අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

දියවැඩියා රෝගීන් ගත යුතු ආහාර


නීරෝගී පුද්ගලයකුගේ රුධිර සීනි මට්‌ටම පැවතිය යුත්තේ 90-130 ත් අතරය. ඊට වැඩි නම් එම තැනැත්තා දියවැඩියා රෝගයෙන් පෙළේ. එවැනි පුද්ගලයන් ආහාර පාන ගැනීමේදී පරෙස්‌සම් විය යුතුය. දියෑවැඩියා රෝගීන්ට නියම කරන ආහාර වට්‌ටෝරුව සාමාන්‍ය ශරීර සෞඛ්‍යය සඳහා කාටත් සුදුසුය.

එම ආහාර වට්‌ටෝරුව සංකීර්ණ පිෂ්ඨ ආහාරවලින් යුක්‌තය. එනම් බත්, ඉඳිආප්ප පිට්‌ටු, පාන්, රොටි, නූඩ්ල්ස්‌, කුරක්‌කන්, පිටි ආහාර, තෝසේ, ඉට්‌ලි, අර්තාපල්, මඤ්ඤොක්‌කා, ඉන්නල, කිරි අල. කොස්‌ දෙල්, අලු කෙසෙල් ආදියයි. මෙම ආහාර දියවැඩියා රෝගීන්ට නුසුදුසු යෑයි ප්‍රචලිතව ඇති මතය වැරදිය. මේවා වැඩියෙන් කෑම හොඳ නැත. දිනකට බත් පීරිසි 03 ක්‌, පාන් පෙති 04 ක්‌, අල ග්‍රෑම් 100 ක්‌ ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය.

මෙය දිනපතා ගැනීම ආහාර රුචිය අඩු කරන බැවින් පිෂ්ට ආහාර හුවමාරු කරගත හැකිය. එනම් තැම්බූ නූඩ්ල්ස්‌ කෝප්පයක්‌, මැදි පමණ තෝසේ 2 ක්‌, කුඩා ඉඳිආප්ප 06 ක්‌ අඟල් 4 ක පිට්‌ටු කෑල්ලක්‌, ආප්ප 02 ක්‌, මුරුක්‌කු ග්‍රෑම් 150 ක්‌, මැදි පමණ රොටියක්‌, අර්තාපල් ග්‍රෑම් 100 ක්‌, කොස්‌, දෙල් ග්‍රෑම් 100 ක්‌, තිරිඟු පිටි ග්‍රෑම් 50 ක්‌, කුරක්‌කන් පිටි ග්‍රෑම් 50 ක්‌, මඤ්ඤොක්‌කා ග්‍රෑම් 100 ක්‌ බැගින් මෙම ආහාරවලින් එකක්‌ දිනකට අනුභව කළ හැකිය. මින් සිරුරට දිනකට අවශ්‍ය කිලෝ කැලරි 150 ක්‌ පමණ ලැබේ. 

මෙම පිෂ්ඨ ආහාරයට යහමින් එකතු කළ යුත්තේ පලා කොළත් එළවළුත්ය. මුං ඇට, කව්පි, සෝයා, කඩල, පරිප්පු, වැනි පියලි ඇට වර්ග දියවැඩියා රෝගීනට ඉතා ගුණදායකය. මින් ප්‍රොටීන් ද ලැබෙන බැවින් දිනකට වේල් දෙකකට මේවා ඇතුළත් කර ගැනීම ඉතා සුදුසුය.

සත්ත්ව ආහාර ගන්නේ නම් හරක්‌ මස්‌ ග්‍රෑම් 50 ක්‌, මාළු ග්‍රෑම් 75 ක්‌, කුකුළු මස්‌ ග්‍රෑම් 50 ක්‌, හාල් මැස්‌සෝ ග්‍රෑම් 30 ක්‌, එළුÊමස්‌ ග්‍රෑම් 30 ක්‌, ඌරු මස්‌ ග්‍රෑම් 20 ක්‌, ඉස්‌සෝ ග්‍රෑම් 100 ක්‌, ටින් මාළු ග්‍රෑම් 30 ක්‌ පොකිරිස්‌සෝ ග්‍රෑම් 100 ක්‌, කකුළුවෝ ග්‍රෑම් 100 ක්‌, කරවල ග්‍රෑම් 40 ක්‌, ලෙසින් මින් එක්‌ වර්ගයක්‌ දිනකට එක්‌කර ගත හැකිය.

දියවැඩියා රෝගීනට පලතුරු ඉතා හොඳ ආහාරයක්‌. එහිදී ඇපල් කුඩා ගෙඩියක්‌. ඇඹුල් කෙසෙල් ගෙඩියක්‌. ආනමාලු ගෙඩි 1/2 ක්‌, රට ඉඳි ගෙඩි 3 ක්‌, මිදි ගෙඩි 20 ක්‌ පේර ගෙඩියක්‌, ජම්බු ගෙඩි 10 ක්‌, අඹ කුඩාගෙඩියක්‌, දොඩම් ගෙඩියක්‌ පැපොල් කුඩා කැබැල්ලක්‌, අන්නාසි කුඩා කැබැල්ලක්‌ දිනකට ආහාරයට ගැනීම ගුණදායකය.

සීනි ආහාරයට ගන්නේ නම් සීනි තේ හැඳි එකක්‌. කිතුල් පැණි තේ හැඳි එකක්‌, මී පැණි තේ හැඳි එකක්‌, හකුරු ග්‍රෑම් 8 ක්‌ ලෙස මින් එක්‌ වර්ගයක්‌ දිනකට ආහාරයට ගත්තාට වරදක්‌ නැත. නමුත් දියවැඩියා රෝගීන් මේ කිසිදු සීනි වර්ගයක්‌ ආහාරයට නොගන්නා තරමට හොඳය. දියවැඩියා රෝගීනට කොතලහිඹුටුත් කරවිලත් ගුණදායකය. නමුත් ඖෂධත් ආහාර පාලනයත් අවශ්‍යය. දියවැඩියා රෝගියකු ලේ පරික්‍ෂා කර ගත යුත්තේ ආහාර නිසි පරිදි පාලනය කර ඖෂධ ගනිමින් සිටියදීය. මේ දෙකම නවත්වා රුධිර සීනි පරීක්‍ෂා කිරීමෙන් ප්‍රයෝජනයක්‌ නැත. 

විශේෂ ස්‌තූතිය - හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක
උපාලි ද සේරම්
2013 අගෝස්‌තු 25 ඉරිදා දිවයින



ඉපැරණි හෙල සහල් පිළිකා, දියවැඩියා නසන බව සනාථ වේ

December 22, 2013 at 11:56 am | lanka C news


පිළිකා, දියවැඩියාව,රක්තහීනතාව ආදී රෝග පාරම්පරික සහල් පරිභෝජනයෙන් නිවාරණය කළ හැකි යයි කාර්මික තාක්ෂණ ආයතනය විසින් සහල් පිළිබද කළ පර්යේෂණ වලදී තහවුරු වූ බව එම ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මිය පැවසුවාය. සුදු හීනටි, පච්ච පෙරුමාල්, රත් සුවදැල් යන සහල් වර්ග පිළිකා රෝගය සදහා ද, දියවැඩියාව සදහා මසුරන්, ගොනබාරු යන සහල් වර්ගද රක්තහීනතාව සදහා යකඩ සහ ප්‍රෝටීන් බහුල කළු බැල වී, පච්ච පෙරුමාල්, දහනඅල, රතු හීනටි, කට්ටමංජල් යන සහල් වර්ගද ආහාරයට යොදා ගත හැකි බව ඇය සදහන් කළාය. මෙම නව සොයා ගැනීම සිදු කලේ කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශය මගින් වසර හතකට ආසන්න කාලයක් පුරා සිදු කෙරූ පරීක්ෂණයන්ට අනුව යයිද අධ්‍යක්ෂිකාව පැවසුවාය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබාගත් පාරම්පරික සහල් නියැදි පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව මෙම සොයා ගැනීම සිදුකළ බවද මෙම පාරම්පරික සහල් වර්ගයන්හි ඇතැම් සහල් වර්ග සුපිරි වෙළදසල් මගින්ද පාරිභෝගිකයන්ට ලබාගත හැකි බව ඇය වැඩිදුරටත් සදහන් කළාය.
පිළිකා, දියවැඩියාව,රක්තහීනතාව ආදී රෝග පාරම්පරික සහල් පරිභෝජනයෙන් නිවාරණය කළ හැකි යයි කාර්මික තාක්ෂණ ආයතනය විසින් සහල් පිළිබද කළ පර්යේෂණ වලදී තහවුරු වූ බව එම ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මිය පවසයි. සුදු හීනටි, පච්ච පෙරුමාල්, රත් සුවදැල් යන සහල් වර්ග පිළිකා රෝගය සදහා ද, දියවැඩියාව සදහා මසුරන්, ගොනබාරු යන සහල් වර්ගද රක්තහීනතාව සදහා යකඩ සහ ප්‍රෝටීන් බහුල කළු බැල වී, පච්ච පෙරුමාල්, දහනඅල, රතු හීනටි, කට්ටමංජල් යන සහල් වර්ගද ආහාරයට යොදා ගත හැකි බව ඇය සදහන් කරන්නීය. මෙම නව සොයා ගැනීම සිදු කලේ කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශය මගින් වසර හතකට ආසන්න කාලයක් පුරා සිදු කෙරූ පරීක්ෂණයන්ට අනුව යයිද අධ්‍යක්ෂිකාව තවදුරටත් පවසා සිටී. ඖෂධීය වටිනාකමකින් යුත් ඉපැරැණි වී වර්ග 3000ක් සිංහල රජ දවසේ පැවැති බවත් ඉන් වර්ග 1487ක් පේරාදෙණිය ජාන සම්පත් මධ්‍යස්ථානය සොයාගෙන ඇති බවත් එයින් ද වී වර්ග 160ක් දඹුල්ල, දෙහිඅත්තකණ්ඩිය, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, කොළඹ, කළුතර ආදි ප‍්‍රදේශවල වගා කැර ඇති බවත් දේශීය බීජ හා කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනයේ සභාපති පී. ගුරුසිංහ මහතා මීට කලකට ඉහත දී පවසන ලදි. කාය ශක්තිය වඩා දියවැඩියා, ස්නායු හා මුත‍්‍රා රෝග, පිළිකා, නැසීමේ ගුණයක් ඇති බව කියන මා වී, සුවඳැල්, කළු හිනැටි, රත්දැල්, පොක්කලි, දහනල, කුරුළුතුඩ, හැට දා වී සහ මඩතවාලූ ද එම ගොවිපොළ වල වගා කර තිබේ. ලුණු ගතිය වැඩි බූන්දල ‘‘ පොක්කලි’’ ද හෝමාගම සූදුරු ද පර්යේෂණ සඳහා රෝපණය කර ඇත.


ගැස්‌ට්‍රයිටිස්‌ නොසාදන අපේ ආහාර

නූතනත්වයට ගොදුරු වූ සමාජයේ වැරදි ආහාර රටාවන් නිසා සෑම දෙනාම පෙළන රෝගයක්‌ වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ය. මෙම රෝගය කොතරම් බහුලදැයි කිවහොත් එම රෝගයෙන් නොපෙළීම අඩුවක්‌ සේ දකින අයද සමාජයේ සිටිති. "මට ගෑස්‌" "මට ගැස්‌ටි්‍රක්‌" මෙම රෝගය වැරදියට වහරන්නෝද සමාජයේ බහුලව වෙසෙති. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයේදී සිදුවන්නේ ආමාශයේ ඇතුළත ආස්‌තරණය ( Gastric Mucosa ) ප්‍රදාහමය තත්ත්වයකට භාජන වීමයි. මෙය ආමාශයට ශ්‍රාවය වන හයිෙඩ්‍ර්‍රdක්‌ලෝරික්‌ අම්ලයේ සැර වැඩිවීමෙන්ද ආමාශය එයින් ආරක්‌ෂා කරන ශ්ලේෂ්මල ශ්‍රාවයන්ගේ දුර්වලවීමෙන්ද ඇතැම්විට ඒ දෙකෙන්මද සිදු විය හැකිය. එමෙන්ම ආහාර පාන වල ඇති මිරිස්‌ වැනි බාහිර සැර කාරකයක්‌ ( Irritant ) මගින්ද සිදු විය හැකිය. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය මාරාන්තික නොවූවත් එය රෝගියා ඉමහත් කායික මානසික අපහසුතාවකට සහ වි`දවීමකට භාජන කරන රෝගයකි. මෙහි රෝග ලක්‌ෂණ වන්නේ බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආහාර අරුචිය, බඩේ කැක්‌කුම, පපුව දාගෙන උගුරට ඒම, ඔක්‌කාරය ආදියයි. මෙම අපහසුතාවන් නිසා ඇතැම්විට අප්‍රාණික ගතිය ක්‌ලාන්තය කැරකිල්ල ආදී රෝග ලක්‌ෂණද ඇතිවිය හැකිය. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන් මස්‌පිඬු වේදනාවෙන් සහ අතේ පයේ රුදාවලින් පෙළෙන අවස්‌ථාද හමුවිම සුලබය. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇතිකිරීමට සහ උත්සන්න කිරීමට මනසද තීරණාත්මක ලෙස බලපායි. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ස`දහා ඖෂධ කාණ්‌ඩ කිහිපයක්‌ භාවිත කළද ඒවායින් ප්‍රශස්‌ත ප්‍රතිඵල ලබාගැනීමට නම් නිසි ආහාර පිළිවෙත් පිළිපැදීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. ගැස්‌ට්‍රයිටිස්‌ කුමන හේතුවක්‌ මූලික කොටගෙන හටගත්තද එයට ප්‍රතිකාර කිරීමේදී නිසි ආහාර පිළිවෙත්වලට අනුගත නොවුවහොත් යහපත් ප්‍රතිඵල නොලැබේ. අද බොහෝ දෙනා තමන්ගේ ප්‍රධාන ආහාර බවට පත්කරගෙන ඇති පාන්පිටි කෑම, කිරිපිටි, ක්‌ෂණික කෘත්‍රිම ආහාර පාන, තෙල් අධික කෑම සහ මිරිස්‌ අධික කෑම ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිකිරීමේ සහ උත්සන්න කිරීමේ ප්‍රධාන වගඋත්තරකරුවන්ය. සුදුකිරි ගැස්‌ට්‍රයිටිස්‌ වලට හො`ද යෑයි කියා ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන් වැඩි වැඩියෙන් කිරිපිටි බී තවත් ලෙඩරෝග සාදාගත්තද කිරි බී ගැස්‌ට්‍රයිටිස්‌ හො`දකරගත් කෙනෙක්‌ නම් අපට හමුවන්නේ නැත. රෝල්ස්‌ වැනි ගැඹුරු තෙලෙන් බැදි, මිරිස්‌ ගම්මිරිස්‌ද අධික ලෙස යෙදූ පාන්පිටි කෑම ආහාරයට ගතහොත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීම සහ වැඩිවීම නියතය. නමුත් "මට ගෑස්‌, මට ගෑස්‌" කියමින් නිතර මැසිsවිලි නඟන්නන්ගේ ප්‍රධාන ආහාර වී ඇත්තේද එවැනි කෑම වර්ගයන්ය. අවදි වූ විගස කිරිපිටි දියකර බොන, උදේ ආහාරය ලෙස පාන් කන, කෙටි ආහාර ලෙස රෝල්ස්‌ කට්‌ලට්‌ වැනි දේවල්ම කන, පැණි බීම බොන දවසේ ඉතුරු හරියද කිරිපිටි පාන්පිටි ආහාර සහ කෘත්‍රිම ආහාරවලින් ගෙවා දමන අයට ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීම ගැන පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ එවන් විෂම ආහාර රටාවකට ගොදුරු වී තිබෙද්දීත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇති නොවූ වොත්ය. ප්‍රධාන ආහාරය ලෙස තුන් වේලටම බත් ආහාරයට ගැනීම ගැස්‌ට්‍රයිටිස්‌ වළක්‌වා ගැනීමට ඇති හො`දම ක්‍රමයයි උදේට හීල් බත් ආහාරයට ගැනීම ගැස්‌ට්‍රයිටිස්‌ වලට විශේෂයෙන්ම ගුණදායකය.
බත් ආහාරයට ගැනීමේදීද තෙල් අධික, මිරිස්‌ අධික දේවල් සමග ආහාරයට නොගැනීමට ප්‍රවේශම් විය යුතුය. අධික ලෙස මිරිස්‌ යෙදූ පොල් සම්බෝල, මස්‌ හොදි ආදියද මිරිස්‌ යෙදූ බැදුම් ආදියද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන් බත් සමග නොගත යුතු ආහාර වෙයි. ප්‍රධාන ආහාර වේල්වලට අමතරට කෙටිකෑම ලෙස ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ටද ප්‍රශ්නයකින් තොරව භාවිත කළ හැකි ඉතාම ගුණදායක ආහාර රාශියක්‌ අපට ඇත. පොදුවේ සළකතොත් හාල්පිටි, කුරහන්පිටිවලින් සාදාගන්නා හුමාලයෙන් තම්බාගන්නා ආහාර ගැස්‌ට්‍රයිටිස්‌ වලට ගුණදායකය. හැලප, වණ්‌ඩුආප්ප, වැලිතලප, ගොටුපිට්‌ටු, ලැවරිය කුරහන් පිට්‌ටු ආදිය ඒවාට නිදසුන්ය. හාල්පිටිවලින් සාදාගන්නා තාච්චියේ පුච්චාගන්නා, වැඩිපුර පිපුම් කාරක නොයදූ පැණිආප්ප සුදුආප්ප ආදියද ගැස්‌ට්‍රයිටිස්‌ වලට ගුණදායකය. හාල්පිටි සහ උ`එ`දු පිටි මිශ්‍රකිරීමෙන් සකසා ගන්නා තෝසෙ ද එවැනිම මිශ්‍රණයකින් සකසා ගන්නා ඉට්‌ලිද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට සුදුසුය. හැලප, පැණිආප්ප, වණ්‌ඩුආප්ප, වැලිතලප, ගොටුපිට්‌ටු, ලැවරිය ආදියේ ඇති පැණි රසයෙන් ලබාදෙන මෘදු ගුණය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට හිතකරය. එහෙත් බර වැඩි ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට සහ දියවැඩියාවෙන් පෙළෙන ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට පැණිරස අධික වශයෙන් භාවිතකිරීම සුදුසු නැත. සුදු සීනි වෙනුවට එම ආහාරවලට පැණිරස ලබාදීම ස`දහා කිතුල්පැණි, පොල්පැණි, මී පැණි, බඹර පැණි, ආදිය වඩා හිතකරය. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයෙන් පෙළෙන බර වැඩි සහ තරබාරු අයට බර අඩුකර ගැනීමට ආහාර පාලනයක්‌ කරන්නට යෝජනා කළ විගසම ඔවුන් අපෙන් විමසන්නේ "ඩොක්‌ටර් කෑම අඩු කළහම ගැස්‌ට්‍රයිsටිස්‌ වැඩි වෙන්නේ නැද්ද" කියාය. නමුත් බර අඩු කර ගැනීමට අප යෝජනා කරන ආහාර වැඩපිsළිවෙළ පිළිපදින අයට ගැස්‌ට්‍රයිටිsස්‌ සුව වීමක්‌ මිස වැඩි වීමක්‌ නම් වන්නේ නැති බව පෙන්වා දිය යුතුමය. අප බර අඩු කර ගැනීම ස`දහා යෝජනා කරන්නේ තෙල් සහ මේදය අවම තන්තු අධික ජලයද වැඩිපුර පානය කරන ක්‌ෂණික කෘත්‍රිම ආහාරවලින්ද තොර ආහාර පාන රටාවකි. එය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ටද එලෙසම අදාළ වන අතර ඔවුන් අමතරව කළ යුත්තේ මිරිස්‌ ගම්මිරිස්‌ ආදී සැරකාරක භාවිතය අවම කිරීම පමණි. එසේම එවන් ආහාර රටාවක්‌ තුළින් ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමේදී බර අඩුවීම නිසාද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සුව වේ. ගැස්‌ට්‍රයිටිස්‌ සුවකරගන්නට යෑයි කියා නිතර නිතර වැඩි වැඩියෙන් ආහාර ගන්නා තරබාරු සහ බර වැඩි අයට සිදු වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ සුව කරගන්නට නොව උත්සන්න කරගන්නටය. එයට හේතුව එසේ ආහාර ගැනීම තුළ ශරීරයේ එකතුවන කැලරි ප්‍රමාණයෙන් ඔවුන් තවදුරටත් තරබාරු තත්ත්වයට පත් වීමයි. තරබාරු බව වැඩි වීම යනු අනිවාර්යයෙන්ම ගැස්‌ට්‍රයිටිස්‌ද වැඩි වීමයි. එපමණක්‌ නොව දියවැඩියාව ඇතුළු තවත් භයානක ලෙඩරෝග රාශියකට පාර කපා ගැනීමයි.
වෛද්‍ය
පාලිත සමන් ජයකොඩි

free counters