අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

ඩෙංගු බෙහෙත සූදානම්


අපේ වෙදැදුරු
බිය වූ කාලය අවසන් ඩෙංගු බෙහෙත සූදානම්
- වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය


මාරාන්තික ඩෙංගු රක්‌තපාත උණ රෝගය මේ වන විට ශ්‍රී ලංකාවේ කතා බහට ලක්‌ වී ඇති ප්‍රධාන මාතෘකාවලින් එකකි. දිනෙන් දින ඉහළ යන මේ රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙද්දී එය මර්දනය කිරීමට ගන්නා ක්‍රියා මාර්ග ද ඉහළ අගයක්‌ ගන්නේය.
ජාතික මට්‌ටමින් දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් හා ප්‍රාදේශීය මට්‌ටමින් ගන්නා මෙම ඩෙංගි මර්දන ක්‍රියාමාර්ග කොතෙක්‌ සාර්ථකද, අසාර්ථකද යන්න සොයා බැලීමේදී ලැබෙන පිළිතුරු කෙසේ වෙතත් රෝගය ව්‍යාප්ත වීමේ අඩුවක්‌ නම් නැත.
කෙසේ වෙතත් තම පරිසරය හා මතුවන ප්‍රශ්න ඩෙංගි ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක්‌ බව කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමේදී අවබෝධ කර ගැනීමට අපහසු නොවේ.

අද දවස වන විට ඩෙංගි රක්‌තපාතය ව්‍යාප්තවීම රජයට කිසියම් ආදායම් මාර්ගයක්‌ව ඇත්තේ මෙම පරිසර ගැටලු මුල්කර ගෙන ය. දැනුවත්ව හෝ නොදැනුවත්ව තම ගෙවත්තේ තිබෙන යෝගට්‌ කෝප්පයටත් දඩ ගැසීමෙන් මේ බව වඩාත් සනාථ කිරීමක්‌ නොවන්නේ ද?.

මෙවැනි වාතාවරණයක්‌ යටතේ කිරි අල ගහක්‌, වැහිs පිහිල්ලක්‌, මල් පෝච්චියක්‌ වැනි දැ ද තම නිවසින් තුරන් කිරීමට සිදුව ඇත්තේ මෙම දඩ නියම කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස්‌ ඇති නිසාවෙනි.

තම ගෙවත්ත කෙරෙහි අවධානය යොමු කිරීම ඩෙංගු ව්‍යාප්තිය පාලනයට කිසියම් මෙහෙවරක්‌ නොවන්නේ නොවේ. එහෙත් එපමණකින්ම මෙම මාරාන්තික ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය කළ හැකි දැයි සොයා බැලීම වඩාත් ප්‍රායෝගික වැදගත්කමකි.

මෙවැනි වාතාවරණයක්‌ රට තුළ පවතිද්දී මේ කෙරෙහි දැඩි අවධානයක්‌ යොමු කළ දිරිය තරුණියක්‌ සිය දැනුම මුල් කර ගෙන තනිවම සටනක්‌ දියක්‌ කළාය. අද දවස වන විට එහි සාර්ථක ප්‍රතිඵල ලබමින් ඩෙංගු රෝගයට ප්‍රතිකාරකයක්‌ සොයා ගනිමින් හෙළ වෙදකමේ අභිමානය ලෝකයාට පෙන්නා දුන් ඇය ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වීරසූරියයි. අපි පසුගිය දිනක ඇය හමුවී මෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව විමසීමක්‌ කිරීමට අදහස්‌ කළෙමු.

පළමුවෙන් ම අපට කියන්න ඩෙංගු රෝගී තත්ත්වයක්‌ හඳුනා ගන්නෙ කොහොමද කියලා. මම මුලින්ම ඇය සමඟ සාකච්ඡාවකට පිවිසෙමින් ප්‍රශ්නයක්‌ ඇසීමි.

මේ රෝගය අපි හඳුනා ගන්නේ මෙන්න මේ කියන ශාරීරික අපහසුතාවලින්.

අතපය වේදනාව, සවසට උණ ගැනීම. ඇස්‌ රතුවීම, ඔළුවේ වේදනාව, රුධිර පීඩනය අඩුවීම, මුත්‍ර පිටවීම අඩුවීම, වෙව්ලීමෙන් උණ හට ගැනීම වගේ කරුණු ප්‍රධානයි. මෙවැනි තත්ත්වයක්‌ යටතේ දින තුනක්‌ පහක්‌ ඇතුළත රෝගය හට ගන්නට පුළුවන්.

හැබැයි මේ තත්ත්වය ඩෙංගි හඳුනාගන්න තියෙන නිවැරැදිම ක්‍රමය නොවෙයි. හේතුව වෙනත් ආබාධවලටත් මෙවැනි තත්ත්වයන් ශාරීරිකව ඇති වෙන්න පුළුවන් නිසා. සමහර විට මේ කිසිම ආබාධයක්‌ නැතිවත් ඩෙංගි රෝගය වැළඳෙන්න පුළුවන්.

"එහෙමනම් මේ රෝගය නිවැරැදිව හඳුනා ගන්නෙ කොහොමද?"

"නිවැරැදිව හඳුනා ගන්න ඕන නම් පැහැදිලිව රුධිර පරීක්‍ෂාවක්‌ කිරීම තමයි හොඳම දේ"

"එතකොට හෙළ වෙදකමට අනුව මේ රෝගය හඳුනාගන්න ක්‍රමයක්‌ නැද්ද?"

"තියෙනවා"

"ඒ කොහොමද?"

"නාඩි පරීක්‍ෂාවෙන් වගේම රෝග ලක්‍ෂණවලින්"

"ඔබ ළඟට එන රෝගීන් හඳුනාගන්නේ නාඩි පරීක්‍ෂාවකින්ද?"

"පැහැදිලිවම නාඩි පරීක්‍ෂාවකින් වගේම රෝග ලක්‍ෂණවලින්. නමුත් මම එහෙම පරීක්‍ෂා කළාට රෝගීන්ගේ දැන ගැනීම සඳහා අනිවාර්යයෙන් ම රුධිර පරීක්‍ෂාවකුත් කරනවා. අනික මගේ නිගමනයත් එක්‌කම තාක්‍ෂණික මට්‌ටමෙන් කෙරෙන පරීක්‍ෂණයත් අපට කිසියම් ස්‌ථිර නිගමනයකට එන්න පුළුවන්."

"ඒ කියන්නේ නාඩි පරීක්‍ෂාවකින් ස්‌ථිර නිගමනයකට එන්න බැහැ කියන එකද?"

"කවුද එහෙම කියන්නෙ. වර්තමානයේ ඔවැනි පරීක්‍ෂණ පවත්වන්න තාක්‍ෂණික ක්‍රම කොපමණ තිබුණත් මීට වසර දහස්‌ ගණනක්‌ හෙළ වෙදවරු රෝග විනිශ්චය කළේ නාඩි පරීක්‍ෂාවෙන්. අදටත් නිවැරැදිව ශරීරයේ තිබෙන රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් තත්ත්වය, මධුමේහ තත්ත්වය කිසිම රුධිර පරීක්‍ෂාවකින් තොරව, නාඩි පරීක්‍ෂාවකින් දශමයටම කියන්න පුළුවන් වෙද මහත්වරු ඉන්නවා.

මේ නාඩි පරීක්‍ෂාව වෙනම ඉගෙන ගන්න ඕන විෂයයක්‌. අද සාමාන්‍ය උණ හෙම්බිරිස්‌සාවක්‌ හැදුනත් බටහිර වෛද්‍යවරු කියන්නේ රුධිර පරීක්‍ෂාවක්‌ කරගෙන එන්න කියලා. ඇයි එහෙම කියන්නේ. තමන් වසර ගණනාවක්‌ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන තමන්ගෙ දැනුමෙන් නිගමනයකට එන්න බැරිවද? නෑ බැරිකමක්‌ නෑ. නමුත් විශේෂඥ වෛද්‍යවරුන් මේ තාක්‍ෂණික ක්‍රම උපයෝගී කරගෙන ප්‍රතිකාර කරන්නෙ වඩාත් නිවැරැදි දේ කළ හැකි නිසා. නමුත් ඒ තාක්‍ෂණික රුධිර පරීක්‍ෂණයෙන් ලැබෙන පිළිතුරු වෛද්‍ය විද්‍යාවේ දැනුම නොවෙයි තාක්‍ෂණයේ තියෙන හැකියාව."

"අපිත් මෙතෙන්දී රුධිර පරීක්‍ෂණයක්‌ කරවන්නෙ අපේ ක්‍රමවේදයන්හි තියෙන අඩුවක්‌ නිසා නොවෙයි. ප්‍රායෝගිකව රෝගීන්ට කිසියම් නිගමනයකට පත් කිරීමටයි"

"නාඩි පරීක්‍ෂාව ගැන කෙටි හැඳින්වීමක්‌ කළොත්"

"හෙළ වෙදකමට අනුව වා, පිත්, සෙම කියන තුන්දොස්‌ කිපීමෙන් නේ බොහෝ රෝග හටගන්නේ. ඉතින් මේ තුන්දොස්‌ විකෘති වීමෙන් හටගන්නා රෝග නාඩි පරීක්‍ෂාවෙන් අපේ ඇඟිලි තුඩුවලට දැනෙනවා. මෙතෙන්දී වෙද ඇඟිල්ලට වාත රෝගත්, මැද ඇඟිල්ලට පිත් රෝගත්, දබර ඇඟිල්ලට - සෙම රෝගත් දැනෙනවා. ඒ තුළින් අපි රෝග හඳුනාගෙන ප්‍රතිකාර කරනවා. මෙතෙන්දී තවත් දෙයක්‌ කිව යුතුයි. නාඩි පරීක්‍ෂණය පිරිමියෙකුගේ දකුණතිනුත්, කාන්තාවකගේ වමතත් තමයි නාඩි පරීක්‍ෂාවට යොදා ගන්නේ."

"ඩෙංගි රෝගියකු රෝහල් ගත කළාම මොනවගේ ප්‍රතිකාරයක්‌ද කරන්නෙ.?"

"වැඩිපුරම විවේකයෙන් තැබීම තමයි මූලිකම දේ. ඊට අමතරව රෝග තත්ත්වයන් අනුව සේලයින් දීම, මුත්‍ර පිටවීම අපහසු නම් ඊට පිළියම් යෙදීම, වමනෙ එනව නම් ඒකටත් ප්‍රතිකාරයක්‌ කිරීම, ඇන්ටිබයිටික්‌ එකක්‌ දීම වගේ දේවල් තමයි. නමුත් මේ ප්‍රතිකාර ඩෙංගුවලට දෙන ප්‍රතිකාර නෙවෙයි. ඒ ඒ අවස්‌ථාවලදී මතුවන ආබාධ අනුව දෙන ප්‍රතිකාරයන්. නමුත් අසාධ්‍ය තත්ත්වයට පත් වුණොත් රුධිර පට්‌ටිකා දීම අනිවාර්යයෙන් කෙරෙනවා.

"ඔබේ ප්‍රතිකාර ක්‍රමයන්ට අනුව ඩෙංගි රෝගියෙකුට කරන ප්‍රතිකාර පිළිබඳව විස්‌තරයක්‌ කළොත්."

"මම ප්‍රතිකාර කරනව කියන්නේ පැහැදිලිව ඩෙංගි රෝගියකුට මම හොයාගත්ත ඖෂධය අනිවාර්යයෙන් ම දෙන එකනේ. ඒක මට විශ්වාසයි. මේ අතර දෙළුම් යුෂ පානයට දීම, පැණි කොමඩු, එළකිරි, මී පැණි අමතර ආහාර හැටියට ගන්න කියනවා."

"මෙතෙන්දී අන්නාසි, අච්චාරු, හතු, එළුමස්‌, හරක්‌ මස්‌, මත්පැන් වැනි දේ සම්පූර්ණයෙන් ම නොගත යුතුයි."
විමලසිරි අගලකඩ
 2014 ජනවාරි 19 ඉරිදා දිවයින 


 ඩෙංගු මාරයාට අපේ විදිහෙන්ම මුහුණ දෙමු


වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය

ලක්‌වැසි ජනතාව භීතියට පත් කරමින් ඩෙංගූ උණ රෝගය ගමක්‌ නගරයක්‌ පාසා වේගයෙන් වර්ධනය වෙන්නේ දිනකට කිහිපදෙනෙක්‌ බිලිගනිමිනි. මේ තත්ත්වය හමුවේ බලධාරීන් ඊට නිසි පිළියම් යෙදීමට උත්සාහ නොගෙන අඳුරේ අතපත ගාන්නවුන් මෙන් හැසිරෙද්දී තරංගා කුමාරි තම රටවැසි ජනතාව ඉන් මුදා ගැනීමට තනිවම තීරණාත්මක සටනක යෙදී දැනට ස්‌ථිර නිගමනයකට එළැඹ සිටින්නීය.

මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අද වන විට හෙළ ඔසුවක්‌ සොයා ගැනීමට පැරැණි වෙද පරපුරක සාමාජිකාවක්‌ වූ ඇය සමත් වීම මෙරට වැසියන් ලැබූ මහත් භාග්‍යයක්‌ සේ සැලකිය හැකිය.

"ඩෙංගි මාරයාට මුහුණ දීමේ අභියෝගය මගේ ඖෂධයේ තියෙනවා" තරංගා කුමාරි ස්‌ථිරවම ප්‍රකාශ කරන්නීය.

"මේ ඩෙංගි රෝගය තරාතිරම නොබලා දැනට බොහෝ පිරිසක්‌ බිලි අරගෙන තියෙනවා."

"මෙහෙම තියෙද්දී ඔබ ඔය බෙහෙත ජනතාව අතරට නොයවා නිහඬව ඉන්න බවක්‌ තමයි පේන්නෙ."

"ඒකට හේතුවක්‌ තියෙනවා. ඇත්තෙන්ම මේ ඩෙංගි මාරාන්තික රෝගය අපේ රටට වසංගතයක්‌. දිනපතාම ජනමාධ්‍යයෙන් ඇහෙන්නෙ දකින්නෙ ඩෙංගිවලට ගොදුරුවෙලා මැරෙන අය ගැන. මේකට පිළියමක්‌ වශයෙන් දැනට කෙරෙන වැඩපිළිවෙළ නරක නැහැ. එහෙත් ඩෙංගි මදුරුවො නැති කරනව වගේම අනිත් පැත්තෙන් බෝවෙනවා."

"මේ සෑම සිදුවීමක්‌ ම මගේ සොයාගැනීමට උපකාරී වුණා කියලයි මට හිතෙන්නෙ.

අපි නිකමට මෙහෙම හිතුවොත් නයෙක්‌ වැනි දරුණු සතෙක්‌ දෂ්ට කරල අසිහියෙන් ඉන්න කෙනකුට තමන්ගෙ වත්තෙන්ම තියෙන ගසකින් මුලකින් වැලකින් උග්‍ර විෂ ඉවත්කරන්න පුළුවන් නම් මදුරුවා කියන සතෙක්‌ හෙළ වෙදකම ඉදිරියෙ මොකෙක්‌ද කියලා මං කල්පනා කළා. ඊට පස්‌සෙ අපේ පරණ මුතුන් මිත්තන්ගෙ පුස්‌කොළ පොත්වල තිබුණ ඖෂධවල සංයුතිය ගැන හොඳ අවබෝධයකින් මේ බෙහෙත නිපදවා ගත්තෙ."

"මෙහෙම අමාරුවෙන් සොයා ගත්ත බෙහෙතට හරි වටිනාකමක්‌ දිය යුතුයි. ඒක නිසා මම නැවත කල්පනා කරල තීරණයක්‌ ගත්තා මේක රාජ්‍ය අනුග්‍රහය යටතේ රෝහල්වලට ලබා දෙන්න."

"ඒකෙන් ඔබ අදහස්‌ කරන්නේ."

"ඒකෙන් මම අදහස්‌ කරන්නේ මේ රටේ අසරණ ඩෙංගි රෝගීන්ට වඩාත් ඵලදායී ප්‍රතිකාරයක්‌ කරන්න."

"ඇයි ඔබ මේ ඖෂධය ඔසුසල්වලට නිකුත් නොකරන්නේ."

"මුලින් කී හේතුව නිසා. අපි සිංහල වෙද පරම්පරාවකින් පැවත එන වෙදැදුරුවරු. සිංහල වෙද මහත්තයා කියන්නේ අහිංසක රෝගී ජනතාවගේ හද ගැස්‌ම හොඳින් හඳුනන උදවිය. ඔවුන්ගේ සතුට රෝගීන්ගේ නිරෝගී කමයි. කිසිම මුදලකට යට නොවී බුලත් හුරුල්ලකට පමණක්‌ සීමා කෙරෙන මේ ප්‍රතිකාරය වසර දහස්‌ ගණනක්‌ ඈතට විහිදිලා තියෙන්නේ ඒ නිසා ය.

මේ නිසා තමයි මම මේක ඔසුසල්වලට නිකුත් නොකර රාජ්‍ය අනුග්‍රහය යටතේ රජයේ රෝහල්වලට පමණක්‌ දෙන්න හදන්නේ. මොකද එතනින් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර කරන නිසා.

"ඒකෙන් අදහස්‌ කරන්නේ ඔබට මුදල් අනවශ්‍යයි කියන එකද?"

"නෑ නෑ. කොහෙත්ම නැහැ. මුදල් අඩුවෙන් හෝ වැඩියෙන් හොයන එක නොවෙයි ප්‍රශ්නය. මට මුදල් වැඩියෙන් උපයන්න ඕන නම් මට මේක ඔසුසල්වලට ඉහළ මිලකට අලෙවි කරන්න පුළුවන්. මොකද මාරාන්තික ඩෙංගු රෝගියකු බේරා ගන්න කීයයි කිව්වත් මේ බෙහෙත ගන්න නිසා."

"මේ බෙහෙත නිපදවන්න සැලකිය යුතු මුදලක්‌ වැය වෙනවා. ඒත් ඕන නම් අර මම මුලින් කිව්ව වගෙ වැය වන මුදල වගේ සිය ගුණයක්‌ මට මේකෙන් හොයන්න පුළුවන්. ඒක නිසා මේ දෙපැත්ත ගැනම ඕනවට වඩා හිතන්නෙ නැහැ."

"දැනට මම මේ ඖෂධය සඳහා සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාගෙන තියෙනවා. මේ සූත්‍ර කමිටුව කියන්නෙ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙ බෙහෙතක්‌ හැටියට ලියාපදිංචි කරන මණ්‌ඩලය. මේ කමිටුවට වෛද්‍යවරු, ආයුර්වේද කොමසාරිස්‌, ශිල්පීය තාක්‍ෂණ කොමසාරිස්‌ වගේම අයි. ටී. අයි. ආයතනයේ නිලධාරීන් අයත් වෙනවා. අනෙක්‌ කරුණ තමයි පේටන්ට්‌ බලපත්‍රය හෙවත් බුද්ධිමය හිමිකම් පිළිබඳ සහතිකය වගේම අයි. ටී. අයි. තත්ත්ව සහතිකයත් දැනට මම ලබාගෙන තියෙනවා."

මේ සියලු සහතික තියෙනව නම් ඇයි තවම රෝහල්වලට ගත්තෙ නැත්තෙ.

"මේක රෝහල්වලට නිකුත් කරනවා නම් සායනික මට්‌ටමෙන් පරීක්‍ෂණ පවත්වල ඊට පස්‌සෙ තමයි රෝහල්වලට ලබා දෙන්න ඕන."

"ඇයි එහෙම නොකරන්නෙ"

එහෙම නොකරනවා නොවෙයි. ඒකට මම පසුගිය කාලෙ අවස්‌ථාව ලබා දුන්නෙ නැහැ. අපේ බලධාරීන්ගෙන් කිහිප අවස්‌ථාවකම ඉල්ලුවත් ඒ අය මේකෙ ගුණදොස්‌ විවේචනය කර කර හිටිය මිස අවස්‌ථාව දුන්නෙ නැහැ."

"මේ ළඟදී කොහොම හරි අපේ ජනාධිපතිතුමාට මේ ගැන දැන ගන්න ලැබිලා මගෙන් විස්‌තර දැනගෙන ඒ අවස්‌ථාවේම ඖෂධ සංස්‌ථාවෙ සභාපතිට කතා කරල සායනික පරීක්‍ෂණයක්‌ කරන්න සියලු කටයුතු සකස්‌ කර දෙන ලෙස සභාපතිතුමා දැනුවත් කළා."

"දැනට මම ඒ සඳහා සියලු කටයුතු සූදානම් කරමින් ඉන්නවා."

මේ ඖෂධය ඔබ නම් කරල තිබෙන්නේ කෙසේ දැයි මම අවසන් වරට ඇයගෙන් ඇසීමි.

"සාමාන්‍යයෙන් මේ රෝගය හඳුන්වල දීල තියෙන්නෙ ඩෙංගි රක්‌තපාත උණ කියලා. ඉතිං ඩෙංගි කියන නාමය වෙනුවට ඩෙංගු කියල මම මේ ඖෂධය හඳුන්වල දීල තියෙනවා."

මේ ඖෂධ්‍ය පාවිචිච් කරන පිළිවෙළ ගැන කිව්වොත්

"ඩෙංගි රක්‌තපාත උණ හැදුන රෝගියකුට මේ දියර බෙහෙතෙන් පැයකට මි. ලී. 50 බැගින් පැය 8 ක්‌ පාවිච්චි කළාම මේ භයානක රෝගී තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්."

"ඒ කියන්නේ සුවපත් වෙනවා"

"පැහැදිලිවම සුවපත් වෙනවා."

සමහරු මේ ඖෂධය ගැන මගෙන් ප්‍රශ්න කරනවා. ඒක අසාධාරණයි කියලා මම කියන්නෙ නැහැ. නමුත් ප්‍රශ්න කරන ස්‌වභාවයෙන් හිතේ තියෙන දේ මට කියන්න පුළුවන්. මේ ප්‍රශ්නකිරීම්වලදී විවිධ තරාතිරමේ අයත් ඉන්නවා. සමහර වෙලාවක ඔවුන් මගේ සොයා ගැනීම අවතක්‌සේරුවට ලක්‌ කරල ඖෂධ සංයුතිය ලබා ගැනීමට උපක්‍රමශීලී වෙච්ච වෙලාවලුත් තියෙනවා.

සර්වාංග රෝග පිළිබඳව පුළුල් අධ්‍යයනයක්‌ කර තිබූ තරංගා වෛද්‍යවරිය ඩෙංගි රක්‌තපාත උණට පමණක්‌ නොව වෙනත් බොහෝ රෝගවලටද ප්‍රතිකාර කරන්නීය. මෙම රෝග අතර පිළිකා, අර්සස්‌, සෙම, හතිය, මදුමේහය වැනි රෝගවලට අමතරව එච්. එයි. වී. වෛරසය ශරීරගත වූවන්ටද ප්‍රතිකාර කරන බවක්‌ පැමිණ සිටි රෝගීන් සමග කළ කතාබහේදී අපට දැනගන්නට ලැබිණි.

තරංගා කුමාරි වෛද්‍යවරිය මේ ඖෂධය නිපදවා ගැනීමෙන් ලබන ආත්ම තෘප්තිය උඩඟු කමකට හරවා ගෙන නැත. ඇයට එසේ කිරිමට ද අවශ්‍යතාවක්‌ නැත. දිනෙන් දින ඩෙංගු මාරයාට ගොදුරු වන අපේ රට්‌ ජනතාව ඉන් මුදවා ගැනීම ඇයගේ පරම පවිත්‍ර ෙච්තනාව බව අප අතර වූ සංවාදය තුළින් මොනවට පැහැදිලි කෙරිණි.

විමලසිරි අගලකඩ
 2014 ජනවාරි 26 ඉරිදා දිවයින 

free counters