අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

විශේෂයෙන් ඔබේ දැනුමට 1

වෙළඳපොලේ අලෙවිය සඳහා ඇති එළවලු සහ පළතුරු 80%ක් විෂ රසායන ද්‍රව්‍ය සහිතයි. එය ගොඩාක් දෙනා නොසලකා හරින දෙයක්. පෙනුමට බලාගන්න බෑ ඒ විෂ. ඉතින් ඒවා පිරිසිදු කරගන්නා ඉතාමත් පහසු ක්‍රමයක් මේ.

මුලුතැන්ගෙයි සින්ක් එක හෝ බේසමක්/භාජනයක් ජලයෙන් පුරවාගන්න. ඉන්පසු එයට විනාකිරි කෝප්පයක් එක්කරන්න. ජලය හොදින් මිශ්‍රකර, ඔබ ආහාරයට ගැනීමට සැරසෙන එළවලු හා පලතුරු එම ජලයෙහි ගිල්වා විනාඩි 10-15 තබන්න. අවසානයේ ජලය අවපැහැ ගැන්වෙනු ඇත. ඉන්පසු එම එළවලු/පලතුරු පිරිසිදු වතුරෙන් සෝදා ආහාරයට හෝ ආහාර සදහා පිළියෙළ කිරීමට ගන්න. මෙමගින් එළවලු/පලතුරු මත ඇති කෘමි නාශක, කෘෂි රසායනිකයන් හා අපද්‍රවය ඉවත්වන අතර බැක්ටීරියා ආදිය විනාශ වී යයි. 











free counters