අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

බයිපාස් නොකර හදවත් රෝග සුවකරන වික්‍රමාරච්චි

මම මේ වෙදකම් ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉඳල. මම කවදාවත්ම සුශ්‍රැතය, චරකය කියවලා නෑ. මම මේ වෙදකම ඉගෙන ගත්තේ මගේ මිත්තණියගෙන්, කට පාඩම් කරලයි ඉගෙන ගත්තේ. මගේ මිත්තණිය රෝගීන්ට වෙදකම් කරන කොට මං ඇයට සහාය වුණා. මගේ කේන්දරේ බලලයි මිත්තණිය මාව මේ වෙදකමට සම්බන්ධ කර ගන්නේ. කේන්දරේ බලපුවම ඇය තේරුම් ගන්න ඇති නවගමුවෙ වෙද පරපුර මම ඉදිරියට ගෙන යාවි කියල.වෛද්‍යාචාරිනී නවගමුවගේ හෙලේනා පෙරේරා මගේ මිත්තණියගේ නමයි. ඒ කාලේ ඇය ප්‍රසිද්ධ වෙද හාමිනේ කෙනෙක්. ඇය රෝගීන් බොහෝ ගණනක් සුවපත් කරල තියෙනවා. මට මතකයි මොළයේ ගෙඩියක් තිබූ රෝගියෙක් ඇය සුවපත් කළ හැටි. ඒ කාලේ දැන් වගේ නොවෙයි ඖෂධ පැළෑටි ඕනෑ තරම් තිබුණා සොයා ගන්න.වෛද්‍යාචාරිනී චාන්දනී වික්‍රමාරච්චි මහත්මියගේ මෙම ප්‍රකාශයෙන් ඇයගේ අව්‍යාජත්වය හා නිරහංකාර බව මොනවට ඉස්මතු වන්නේය. සුශ්‍රැතය, චරකය ඇය කියවා නෑ කීවේ ඒ බැවිනි. චරකය යනු චරක සංහිතාවය. චරක, සුශ්‍රැත, අෂ්ටාංග හෘදය ආයුර්වේද මූලික සංහිතා ග්‍රන්ථ වේ. ආයුර්වේද ශාස්ත්‍රය හදාරන්නේ නම් මෙම ග්‍රන්ථ කියවා හැදෑරිය යුතුමය.එහෙත් වික්‍රමාරච්චි වෙද හාමිනේ මේ පොත් කියවා නැත. ඇය ඒ බව පැවසුවේ නිරහංකාරවය. ඒ ඇය වෙදකම ඉගෙන ගත්තේ ඇයට වයස අවුරුදු 8 සිට තම මිත්තණියගෙන් නිසාය. ඇය ඉගෙන ගත්තේ නවගමු පරම්පරාවට හිමි වෙදකමය. ජීව විද්‍යා අංශයෙන් පාසලේ අ.පො.ස. උසස් පෙළ හැදෑරු ඇය සිය අත්තම්මාගෙන් වෙදකම ඉගෙන ගත්තාය. අත්තම්මා සමග එක්වී රෝගීන්ට ප්‍රතිකාර කළාය. මේ පාරම්පරික වෙදකම ඇය ප්‍රගුණ කළේ එලෙසය.
අපේ රටේ පාරම්පරික වෙදකමෙන් එහෙමත් නැතිනම් සිංහල වෙදකමෙන් සුවපත් කළ නොහැකි රෝගයක් නැති තරම් යැයි ඇයට අවබෝධ වූවාය. ඒ නිසා ඇය අත්හදා බැලීම් කළාය. ඒවා හිතුවාටත් වඩා සාර්ථක විය. ඇයගේ නව සොයා ගැනීම් මගින් රෝගීන් සුවපත් වන විට තම අත්ගුණය ගැන ඇයට ප්‍රබල විශ්වාසයක් ඇති වූවාය.සිංහල වෙදකමේ ඖෂධ වශයෙන් බහුලව ගැනෙනුයේ පැළෑටිය. පැළෑටිත් මිනිසාත් අතර සමවාසී සම්බන්ධයක් ඇත්තේය. ඊට හේතුව පැළෑටිත් මිනිසාත් එකම පංච භූතයෙන් නිර්මාණය වීමයි. රෝගයක් යනු පංච භූතයන්ගෙන් නිර්මිත ත්‍රිදෝෂයේ විසමතාවකි. එය වැඩියෙක් හෝ අඩුවක් විය හැකිය. පංචභූතය මගින් සිදුවනුයේ ඒ වැඩිය කපා හැරීමයි. නැත්නම් අඩුව පිරීමයි. එසේ තුන්දොස් සම කිරීමෙන් සුවය සැලසේ. මෙය විදුහුරු, මහරු ස්වාභාවික පිළියමකි.චාන්දනී වික්‍රමාරච්චි වෙද හාමිනේ මේ සත්‍යය හොඳ හැටි අවබෝධ කරගෙන සිටින්නීය. මේ මහ පොළොවේ නිර්මිත සත්ත්වයා ලෙඩ වූ විට මේ මහ පොළොවෙන්ම උපන් පිළියම් ඇත යන සත්‍යය ඇය අවබෝධ කරගෙන තිබිණි. මේ අනුව කළ අත්හදා බැලීම්වලදී රෝග රැසකට පිළියම් සොයා ගැනීමට ඇයට හැකිවිය.පිත්තාශයේ ගල් ඇතිවීම, වකුගඩුවේ හෝ මුත්‍රාශයේ ගල් ඇතිවීම, අක්මාවේ මේදය තැන්පත්වීම (Fatty Liver )- දියවැඩියාව, පොතුකබර ( Psorisis )රුධිර නාළවල මේදය තැන්පත් වීම ( Cholesterol )වකුගඩු රෝග, පිළිකා, අසාත්මිකතා නිසා ඇතිවන ආබාධ, අංශභාගය ආදී රෝග රැසක් පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවකළ හැකි බව වික්‍රමාරච්චි වෙද හාමිනේ පවසන්නීය. මේ සෑම රෝගයකටම ඇය පිළියම් සොයාගෙන ඇත. ඒ ඒ රෝග තත්ත්වය අනුව දිනවකවානු ලබාදී රෝගය සුව කිරීමේ දක්‍ෂතාවක් ඇයට ඇත. ඇය තම ප්‍රතිකාර ක්‍රමය කෙරෙහි තබා ඇති විශ්වාසය කෙබඳු වේදැයි ඉන් අපට සිතා ගත හැකිය.
දියවැඩියාව, ජඨර ප්‍රදාහය (Gastritis)හැදිල ආපු රෝගීන් මං නිට්ටාවටම සුව කරල තියෙනවා. ඒ වගේම තමයි පිත්තාශයේ සහ වකුගඩුවේ සහ මුත්‍රාශයේ ගල් තිබුණු රෝගීන්ටත් මං ප්‍රතිකාර කරල සුවවෙලා තියෙනවා.මේ වෙදකමෙන් සුව කරන්න බැරි ලෙඩක් නෑ. ඒ වගේම ස්නායු රෝගීන් අංශභාග රෝගීන් වෙනුවෙන් මං විශේෂ තෙලක් හදල තියෙනවා. ඒක ඇග ගැල්වූවාම ස්නායු රෝගීන්ටත්, අංශභාග රෝගීන්ටත් ලැඛෙන්නේ පුදුම ගුණයක්. අපි මේ මහ පොළොවේ ඉපදිල මේ මහ පොළොවේ ගුණය උරාගෙන ජීවත් වෙන මිනිස්සු. ඉතින් අපේ ලෙඩ රෝගවලට මේ මහ පොළොවෙම බොහෙත් තියෙන්න ඕනෑ. මම ඒක තදින්ම විශ්වාස කරනවා. මහ පොළොවේ ගුණය උරාගෙන හැදුණු පැළෑටිවල ඒ ඖෂධ ගුණය තියෙනවා. මේ ඖෂධ පැළෑටිවලින් ඛෙහෙත් හදල මම පර්යේෂණ කරල තියෙනවා. ඒවායින් සාර්ථක ප්‍රතිඵල ලැබුණු නිසා තමයි මං විශ්වාසයෙන් යුතුව ප්‍රතිකාර කරන්නේ. ඒ විශ්වාසය නිසා තමයි මං ලෙඩාට එයා සනීප වන දින කාලවකවානු ලබා දෙන්නෙ.අපි ස්වභාව ධර්මයට ආදරය වෙන්න ඕනෑ. එතකොට ස්වභාව ධර්මය අපිව රකිනවා. අද බහුතරය සොබා දහමට පිටුපා යන නිසා සොබාදහම අපිට එරෙහි වෙලා තියෙනවා. අද මිනිස්සු පරිසරය විනාශ කරන නිසා ඖෂධ පැළෑටි හිග වෙලා තියෙනවා. සමහර ඖෂධ පැළෑටි නැත්තටම නැති වෙලා, හොයා ගන්නවත් බැහැ. සනීප කරන්න බැහැයි කියල නිගමනය වන බොහොමයක් රෝග පාරම්පරික වෙදකමෙන් සනීප කරන්න පුළුවන්. නමුත් ඒ රෝගවලට ඕනෑ කරන අත්‍යවශ්‍යම ඛෙහෙත් පැළෑටි හොයා ගන්නවත් බැහැ. ඒවා වඳවෙලා ගිහින්. ස්වභාව ධර්මයට අපි ආදරේ නැති නිසා ස්වභාව ධර්මයට අපිව රකින්න බැරිවෙලා තියෙනවා.
වෛද්‍යතුමිය කියන මේ කතාව ඇත්තය. හෘදයට රුධිරය ගෙන යෑම අවහිර වූ විට කෙරෙන රුධිර නාළිකා බද්ධය බයිපාස් සැත්කම නොකර එම රුධිර නාළිකා අවහිරය පාරම්පරික වෙදකමෙන් සාර්ථකව සුවපත් කළහැකි බව චාන්දනී වික්‍රමාරච්චි වෛද්‍යතුමිය පවසන්නීය. ඇය තම ප්‍රතිකාර මගින් එවැනි රෝගීන් ස්වල්ප දෙනකු නිට්ටාවටම සුවපත් කොට ඇත. ඒත් එම ඖෂධය සෑදීමට ගන්නා ඛෙහෙත් පැළෑටි සොයා ගැනීමේ දුෂ්කරතාව නිසා එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නොහැකි වී ඇත. ස්වභාව ධර්මයට එරෙහි වීම නිසා මිනිසාට ලැබුණු එක් දඩුවමකි.බටහිර වෙදකම මේ දක්වා හාස්කම් පානුයේ ප්‍රතිජෛව ඖෂධ මගිනි. එම ඖෂධ ආසාදන රෝග සඳහා විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන නමුදු ඉවක් බවක් නැතිව සීමා රහිතව යෙදීමෙන් මාරක රෝගද පැනනැ‍ගේ. ඒ මන්ද එම ඖෂධ ක්‍ෂුද්‍ර ජීවීන්ට හුරුවීම නිසා එය මැඩපැවැත්වීමට නොහැකි වීමෙන් අපේක්‍ෂිත ප්‍රතිඵලය නොලැබීමෙනි. ඒ ක්‍ෂද්‍ර ජීවීන් ඖෂධ ශක්තිය මැඩ නැගී සිටින නිසාය.අපේ සිරුර මනහර නුවරක් නම් ක්‍ෂුද්‍ර ජීවීන් (බැක්ටීරියා) එම නුවරට කඩා වදින ආක්‍රමණික හමුදාවක් වැන්න. එම හමුදාව නුවරට ඇතුළුවීමෙන් පසු ප්‍රතිජෛව ඖෂධ නමැති බෝම්බවලින් දැඩි ප්‍රහාරයක් එල්ල කොට සුනු විසුනු කිරීම පහසුය. එහෙත් එයින් සිරුර නමැති නුවරටද බරපතළ හානි සිදුවන බව අමතක නොකළ යුතුය. පෙරදිග වෙදකමේ ක්‍ෂුද්‍ර ජීවී හමුදා මැඬීමට බෝම්බ භාවිතා නොකරයි. සිරුර නමැති නුවරට කිසිඳු සතුරකුට ඇතුළු විය නොහැකි සේ සිරුර සියලු අතින් සවිමත් කිරීම පෙරදිග වෙදකමෙන් සිදුවේ. ශක්තිය නම්, බලය නම් නිරෝගී බව යැයි හෙළ වෙදකමේ කීවේ ඒ නිසාය.
.අද සමාජයේ පැතිරී ඇති ලෙඩක් තමයි අර්ශස් කියල කියන්නේ. පොදුවේ සියලු දෙනාටම යම් තරමකට අර්ශස් තිබුණත් රෝග ලක්‍ෂණ ප්‍රකටව පවතින අය පමණක් අර්ශස් රෝගීන් ලෙස සැලකෙනවා. මේ ලෙඩේ බහුලව වැලඳුණත් බෝවන ලෙඩක් නම් නොවෙයි. මෙය වැල‍‍දෙන්නට වයිරසයක්, බැක්ටීරියාවක් බලනොපෑවට මේක හරියට වධ දෙන ලෙඩක්.වික්‍රමාරච්චි වෙද හාමිනේ කියන ලෙස මේ මූලග්ගාය රෝගය (අර්ශස්) සනීප කළ හැකිය. එවැනි රෝගීන් බොහෝ ගණනක් ඇය විසින් සුවපත් කරනු ලැබ ඇත. පාරම්පරික වෙදකමේ අනර්ඝ ඖෂධ මේ සඳහා තිඛෙන බව ඇය පවසන්නීය.මේ රෝගය වැලඳුණු වි‍ට සතුරකු මෙන් හිංසා කරන නිසා .අර්ශස්. කියාද, කීමට අපහසු නරක නමක් ඇති ලෙඩක් නිසා .දුර්නාම. කියාද, ගුදයේ හටගන්නා ගෙඩි කියන තේරුමෙන් ගුද කීල කියාද වෙද පතපොතෙහි මේ රෝගය හැඳින්වේ. ගැමි වහරේ මේ රෝගය හඳුන්වන්නේ අර්ශස් ගාය නැතිනම් මූලග්ගාය යනුවෙනි.මිනිසත් බවත් සමග මිනිසාට උරුම වූ රෝගයක් ලෙස මෙය නම් කළ හැකිය.
ඒ මිනිස් ගුද මග ගුරුත්වාකර්ෂණයට නිතර අසුවන අයුරෙන් පිහිටීම නිසාය. ගුද මග ආශ්‍රිත මූලාධාර පේශිය දිනපතා වැඩි ‍වෙලාවක් පෙළෙනුයේ මිනිසා වැඩි වේලාවක් වාඩි වී සිටීමේ නරක පුරුද්ද නිසාය. මේ පෙළීම නිසා මේ පේශිය ආශ්‍රිතව ගුද බිත්ති ඇතුළත ගමන් ගන්නා ශිරා පිම්බේ. එසේ පිම්බුණු ශිරාවෝ දැඩි වී ගෙඩි බවට පත්වෙති. මේ ගෙඩි හරියට මිදි පොකුරක් වැනිය. අර්ශස්වල උපත එයයි.මේ රෝගය හැදුණාම නොරිස්සුම් ගතිය නොසන්සුන් බව ඇතිවෙනවා. කුඩා අර්ශස් ගෙඩි දැඩිවීම සහ මල බද්ධය නිසා ගුද මගඟකෙළවර තදබල දැවිල්ලක් ගන්නවා. ඉන් මොළයේ තාප නියාමක කේන්ද්‍රය උත්තේජනය වෙනවා. ඒ නිසයි අර්ශස් රෝගියාට කෝපයත් නොරිස්සුම් ගතියත් ඇති වෙන්නේ.එක තැන වාඩිවී සිටින, ව්‍යායාමයෙන් තොර අයට මෙම රෝගය වැලඳිමේ ප්‍රවණතාව වැඩියි. මල බද්ධය ඇත්නම් පරෙස්සම් වෙන්න ඕනෑ. මේ රෝග ආරයට යෑමේ ආකාරයක්ද දකින්න පුළුවන්. මේ රෝගයට ප්‍රතිකාර ගන්න ආව අය මං සුවපත් කර තිඛෙනවා. අසාධ්‍ය අර්ශස් රෝගීන්ටත් මම ප්‍රතිකාර කර තිඛෙනවා. වෙදහාමිනේ පැවැසුවාය.ඇය මෙවැනි රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ විශේෂ ඖෂධ සකසා ඇත. ඇය රෝගීන් විනිශ්චය කරන කුටියට පිටුපසින් ඇත්තේ කසාය, තෙල් වර්ග, පත්තු වර්ග සාදන කුටියයි. රෝගීන් බලන අතරතුර ඇය විටින් විට ගොස් ඖෂධ සාදන අයුරු නිරීක්‍ෂණය කරයි.සිද්ධාදි වෙද මැදුර, අංක 345, නගර සීමා මාවත, හෝමාගම යන ස්ථානයේදී වෛද්‍යාචාරිනී චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය හමුවිය හැකි අතර 0759061771 සහ 0113061771 යන දුරකතන අංකවලින් වැඩිදුර විස්තර ලබාගත හැකිය.
free counters