අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

රත‍්‍රන් මගින් දරුණු පිළිකා සහමුලින්ම නසන ලොව එකම ඉසිවරයා රත්මලානේ

රත‍්‍රන් මගින් දරුණු පිළිකා සහමුලින්ම නසන ලොව එකම ඉසිවරයා රත්මලානේ ‘ලෝකයේ දැනට පරීක්ෂණ පවත්වා බටහිර වෛද්‍යකමටත් සුව කිරීමට නොහැකි පිළිකා රෝගය සුව කිරීමට බෙහෙත් සොයාගෙන සිටින එකම වෛද්‍යවරයා මමයි. මම එය රටට සමාජයට කියා පාන්නේ මහත් ආඩම්බරයෙන්’ යැයි වෛද්‍ය ලලිත් කුලරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ ‘තිලක පිළිකා රෝග සංගමය’ ආරම්භ කිරීම හා රසවෛද්‍ය ක‍්‍රමයෙන් පිළිකා රෝගය සුව කිරීම පිළිබදව පානදුර පුරහලේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ලලිත් කුලරත්න මහතා මෙසේ කීය, ‘කැරට් 24 රත්රන්වල ජාන වෙනස්කළ හැකි බැවින්, රත්රන් ඖෂධ මාර්ගයෙන් පිළිකාව සුව කිරීමේ ක‍්‍රමවේදය ලොවට හදුන්වාදී ඇති ලොව එකම වෛද්‍යවරයා ලෙස මේ වනවිට මම පිළිකා රෝගීන් විශාල පිරිසක් සුව කරලා තිබෙනවා. මේ සියලූ හාස්කම් කළහැකි වන්නේ ශෛල්‍ය හෝ එන්නත් හෝ විකිරණ ප‍්‍රතිකාර නොකළ රෝගීන්ට බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරන්න කැමතියි. පිළිකාව කියන්නේ දරුණු රෝගයක් නෙවෙයි. බටහිර වෛද්‍යවරුන් පිළිකාව භයානක රෝගයක් කියා මිනිසුන් බිය ගන්වා තිබෙනවා. මොකද ඔවුන් ල`ග පිළිකාව සුව කරන්න බෙහෙතක් නැති නිසා. මේ රෝගයට මිනිසුන් පොඞ්ඩක්වත් බිය විය යුතු නැහැ. මම මෙම රෝගය රසදියෙන් හොද කරනවා. මගේ වෛද්‍ය ආයතනය රත්මලාන ගොළුමඩල හන්දියේ පිහිටි ශ‍්‍රී මංගල ඔසුහලයි’
 September 18, 2013 at 12:26 pm | lanka C news 

මාරාන්තික වකුගඩු රෝගීන්ට ජීවය දෙන කණ්‌ඩලම වෙද මහතා


අපේ රටේ පවතින මාරාන්තික වකුගඩු රෝගයට බිලිවෙන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙයි. ඒ නිසා එය කාලීන මාතෘකාවක්‌ බවට නිතැතින්ම පත් වී තිබේ. එම රෝගයට දේශීය මෙන්ම බටහිර වෛද්‍යවරු ද ප්‍රතිකාර කරති.
මෙම රෝගය පිළිබඳව විශේෂඥ දැනුමැති දේශීය වෛද්‍යවරයකු වන්නේ දඹුල්ල කණ්‌ඩලමේ අතුපාරයාය පාරේ පදිංචි ඒ. එච්. එම්. කිරිබණ්‌ඩා මහතාය. අපි ඒ මහතා හමුවීමට පසුගියදා එම වෛද්‍ය මධ්‍යස්‌ථානය පවත්වාගෙන යන කණ්‌ඩලම වෙද මැඳුරට ගියෙමු. අප එහි යන විටත් ඒ මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පාන්දර සිට පැමිණි රෝගීන් පනහකට අධික සංඛ්‍යාවක්‌ පෙළ ගැසී සිටියහ. සුළු වේලාවකින් අපටද එම වෙද මහතා හමුවීමට අවස්‌ථාව ලැබුණි...
තවවිස්තර....

වකුගඩු සම්බන්ධව ඔබ දැනගත යුතු කරුණු

සමස්‌ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය

වකුගඩු රෝගීන්ගේ යහපතට සමස්ත ලංකා සංගමයක්


සමස්ත ලංකා වකුගඩු සංගමය පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වූ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය චන්දික විජේරත්න, මහාචාර්ය නාලක ගුණවර්ධන, විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව, විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහත්වරු සහ හෙද නිලධාරිහු මෙහි වෙති.
වකුගඩු රෝගීන්ගේ සුබසාධනය සඳහා සමස්ත ලංකා සංගමයක් පිහිටුවා ගැනීම පසුගියදා සිදුකෙරිණි.
වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය චන්දික විජේරත්න මහතාගේ විශේෂ සහභාගිත්වයෙන් පැවැති එම ආරම්භක රැස්වීමට රෝගීහු විශාල සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.
මූලික සාකච්ඡාවේ කැඳවුම්කරු ලෙස කටයුතු කළේ චිත්‍රකලා උපදේශක ආර්. ඒ. නිමල් මහතාය.
මහාචාර්ය චන්දික විජේරත්න මහතා මෙහිදී මෙසේ කීවේය.
වකුගඩු රෝගියකු සුවපත් කිරීමේදී සුවිශාල වෛද්‍ය කර්මයක් කළ යුතුයි. පෞද්ගලික රෝහලකදී වකුගඩුවක් බද්ධ කළොත් ඒ සඳහා රුපියල් ලක්ෂ 13 ක පමණ වියදමක් දැරීමට රෝගියාට සිදුවනවා. මේ රෝගීන් වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරනවා. නමුත් සියල්ලම රජයෙන් ලබාදෙන්න අමාරුයි. ඒ නිසා මෙවැනි සංවිධාන මගින් සහය වීම වැදගත්.
බියගම විශේෂ- රංජිත් අම්පිටියාවත්ත
දිණමින 21/07/2011

සමස්‌ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය
70/8, සරසවි පටුමග,

දේශීය නාඩි වෙදකමේ විස්මය

මේ වෙදැදුරුතුමන්ව හඳුන්වන්නේ නාඩි වෙද මහත්තයා කියලා..ඉන්නේ අනුරාධපුරේ.. මෙතැන ප්‍රතිකාර ක්‍රම හා ලෙඩේ පිළිබඳ නිගමනයන්ට එන්නේ අසාමාන්‍ය ක්‍රමයකට යි.. අපි ගිහින් වෙද මහතා ළඟ ඉඳගන්න පමණයි තියෙන්නේ.. අපේ මැණික් කටුව ළඟින් ඔහුගේ ඇගිලි තබාගන මිනිත්තු කීපයක් අල්ලගන ඉන්න වෙදමහත්තයා නාඩි පරික්ෂණයක නිරත වෙනවා.. ඉන්පස්සේ අපිට ඇති රෝගී තත්ත්වයන් පවසාගන යන්නේ  රෝගියාව පුදුමයෙනුත් පුදුමයට පත් කරමින්.. බටහිර ක්‍රමයට දින ගණනාවක් පරීක්ෂණ කරමින් සොයාගත් දෑ ඔහු මිනිත්තු දෙක තුනක් ඇතුළත කියවාගන යන්නේ හාස්කමකින් වගේ..

අපේ රුධිරයේ සීනි ප්‍රමාණය කොලස්ටරෝල් ප්‍රමාණය වගේම හදවත් ලෙඩ පවා අප මවිතයට පත් කරමින් ඔහු පවසන්නේ නාඩි ශාස්ත්‍රයෙන්.
මෙතැනට ඇවිත් හිටි බොහෝ දෙනෙක් බටහිර ප්‍රතිකාරවලින් ශල්‍යකර්මවලට තීන්දු වූ අය..ඒ බොහෝ දෙනෙක් කියන්නේ දැන් ඒ ශල්‍යකර්ම අවශ්‍ය නැතැයි එම වෛද්‍යවරුම පවසන බවයි..

මේ වෙදමහත්තයාගේ 
නම එස් එස් ගුණවර්ධන 
ලිපිනය නො.172 මාර්කට් පෙදෙස, අනුරාධපුරය.. 
දුරකතන අංකය. 0252223128

මා මේ විස්තරය දැම්මේ කාට හෝ අවශ්‍යතාවක් තිබේනම් ප්‍රයෝජනවත් වේවි කියන අදහසින්. මා මෙසේ කීවාට ඔබ යන්නේ නම් තව විස්තර සොයා බලා යන්න..කොහොමත් යන්නට පෙර අංකයට කතාකර වෙලාවක් වෙන්කරගන යන්න. 

අනුරාධපුර ප්‍රදේශයේ හොරිවිල පිහිටි හොරිවිල වෙද ගෙදර

හොරිවිල පාරම්පරික හෙළ වෙදකමේ තෙවන පුරුක

ආයුර්වේද වෛද්‍ය එස්.එම්.එන්. ප්‍රසාද් සේනානායක
කැඩුම්,බිඳුම් වෙදකම පිළිබඳව කතා කරන විට අනුරාධපුර ප්‍රදේශයේ හොරිවිල පිහිටි හොරිවිල වෙද ගෙදර වෙද මහතා අපට සිහිපත් වන්නේ නිතැතිනි.
Horivilaහබරණ  හොරිවිල පදිංචිව සිටි එස්.එම්. හේරත්හාමි (හොරිවිල වෙද මහතා) කැඩුම් බිඳුම් වෙදකමේ පාරම්පරිකව සිට ආ නිපුනයෙකි.
‘සීයා වෙදකම් කරනවිට  මගේ පියා ඔහු සමග නිරන්තරයෙන්ම සිටියා මට මතකයි‘
1983 ආර්. ප්‍රේමදාස මහත්මයා ගම් උදා වැඩ සටහන යටතේ දොම්පේ ‘වෙදගම’උදාකළ ගම් නිර්මාණය කර දීලා අපේ සීයා කැඳවලා හොරිවිල වෙදකම සියනෑවටත් ගේන්න කියලා උපදෙස් දුන්නා”
 හොරිවිල වෙදමහතාගේ පුත්‍ර වෛද්‍ය එස්.එම්.එන් ප්‍රසාද් ඒකනායක මහතා තම සීයා ගැන එසේ කියයි.
“එවකට දොම්පේ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ සරත්චන්ද්‍ර රාජකරුණා, මහත්මයා මේ පිළිබඳව මූලිකව කටයුතු කරලා කිරිඳිවැල වෙදගම උදාගමෙහි හොරිවිල කැඩුම් බිඳුම් වෙද ගෙදරක් නිර්මාණය කළා.
පසුකාලයේ සීයා වෙදගම වෙදගෙදර මගේ පියාට පවරා දුන්නා. සීයා හොරිවිල වෙද ගෙදර පවත්වා ගෙන ගියා.  88 වසරේ මගේ සීයාගේ වියෝවින් පසු මගේ පියාගේ සහෝදරයා හොරිවිල වෙද ගෙදර පවත්වාගෙන යනවා”. 
වෛද්‍ය ප්‍රසාද් සේනානායක ගුරුතලාව ශාන්ත තෝමස් විදුහ‍ලේ අ.‍පො.ස. (ස.පෙළ) සමත්ව අනතුරුව උසස් පෙළ විභාගය සඳහා මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළුවිය.
2000 වසරේ තම සීයාගෙන් හා තම පියාගෙන් ලත් ආයුර්වේද වෙදකමට දැක් වු නොමද ආශාව නිසා ඔහු ආයුර්වේද වෙදකම ඉගෙන ගන්නට ඉන්දියාවේ නව දිල්ලි විශ්ව විද්‍යාලයට ඇතුළුවිය. 
වසරක් එහි භාෂාව පිළිබඳව හසල ලෙස ඉගෙන 2001 සිට 2007 දක්වා ආයුර්වේදය උගන්නේය.
එහිදී ඔහු යෝග සහ පංචකර්ම ශ්‍රාස්ත්‍රයන්ද ප්‍රගුණ කළ අතර සර්වාංග වෙදකමද ආයුර්වේදයේ සියලු ශාස්ත්‍රයන් ඉගෙන ආයුර්වේද උපාධිය ලබාගෙන ඇත.
ප්‍රසාද් සේනානායක 2008 වසරේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තම පියා සමග කිරිඳිවැල වෙදගම කැඩුම් බිඳුම් වෙද ගෙදර කටයුතු කරයි.
පාරම්පරිකව ලබාගත් කැඩුම් බිඳුම් වෙදකම හා තමා භාරතයෙන් ලද ආයුර්වේදයේ තවත් ප්‍රතිකාර ක්‍රමවේද රැසක් ද උපයෝගී  කරගනිමින් වටිනා හෙළ ඔසු නිෂ්පාදනය කිරීමටද ඔහු දැන් පියවරගෙන ඇත.
මේ හේතුව නිසා අද වන විට වෙදගම වෙදගෙදරට ප්‍රතිකාර ගැනීමට එන රෝගීනට කැඩුම් බිඳුම් වෙදකම පමණක් නොව ස්නායුරෝග, කටී වායුරෝග, දියවැඩියා, මුත්‍රාශය ආශ්‍රිත , අර්ශස් රෝග ආත්‍රරයිටිස් යන සියලු සර්වාංග රෝගවලටද ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලැබි ඇත.
ප්‍රසාද් සේනානායක වෙද මහතා භාරතයේ අධ්‍යාපනය හදාරන කාලයේ සිට අත්හදා බැලීම් උපයෝගී කරගනිමින් ඔහු හෙළ ඔසු රැසක් 
නිෂ්පාදනය කරයි ඔසු නිමා ලියාපදිංචි නාමය යටතේ සන්ධි තෛලය, සන්ධි‍ලේපය, 
හිස්රෝග සඳහා පීනස් තෙල්, මෙරමිප්ලස්, මුත්‍රා ගල් පැණිය, සහ පිරිසිදු තේකොළ සමග මුසුකළ හෙළඔසු ක්ෂාරය මගින් ක්ලොස්ටරෝල් දියවැඩියාව හා (ග්‍රැස්ට්‍රයිටිස් (ආමාශයේ ආම්ල ගතිය)) නිවාරණය කිරීමේ මහඟු බලයක් දෙන හෙළ නිපැයුම් රැසක් හෙළ ඔසු යොදා ගනිමින් නිෂ්පාදන කෙරේ. ඔහු විසින් නිෂ්පාදනය කෙරෙන ඔසු නිෂ්පාදන ඔහුගේම තනි අධික්ෂණය මත සිදුවන බැවින් ඒවායේ ගුණදායක තත්ත්වය විශ්මිත බව ඔහු සඳහන් කරයි.
බෙහෙත් වර්ග 180Horivila1 ක් හා තෙල් වර්ග 6ක් උපයෝගි කර ගනිමින් පැරණි බෙහෙත් වට්ටෝරුවකට අනුව නිපදවන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ලත්  එකම ‘සන්ධිතෙල’ නිපදවන්නේ ප්‍රසාද් සේනානායක මහතාගේ ඔසුනිමා 
ඖෂධාලයයි.
සියලු වාත වේදනා, වාත රෝග කටී වාතය, නිතර පවතින බෙල්‍ලේ රුදාව වැනි සියලු ඒ ආශ්‍රිත රෝග සඳහා සන්ධි තෙල ඉතා ගුණදෙන ඔසුවක් බව ඔහු පවසයි.
එසේම එම සන්ධි තෙල හා තවත් පාරම්පරික තෙල් වර්ග 6ක් මුසු කර ගනිමින් රෝගියාගේ  පාවිච්චිය පහසු කරවනු වස් නිපදවා ඇති සන්ධි‍ලේපයද ඉතා අනගි ඔසුවකි.
හිසේ රෝග, හිසකෙස් ගැලවීයාම, නින්ද නොයාම නිතර හිස රදය, හිසේ බරගතිය ආදී රෝග සඳහා නිෂ්පාදනය කරන හෙළ ඔසු සංයෝග වූ ‘හෙයාර් රිච් හර්බල් හෙයාර් ඔයිල්’ ඔහුගේ තවත් නිෂ්පාදනයකි.මොළයේ පවතින ස්නායු දුර්වලතා මතක ශක්තිය අඩුවීම සහ මානසික ආතතිය (ස්ට්‍රේස්) සඳහා වහා ගුණ දෙන මෙමර රිප්ලස් ඖෂධය හෙළ  ඔසුවෙන් කළ අනගි නිපැයුමක් බවද ඔහු සඳහන්  කරයි.
දීර්ග කාලයක් තිස්සේ කළ පර්යේෂණවල ප්‍රතිඵල ලෙස ඔහු නිපැයූ මුත්‍රා පැණිය. වකුගඩු හා මුත්‍රා රෝග සඳහා වහා ගුණ දෙන ඖෂධ පැණියකි.
එය මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, කොන්දේ අමාරුව, ශරීරයේ ඊ.එස්.ආර්. වැඩිවීම පාලනය වීම, වැනි සියලු මුත්‍රාශය ආශ්‍රිත රෝග සඳහා වහා ගුණදෙන හෙළ ඔසුවකි.
එයට අමතරව ඔහු විසින් නිෂ්පාදිත සිරිලක ප්‍රනීත තේ දල්‍ලේ රසය සියයට දහයක් මුසු කරගනිමින් තවත් දේශීය බෙහෙත් වර්ග උපයෝගී කරගත් තේ පානයක් ලෙස සකස් කර ගත හැකි “ඩයබැටික්තේ”, දියවැඩියාව සඳහාද, අම්ල පිත (ග්‍රැස්ට්‍රයිට්ස්) සඳහා වූ “ග්‍රැස්ටිස් තේ” සහ සිරුරේ තරබාරුව හා ක්ලෙස්ටරොල් පාලනය කරන “කොලෙස්ටරෝල් තේ” දිනපතා පාවිච්චියට  පහසු අන්දමේ තේ පැකට්  ස්වරූපයෙන් නිපද වූ හෙළ ඔසු පෙලකි.
වර්තමානයේ බොහෝ දෙනෙකු ගොදුරු වී ඇති මත්පැන් පානයෙන් හා අධික වේදනා නාශක බෙහෙත් පාවිච්චිය සහ ආතතිය නිසා  සිදුවන අක්මාව හා ආශ්‍රිත පද්ධතිය දුර්වලතා සමනය සඳහා දිගු කාලීන පරීක්ෂණයට භාජනය කළ නව හෙළ  ඔසුවක් වන ‘ලිවර්ටෝන් අප්’ ළඟදිම වෙළෙද පළට නිකුත් කිරීමට හොරිවිල වෙද ගෙදර ප්‍රසාද් සේනානයක මහතා සූදානම්ව සිටි පාරම්පරික කැඩුම් බිඳුම්, වෙදකමට මෙන්ම සියලු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ පහසුව උදෙසාම රදාවාන කිරිඳිවැල මාර්ගයේ අල්ලියවත්ත හන්දිය අසල ‘ඔසුනිමා ඖෂධාලය’ නමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්ද විවෘත කර ඇති අතර සෑම සදුදා දිනකම ඔහු එම ස්ථානයේ ප්‍රතිකාරවල යෙදේ. එසේම සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල කිරිඳිවැල වෙදගමේදී ප්‍රසාද් සේනානයක වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත හැක සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඔහුගේ පියා වන සේන බණ්ඩාර මහතා වෙදගම වෙද ගෙදරදී මුණ ගැසිය හැක.
මිනිසාගේ හැසිරීම් රටාවේ වූ ආහාර,  විහාර, නිද්‍රා  බ්‍රහ්මචර්යා යන සිව් වැදෑරුම් සිද්ධාන්ත වෙනස් වූ විට වා පිත් සෙම් තිබෙනවා. ඒ නිසා ඒවා පලනය කර ගත යුතුයි. ස්වභාව ධර්මයෙන් නිර්මිත නිසා ස්වභාව ධර්මයේම හැසිරිය යුතු අතර එසේ නොවුණොත් ආතතිය ඇති වෙනවා. එයින් බොහේ රෝග පිනාදිය වැළඳිය හැකියි ඔහු පවසයි.
ආයුර්වේද වෛද්‍ය  ප්‍රසාද් සේනානායක, ඔසුනිමවා ඖෂධාලය රදාවන කිරිඳවැල පාර (අල්ලියවත්ත හන්දිය අසල) රදාවාන
ආරියපාල විදාගම
ලක්බිම

කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන විශ්මිත කර්ම වෙදකම



පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි. 

තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.
කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ. 

දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය. එකළ එම පිරිවෙන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ භාෂා හා ශිල්ප ශාස්ත‍්‍ර බෙදාදීමේ මධ්‍යස්ථානයෙන් කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගත් වික‍්‍රමනායක ආරච්චි නම් වෙද මහතෙක් කීඹියේ තරුණියක් හා විවාහ වී එම ගමේ පදිංචියට පැමිණෙන්නේ උ`එ පට්ටලේ ගෙදර වෙද පරපුර ආරම්භ කරමිනි...... තව විස්තර....

මිතුරැ මිතුරෝ, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනුරැත්ථාපනය



MITHURU MITHURO – Pelmadulla
Established  in 1987

MITHURU MITHURO MOVEMENT

Pelmadulla,

Sri lanka.

Tel:(+94) 45 227 4546

Fax:(+94) 45 227 4363

E-Mail : info@mithurumithuro.org




Activities
  • Treatment & Rehabilitation
  • Outreach Program
  • Vocational Training
  • National & International Trainings
  • Street Children Rehabilitation
  • Pre-school & Religion Schools
  • Health Care Program
  • Environmental Protection Programs
  • Savings & Loan schemes
  •  Nutrition Program
  • Women Skills Development Program



ශාඛා

SENEHASA – Piliyandala (+94) - 11 2613248
Established  in 2000


NISANSALA - Gampaha (+94)-60 2838674
Established in 2000


NIDAHASA- Kuruvita (+94) -452262852
Established in 1999


NIVAHANA - Watareka , Padukka (+94) -11 2830460 
Established in 2000


VOICE- Colombo (+94)- 11 2696696 
Established in 2004

APEKSHA- Borella
Established in


4C RESIDENCE- Kaluthara
Established in

LIYANANIVILA- Kesbewa
Established in




හෙරොයින් ගැන අපිට උගන්වපු බොරු 

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනුරැත්ථාපනය සඳහා මඟ පෙන්වීමට ඇඩික් මත්ද්‍රව්‍ය නිවාරණ ආයතනය අමතන්න‍


 ශ්‍රී ලංකා අමද්‍යප ව්‍යාප‍ාරයේ සාමාජිකත්වය සඳහා අමතන්න‍:

011-2435490 

 උප සභාපති නෙවිල් ගුරැගේ මහතා 071 4402299


මගේ බෙහෙත ඒඩ්ස්‌වලට සියයට සීයක්‌ සාර්ථකයි

ඩෙංගු බෙහෙත සූදානම්
- වෛද්‍ය තරංගා කුමාරි පවසයි


තමන් සොයා ගනු ලැබුවේ එච්. අයි. වී. (ඒඩ්ස්‌) ආසාදිතයන්ගේ ප්‍රතිශක්‌තිය සියයට සියයක්‌ ඉහළ දමන සාර්ථක ඖෂධයක්‌ බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය.

එච්. අයි. වී. පොසිටිව් තත්ත්වය මාසයක්‌ ඇතුළතදී සියයට සියයක්‌ම මේ ඖෂධයෙන් නෙගටිව් වෙනවා යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය පැවසුවාය.

එච්. අයි. වී. ආසාදිතයන් කිහිපදෙනකු යොදාගනිමින් මම මේ පර්යේෂණ කළා. -සියයට සියයක්‌ම සාර්ථකයි. සිංහල වෛද්‍ය ක්‍රමය අනුව දේශීය ඖෂධීය ශාක යොදාගනිමින් මේ ඖෂධය නිපදවන්නේ යෑයි ද වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

මේ ඖෂධය තවම ආයුර්වේදවලට දැමුවේ නැහැ. ප්‍රතිකාර ලබන්න එන එච්. අයි. වී. ආසාදිතයන්ගේ අනන්‍යතාව රැකගත යුතු නිසා. මගෙන් මේ ඖෂධය ඉල්ලා සිටින ඕනෑම කෙනකුට එය ලබා දිය හැකියි. ඒත් සතියකට විතර කලින් දැනුම් දෙන්න ඕනෑ.

මේ ඖෂධයෙන් කෙරෙන්නේ වෛරසය විනාශ කිරීම සහ රක්‌තානු පිරිසිදු කිරීමයි. ආයුර්වේද සභාවට තවම මම මේ ගැන දැනුම්දීමක්‌ කළේ නෑ. දේශීය වෛද්‍ය ඇමැතිතුමා උපකාර කරන බව පැවසුවා. මම තවම ඇමැතිතුමා හමුවුණෙත් නැහැ.

එච්. අයි. වී. ආසාදිත ඕනෑම කෙනෙක්‌ ආවොත් මම බෙහෙත් දෙනවා. මට කළ හැකි දේ මම කරනවා. විදේශීය රෝගීන් වුණත් කමක්‌ නෑ. අපේ රටට එනවා නම් මම මේ ප්‍රතිකාරය ලබා දෙනවා. මේ මගින් අපේ රටට ආදායමක්‌ ලබාගන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ දුප්පත්කම නැති කරගන්න හොඳ අවස්‌ථාවක්‌ යෑයි ද ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

මීට පෙර ඩෙංගු රෝගය සඳහා ඇය විසින් ඖෂධයක්‌ සොයාගත්තාය. එයද සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ බව පවසන වෛද්‍ය වික්‍රමසූරිය මහත්මිය මෙම ඖෂධ වර්ග දෙකම පිළිබඳ විමසීම් 0714845335 දරන ඇගේ දුරකථන අංකයට අමතා ලබාගත හැකි බව ද කීවාය.
අජිත් අලහකෝන්


ඩෙංගු රෝගය සුව කිරීමේ දේශීය ඖෂධයට පේටන්ට් බලපත්‍රය


මාරාන්තික ඩෙංගු රෝගය සුව කිරීමේ ඖෂධය සොයාගත් සර්වාංග රෝග වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය සිය ඖෂධයේ අයිතිය තහවුරු කෙරෙන පේටන්ට් බලපත්‍රය හිමිකර ගෙන ඇත. ඩෙංගු රක්තපාත උණ සහ ඩෙංගු උණ රෝග ඖෂධය වෙනුවෙන් මේ පේටන්ට් බලපත්‍රය බුද්ධිමය දේපල අයිතිය යටතේ හිමි කරගත් බව වෛද්‍යවරිය "දිනමිණ"ට පැවැසීය. ඩෙංගු රෝගය වැළදුණ රෝගියෙකුට ප්‍රතිකාර කර පැය 08 ක් ඇතුළත රෝගය සුව කිරීමට හැකි ඖෂධයක් තමා නිපදවා ඇති බව වෛද්‍යවරිය පවසයි. කටරොඩු, ගොකටු ඇතුළු දේශීය ශාඛ 06 ක පමණ කොටස් එකතුවෙන් මේ ඖෂධය නිපදවන බව එම වෛද්‍යවරිය සඳහන් කරයි.
ගස්ලබු යුෂ කිසිසේත්ම තමාගේ ඖෂධ වට්ටෝරුව සඳහා යොදා නොගන්නා බව ඇය අවධාරණය කළාය.
අළුත්වල,අම්බලන්ගොඩ,වෙදමැදුරේදී රෝගීන් සඳහා තම සේවය ලබා දෙන බවත්කොළඹ, කුරුණෑගල ,ගම්පහ ඇතුළු ප්‍රදේශ වලින් මේ ස්ථානයට රෝගීන් පැමිණෙන බවත් සතියේ දිනවල පෙරවරු 7.30 සිට රාත්‍රී 10.00 දක්වා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දෙන බවත් වෛද්‍ය තරංගා මහත්මිය වැඩිදුරටත් කියයි.
මානෙල් පුෂ්ප කුමාරි

කුස්‌වල වෙද හාමුදුරැවෝ

දේශීය වෙදකමේ  තවත් හාස්‌කමක්‌
දුටු පමණින් පිළිනොගෙන  සත්‍ය විමසා දැනගන්න


බටහිර වෛද්‍ය ක්‍රමයේ දියුණුව සම්බන්ධයෙන් කිසිවකුත් අතර විවාදයක්‌ නොමැත. රෝග නිශ්චය, ප්‍රතිකාර ක්‍රමවේද, ප්‍රතිකාරක උපකරණ ආදී බොහෝ අංගයන්ගෙන් වෙනත් වෛද්‍ය ක්‍රමවේදයන්ට වඩා පෝෂිතවූ බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම එම වෛද්‍යවරුන්ගේ පවතින නව තාක්‍ෂණික දැනුම හා මුසුවූ සුවිශේෂී හැකියාවන් සුළුපටු නොවේ.

ලෙඩ රෝගයන්ගෙන් බරිතව මර ඇඳට වැටුණු රෝගීහු කොතරම් ප්‍රමාණයක්‌ බටහිර වෛද්‍ය ක්‍රමයේ පිහිටෙන් පොළොවේ පයගසා ඇවිදිත්ද?
බටහිර වෛද්‍ය ක්‍රමය හැරුණු කොට දේශීය, හෝමියෝපති, යුනානි ආදී වෛද්‍ය ක්‍රමයන් බොහොමයක්‌ පැවතියත් වැඩි පිරිසකගේ "ඇසුර" පවතින්නේ බටහිර වෛද්‍ය ක්‍රමය හා සමගය. ප්‍රතිකාර ලබාගැනීමට ඇති ලෙහෙසි පහසු බව මෙන්ම ඉතා ඉක්‌මනින් ලෙඩ රෝග සුවවීමද ඊට බලපානවා විය හැකිය.
නමුත් දේශීය මෙන්ම අනෙකුත් වෛද්‍ය ක්‍රමවේදයන් ද කෙළ පිඬක්‌ සේ බැහැර කළ නොහැක්‌කේය. මන්ද එම වෛද්‍ය ක්‍රමවේදයන් අනුගමනය කොට තම දරුණු රෝග තත්ත්වයන් සුවපත් කරගත් පිරිස්‌ ද අප අතර සිටින නිසාවෙනි.
ක්‍රමවේදය කුමක්‌ වුව තම රෝගය සුවකර ගැනීම රෝගියාගේ ඒකායන ප්‍රාර්ථනයයි. බටහිර හෝ වේවා දේශීය හෝ වේවා වෙනයම් ක්‍රමයක්‌ හෝ වේවා තම රෝගය සුව වන්නේ නම් රෝගියා තෘප්තිමත්ය.
දේශීය වෛද්‍ය ක්‍රමයෙන් විපුල ඵල ලැබූ රෝගීහු අප ශ්‍රී ලංකාවේ ඕනෑතරම් වෙති. දේශීය වෙදකම මැනවින් දත් එමගින් දරුණු රෝගා බාධ සුවපත් කළ - සුවපත් කරන වෙදැඳුරෝද අප අතර වෙසෙති.
දේශීය වෛද්‍යවරුන් වෙත යොමුවන බොහෝ දෙනා අනෙකුත් වෛද්‍ය ක්‍රමයන් අනුගමනය කොට ඉන් ප්‍රතික්‍ෂේප වූ හෝ සුවකිරීමට අපහසු ලෙඩ රෝග වැළඳුණු අයය. පිළිකාව ඉන් ප්‍රධානය. ලියුකේමියා, ලියුෆොaමා එම ගණයට ගැනෙන තවත් රෝගයන්ය. හෘද, අංශභාග, අර්ශස්‌, කැඩුම් බිඳුම් ආදී රෝගීහුද ඒ අතර වෙති.

මොනයම් හෝ හේතුවක්‌ මත දේශීය වෛද්‍යවරුන් අතර පවතින විවිධ මත ගැටලු නිසාත් දේශීය වෛද්‍ය ක්‍රම මගින් සුවවන රෝගීන් පිළිබඳ පුළුල් ප්‍රචාරයක්‌ රටට නොයැම නිසාත්, බටහිර වෛද්‍යවරුන් සහ දේශීය වෛද්‍යවරුන් අතර පවතින දුරස්‌ථ භාවයන් නිසාත් දේශීය වෛද්‍ය ක්‍රමවේදයේ නිසි ප්‍රතිඵල භුක්‌තිවිඳීමේ අවස්‌ථා රෝගීන්ට මගහැරී ඇත.
දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා සුවවන්නන් පිළිබඳ පර්යේෂණ කොට කුමන හේතු සාධක උඩ එම රෝගියා සුවවූයේද? එසේත් නැත්නම් ඊට භාවිත කළ දේශීය ඖෂධයන්ගේ ගුණාත්මක භාවය කෙබඳුද යන්න සොයාබලා සමස්‌ත රෝගී ජනතාවගේ හිත සුව පිණිස බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම මුසුවූ විදිමත් වැඩපිළිවෙළක්‌ ඇරඹෙන්නේ නම් එහි සියලු වාසිය හිමිවන්නේ රෝගීන්ට නොවේද?
තම තමන්ගේ වෛද්‍ය ක්‍රමවේදයන් මතම එල්බගෙන නොසිට රෝගියා සුවකිරීම සඳහා පහසු, අතුරුආබාධ අවම, ප්‍රත්‍යක්‍ෂ ක්‍රමවේදයක්‌ වෙත යොමුවීමට මේ සුදුසුම කාලයයි.

මහනුවර, හීරස්‌සගල පාරේ, තුන්වැනි පටමගෙහි අංක 75/28 නිවසෙහි පදිංචි හේරත් මුදියන්සේලාගේ අගලකොටුවේ ගෙදර ඩිංගිරිබණ්‌ඩා නමැත්තා ද දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා තම රෝගී තත්ත්වය සුවපත් කරගත් අයෙකි. විශ්‍රාමිකයකු වන ඒ මහතා දැන් රෝග බියෙන් තොරව සැහැල්ලුවෙන් තම සැඳෑ සමය ගත කරයි. තම අතීත තොරතුරු විස්‌තර කරන ඩිංගිරිබණ්‌ඩා මහතා මෙසේ පවසයි.
"මම උපන්නේ 1946 අවුරුද්දේ. දැන් මට වයස 63 ක්‌ වෙනවා. අවුරුදු 60 වෙනකම්ම මම රැකියාවේ නිරත වුණා. මුලින්ම අධිකරණ අමාත්‍යාංශය යටතේ සේවයට බැඳෙනකොට මට වයස 26 යි. වසර 12 ක්‌ අධිකරණ අමාත්‍යාංශය යටතේ සේවය කළා. ඒ කාලේ තෙල්දෙණිය උසාවියෙත් මම වැඩ කළා. ඉහෙන් බහින රෝගයක්‌ මට තිබුණේ නැහැ. හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌ ගත කළේ. 1989 පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස සේවයට එක්‌ වුණා. කොළඹ, නුවර, මාතලේ පොලිස්‌ අධිකාරී කාර්යාලවල සේවය කොට විශ්‍රාම යන්න අවුරුද්දක්‌ විතර තිබෙද්දී ඒ කියන්නේ 2008 වසරේදී තමයි මට හැදුණු මේ රෝගයේ මූලික ලක්‍ෂණ පහල වුණේ. එතකොට මාතලේ පොලිස්‌ අධිකාරී කාර්යාලයේ තමයි සේවය කළේ.

"කකුලේ කලව ප්‍රදේශයේ ගැටයක්‌ වගේ යමක්‌ මුලින්ම මතුවුණා. අපි හිතුවේ ගෙඩියක්‌ කියලා. ගෙඩි වෙදමහත්තයෙක්‌ ළඟට පෙන්නුවා. ඒ දුන්න බෙහෙත් වලින් තවන කොට අඩුවෙලා ගියා. ඒත් යළිත් මතුවුණා. රිදීමක්‌ මොකුත් නෑ. ඇඟපත වේදනාවක්‌ දැනෙන්නෙත් නැහැ. ඒත් ඇඳුම් අඳිනකොට තිබුණු අපහසුතා නිසා ඉස්‌පිරිතාලෙට පෙන්නන්න ගියා. මාව පරීක්‍ෂාකොට බලපු දොස්‌තර මහත්තයා කිව්වා "අපි මේක "ඔපරේෂන්" කරලා අයින් කරමු. බයවෙන්න තරම් කාරණයක්‌ නැහැ" කියලා. ඒ අනුව තිබුණු ගෙඩිය "ඔපරේෂන්" කළා. මට අපහසුවක්‌ දැනුනේ නැහැ. ආපසු මේ වගේ ගෙඩි එන්න ආවොත් ආයෙත් "ඔපරේෂන්" කරමු කියලා ඒ දොස්‌තර මහත්තයා කිව්වා. කිsව්වා වගේම කාලෙකදී නැවත මතුවෙන්න ගත්තා.වැළදි තිබෙන රෝගය ලියුෆොaමා බවත් එම බටහිර වෛද්‍යවරුන් පැවසුවා.

ඔන්න ඔය කාලෙදී තමයි අපි කුස්‌වල වෙදහාමුදුරුවෝ ගැන දැනගත්තේ. "දිවයින" පත්තරේ පළවුණු විස්‌තරයක්‌ අනුවයි ඒ. පසුව ප්‍රදේශයේ වැඩිහිටි අයකුත් මේ පිළිබඳ තොරතුරු අපට කිව්වා. සෝදිසි කරලා බලනකොට බෙහෙත් අරන් සුවවෙච්ච අයගේ තොරතුරු ගොඩක්‌ අපට ලැබුණා. තවමත් බෙහෙත් ලබාගන්නා කීපදෙනකුත් හමුqවුණා. ඒ අය කීවේ බෙහෙත් වේලෙන් වේල ගුණ වැඩිවෙනවා කියලා."
"ඒ අනුව කුස්‌වල හාමුදුරුවන්ගේ මහනුවර පිහිටි ප්‍රතිකාර මධ්‍යස්‌ථානයට අපි ගියා. බටහිර වෛද්‍ය වාර්තා බලලා ලෙඩේ ගැන විස්‌තර අහපු හාමුදුරුවෝ කිව්වා වැළදි තිබෙන්නේ ලියුෆොaමා කියන රෝගය.ඒ නිසා එක දිගට බෙහෙත් ගන්න වෙයි. මේක හොඳකරන්න පුළුවන් කියා. එදා ඉඳන් ගන්න ගන්න බෙහෙත් වාරයක්‌ පාසා ලෙඩේ සුව අතට හැරුණා. දැන් ඇඟේ ගෙඩි මතුවන්නේ නැහැ. මේ අවුරුද්ද ඇතුළත තිබෙන ගෙඩි බැහැලා ගියා මිසක්‌ අලුතින් කිසිවක්‌ මතුවුණේ නැහැ. මානසික වශයෙන් මම ඉන්නේ දැන් හරිම සතුටින්."

ඩිංගිරිබණ්‌ඩා සුවවීම ඔහුගේ බිරිඳ වූ පද්මිණී පෙරේරාටත් මහත් වූ සතුට දනවන කරුණකි. පෙරාදෙණිය රෝහලේ ලිපිකාරිනියක ලෙස සේවය කළ ඇය ද විශ්‍රාමිකය. තම දයාබර සැමියාගේ රෝගය සුවවීම පිළිබඳ අදහස්‌ දක්‌වන ඇය,
"මම විතරක්‌ නොවෙයි අපට ඉන්න එකම දරුවා ... දුව. එයත් ඉන්නේ හරිම සතුටින්. එයා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්‌. දැන් ගුරුවරියක ලෙස සේවය කරනවා. අපේ පවුලේ සාමුහිකත්වය දැන් වෙනදාටත් වඩා වැඩියි. සැමියා අසනීප වුණු දවස්‌වල අප සියලු දෙනාම හිටියේ තරමක්‌ මානසික නොසන්සුන් තාවකින්. දැන් ඒ සියල්ල හමාරයි. "කුස්‌වල වෙද හිමුදුරුවෝ" නිසා තමයි අපට ඒ සැනසිල්ල උදාවුණේ.

හාමුදුරුවන්ගෙන් බෙහෙත් ගන්න පටන් අරන් මේ වන විට වසරක්‌ පමණ වෙනවා මගේ මත්තයාගේ ලෙඩේ හොඳවුණා වගේම තවත් බොහෝ දෙනකුගේ ලෙඩ සුවවෙනවා අපි දැසින් දැක තිබෙනවා. ඒ සමහර අය එනකොට ආවේ ඇඳෙන් බහින්න බැරි මට්‌ටමකින්. මේ වන විට ඒ අය හොඳට ඇවිදගෙන යන අයුරු පසු ගිය කාලය තුළදී අපි ඇස්‌වලිsන්ම දැක තිබෙනවා. හොඳකරන්න බැහැ කියලා පැත්තකට දාපු ලෙඩ්ඩු තමයි වැඩිහරියක්‌ එන්නේ. පුළුවන්නම් "පුළුවන්" බැහැ නම් "බැහැ" කියලා හාමුදුරුවෝ කෙලින්ම කියනවා. "පුළුවන්" කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම ලෙඩා සුවකරන බව අපට දැන් විශ්වාසයි. මොකද පසුගිය කාලයේදී එවැනි දේ අප අත්විඳ තිබෙන නිසා." යෑයි පවසන්නීය.
මෙම ලිපිය ආරම්භයේදී මා සඳහන් කළා සේ බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයන්aගේ සුපැහැදිලි මුසුවක්‌ ඇතිවන්නේ නම් කෙතරම් අගනේද?

උදාහරණයක්‌ ලෙස පවසතොත් ඉහත රෝගියා සුවකිරීමට කුස්‌වල වෙදහිමියන් අනුගමනය කළ ක්‍රමවේදයන් පිළිබඳ වගකිවයුතු අංශවල අවධානය යොමුකොට ඒ පිළිබඳ නිවැරදි පර්යේෂණයක්‌ මගින් ඒ හිමියන් සතු ලෙඩ රෝග සුවකිරීමේ දේශීය වෛද්‍ය ක්‍රමවේදය සමස්‌ත ජනතාවගේ හිත සුව පිණිස යෙදවීමට ක්‍රියාකරන්නේ නම් තව මොනතරම් රෝගීන් සංඛ්‍යාවක්‌ සුවවනු අපට දැකිය හැකි නොවේද?
එකිනෙකාට මඩ ගසා ගැනීම් සහ පුහු විවේචනයන්ගෙන් තොරව රෝගියාට වැඩි වාසිදායී තත්ත්වයක්‌ සහිත වෛද්‍ය ක්‍රමවේදයක්‌ හෙට දිනයේ බිහිවනතුරු අපි බලා සිටිමු.

බලධාරීන් මේ පිළිබඳව පර්යේෂණ කළ යුතුයි

මෙවැනි රෝගීන් සුවපත් කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්‌ කරන පූජ්‍ය මහඇලගමුවේ ලංකානන්ද නාහිමි (කුස්‌වල වෙද හාමුදුරුවෝ) පවසන්නේ පාරම්පරික වෙදකමින් මෙවැනි රෝගීන් සුවපත් කිරීමට ඇති හැකියාව පිළිබඳ විෂය භාර අමාත්‍යවරයාගේත්, බලධාරීන්ගේත් නිසි අවධානයට ලක්‌වී එA පිළිබදව පර්යේෂණ කිරිමට පියවර ගත යුතු බවයි.

ඒ වගේම මේ පිළිබද උනන්දුවක්‌ දක්‌වන ඕනෑම කෙනකුට පරික්‍ෂණ පැවැත්විම සදහා ඉඩකඩ විවෘතව පවතී.

කුස්‌වල වෙද හිමි හමුවිය හැකි වේලාවන්

මහනුවර පේරාදෙණිය පාරේ අංක 893 දරන ස්‌ථානයේ පිහිටි මහනුවර ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයේදී අඟහරුවාදා සහ සිකුරාදා යන දිනයන්හිදීද පොහොය හැර සෙසු දිනවලදී රද්දොළුගම කුස්‌වල ශ්‍රී පුෂ්පාරාමයේදී ද ලංකානන්ද හිමියන් (කුස්‌වල වෙද හාමුදුරුවෝ) හමුවී පිළිකා රෝග, වකුගඩු රෝග, නිදන්ගත සර්වාංග රෝග, සහ සියලු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන.

දුරකථන අංක

011-2293080 (කුස්‌වල)

081-2389926 (නුවර)

060-2126422 (කුස්‌වල)

060-2823417 (නුවර)


සටහන පිළිමතලාවේ කීර්තිරත්න උයන්ගොඩ
2009 ඔක්‌තෝබර්  11 ඉරිදා දිවයින 

කෘත්‍රීම පාද නොමිලේ


බුදුදහම සහ ආධ්‍යාත්මික සුවය



(Mr. Godwin Samararatne)
free counters