක්‌, පිපිරීමක්‌, තැලීමක්‌ වගේ වෙච්ච අවස්‌ථාවකදී ඉදිමීම වගේම දැඩි වේදනාවක්‌ ඇතිවෙනවා. එයට අභ්‍යන්තර ප්‍රතිකාර දිය යුතුයි. ඒ වගේම අස්‌ථි පෑහීමේදී රෝගියාගේ වයස ගැන සැලකිලිමත් විය යුතුයි."

"අනික තමයි සුව කර ගැනීමට නොහැකිව කල්ගත වූ රෝගීන් පවා අප ළඟට එනවා. මේ වගේ අවස්‌ථාවකදී අපි ඒ තැන් බෙහෙත් මාර්ගයෙන් නැවත බුරුල් කරල සුව කිරීම් කරනවා."

මදනායක වෛද්‍යාචාර්යතුමා කැඩුම් බිඳුම් ගැන ඉතා පැහැදිලි විස්‌තරයක්‌ කරමින් මෙහි ඇති වටිනාකම පෙන්වා දෙද්දී ඔහු ගැන මට අසන්නට ලැබුණ බොහෝ දේ එකින් එක සිතට නැගෙන්නට පටන් ගත්තේය.

යම් රෝගියකුගේ හෝ නිරෝගී පුද්ගලයකුගේ ප්‍රසාදයට ලක්‌වීමට බොහෝ වෛද්‍යවරුන්ට හැකියාවක්‌ නැත. යම් ප්‍රතිකාරයක්‌ කිරීමේදී එය වැරදී ගියහොත් රෝගියාට මෙන්ම රෝගියාගේ භාරකාරයන්ට ද ඇතිවන තත්ත්වය වචනයෙන් විස්‌තර කළ නොහැක. මේ තත්ත්වය දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා අවබෝධයකින් තොරව කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය භයානක නම්, අපි කළ යුත්තේ නිවැරැදි වෛද්‍යවරයකු තෝරා ගැනීමයි. මෙහිදී රෝගීන්ගේ අදහස්‌ උදහස්‌ ඉතාමත් වැදගත්ය. වැලිගම මදනායක වෛද්‍යාචාර්යවරයා ද එවැනිම ජන ප්‍රසාදයක්‌ දිනා ගත් වෛද්‍යවරයෙකි. ඔහුගේ ප්‍රතිකාරයන් කෙරෙහි ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල රෝගීන් කතා කරන්නේ මහත් ගෞරවයකිනි.

මදනායක වෙදැදුරුගේ ප්‍රතිකාර තුළින් මට වඩාත් අසන්නට ලැබුණේ කොඳු ඇට පෙළ ඇදවීමේ හා පැති කුදය නමැති රෝගයට දක්‌වන දක්‍ෂතාව පිළිබඳවය. මේ රෝගය වැළඳී සුවවුණු දැරියකගේ පියෙකු මා සමඟ අදහස්‌ දක්‌වමින් මෙසේ කීවේය.

"මගේ දියණියගේ කොන්දේ පැත්තක්‌ ඉස්‌සෙන්න පටන් ගත්තා. මේක අපට දැන ගන්න ලැබුණෙ දරුවට අවුරුදු දොළහේදී විතර. පස්‌සේ දැඩි කම්පාවට පත්වෙච්ච අපි වෛද්‍ය ප්‍රතිකාර ගන්න කිහිප තැනකට ගියා. ඒ එක තැනකින්වත් නිවැරැදි ප්‍රතිකාරයක්‌ අපට ලැබුණේ නැහැ."

"විශේෂයෙන් තරුණ වයසට පිවිසෙන ගෑනු දරුවෙකුට මේ වගේ තත්ත්වයක්‌ උදාවුණාම දෙමවුපියන්ට දරාගන්න බැරි දුකක්‌ වේදනාවක්‌ ඇතිවෙනවා. අපි දහ අතේ කල්පනා කළා මේකට විසඳුමක්‌ හොයන්නෙ කොහොමද කියලා. මෙහෙම ඉන්න අවස්‌ථාවක තමයි අපිට වැලිගම මදනායක වෙද මහත්තය ගැන අහන්න ලැබුණේ.

"ඒ වෙනකොටත් දරුවගෙ ඉල ඇට කූඩුවත් ඇඹරිලා, කොන්දත් පැත්තකට ඉස්‌සිලා, කතුලෙත් අඟල් භාගයක්‌ කොට වෙලයි තිබුණේ. මේ දේවල් අපිට නොතේරුණාට වෙද මහත්තය සියල්ල පරීක්‍ෂා කරල අපිට පෙන්නල දුන්නෙ මේ රෝගයේ තියෙන භයානක පැත්ත."

"ඉතිං හරියටම මාසයක්‌ ගියේ නැහැ. මගේ දරුවගෙ ඒ රෝග තත්ත්වය වෙනස්‌ වෙලා ස්‌වාභාවික තත්ත්වයට දැන් සුවවෙලා. මේක මට දරාගන්න බැරි තරමට සතුටක්‌. ඇතැම් වෙලාවකදී මේ වගේ වෙද මහත්වරු අපේ රටේ ඉන්නවද කියලත් හිතුනා."

මම මේ පිළිබඳව මදනායක වෛද්‍යාචාර්යතුමාගෙන් තොරතුරු විමසමින් මෙවැනි රෝගයකට හේතුවන සාධක මොනවාදැයි ඇසීමි.

"කොඳුඇට හෙවත් පෘෂ්ඨවංශස්‌ථි රෝග හට ගන්නේ වැටීමෙන්, බර ඉසිලීමෙන් වගේ දේවලින්. සමහර විට මේ තත්ත්වයේ මුල් අවස්‌ථාවේදී පොඩි වේදනාවක්‌ හට ගන්නවා. කල් යනකොට මේ වේදනාව වැඩි වෙනවා. මේ තත්ත්වයේදී සිටගෙන සිටීම වගේ පහත් වීමත් අපහසු වෙනවා. මෙතැනදී තියෙන තත්ත්වයක්‌ තමයි මේ වේදනාව දෙපා දක්‌වා පැතිරීම."

"මේකට අපේ අය වේදනා නාශක පෙති අරගෙන තාවකාලික සුවයක්‌ ලැබුවට රෝගය එතනමයි. ඊට පස්‌සෙ වෙන්නෙ ක්‍රමයෙන් රෝගය වර්ධනය වෙලා කල් යනකොට කොඳුඇට පෙළ පහළ කෙළවර ශ්‍රොaණිපළකයට සම්බන්ධ ස්‌ථානයෙන් හා ශ්‍රොaණිපළකය පැත්තට යැමක්‌ සිදුවෙනවා. මෙතෙන්දී ඒ වගේ අය පැත්තට ඇලවෙලා තමයි ගමන් කරන්නේ.

"මේ වගේ අවස්‌ථාවලදී අපේ පැරැණි වෛද්‍ය ක්‍රම භාවිත කරල රෝග තත්ත්වය සුව කළත් බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නෙ ශල්‍යකර්මයක්‌ කළ යුතුයි කියලා. මම දන්නෙ නැහැ ඒක කොච්චර දුරට සාර්ථකද අසාර්ථකද කියලා. කොහොම වුණත්aa අපේ පැරැණි වෙදකමට නම් මේක සියයට සියයක්‌ ම සාර්ථකයි. විසඳල දීමේ ප්‍රතිකාර තියෙනවා."

ඇතැම් වෙලාවකදී මේ වගේ රෝගීන් අපි ළඟට එන්නේ ගොඩක්‌ තැන්වලට ගිහිල්ල රෝගය හොඳටම උත්සන්න වුණාට පස්‌සෙ. ඒත් අපි අපේ වගකීමෙන් මඟ හරින්නෙ නැතිව රෝගිය භාරගන්නෙ මොනවගේ තත්ත්වයක තිබුණත් අපේ ප්‍රතිකාර ක්‍රමවලින් ඒක සුව කරන්න පුළුවන් නිසා."

"මෙතෙන්දි මම විශේෂයෙන් කියන්න ඕන දෙයක්‌ තියෙනවා. ඒක තමයි මම කරන්නෙ ආයුර්වේද ප්‍රතිකාරයක්‌ නොවෙයි දේශීය ප්‍රතිකාරයක්‌ කියන එක. සමහර විදේශීකයන් ඉන්දියාවේ ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන සුව නොවී අපේ රටට ඇවිත් දේශීය ප්‍රතිකාර අරගෙන සුවවෙලා තියෙන අවස්‌ථා ඕනතරම් තියෙනවා."

මදනායක වෛද්‍යාචාර්යවරයාගෙන් ප්‍රතිකාර ගෙන සුව වූවෝ බොහෝ ය. එනිසාම ඔහු සොයා එන රෝගීන්ගේ ද අඩුවක්‌ නැත. විශේෂයෙන් අස්‌ථි සම්බන්ධයෙන් පැන නගින බොහෝ රෝගවලට ප්‍රතිකාර කරන මදනායක වෙදැදුරු වැලිගම, බොරාල පාරේ මදනායක බෙහෙත් ශාලාවේදී හමුවිය හැක. එමෙන්ම නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ද ඔහු ඉබ්බාවල ආරෝග්‍ය ශාලාවක්‌ ද රෝගීන්ගේ පහසුව සඳහා ඉදිකර ඇත.

වසර සිය ගණනකට එහා පැරැණි වෙද පරපුරකින් පැවත එන මදනායක වෙදැදුරුගේ සීයා වන මහවත්තේ සියදොaරිස්‌ වෙදැදුරු ද ප්‍රදේශයේ නමක්‌ දිනාගත් දක්‍ෂ වෛද්‍යවරයෙකි. එමෙන්ම පියා වන මහවත්තේ ඇම්. ඩී. මදනායක හෙවත් මහවත්තේ දිනේස්‌ වෙදැදුරු ද එවැනිම ප්‍රසිද්ධියක්‌ ඉසිලුවේය.

තම සීයාගේත්, පියාගෙත් ආභාෂය ලැබූ ඇම්. ඩී. මදනායක වෛද්‍යාචාර්යවරයා ද ඔවුන් හා සමානවම ප්‍රදේශයේ නමක්‌ දිනාගෙන සිටින දේශීය වෛද්‍යවරයෙකි.
free counters