අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

කෘත්‍රිමව ඉදවූ පලතුරු අනුභවයේ සෞඛ්‍ය අනතුර

පළතුරැ පාට වෙලාද, පාට කරලාද?


ගසක මල් පිපී, ඵල හට ගෙන, ඒවා පැසී, මෝරා ඉදීම කියන සංසිද්ධිය ස්‌වභාවධර්මයේ නීතියට අනුකූලව සිදු වන සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියකි. එසේ පැසී, ඉදෙන පලතුරු ආහාරයට ගැනීමෙන්, ශරීර සෞඛ්‍යයට අත් වන ආනිසංශ බොහෝය.

එහෙත් පලතුරු ආහාරයට ගැනීමට උනන්දු වන වත්මන් පාරිභෝගිකයා තමන් මිලදී ගන්නේ, සෞඛ්‍යාරක්‌ෂිත පලතුරුද, නැතිනම් බෙහෙත් ගසා ඉදවූ (සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි) පලතුරුද යන්න තෝරා බේරා ගැනීමේ උභතෝකෝටිකයකට මුහුණ දී සිටී.

පලතුරු ඉදීමේ ස්‌වභාවධර්මයාගේ කල් මැරීමේ නීතිය ඉවසා වදාරන්නට නූතන කට්‌ටපුච පරපුරේ වෙළෙන්දන්ට අපහසුය. ඉදුණු පලතුරු දුර පළාත්වල සිට ප්‍රවාහනය කිරීම අපහසු නිසා (පසු අස්‌වනු හානිය) ඇඹිලිපිටිය, වැල්ලවාය, වැනි ප්‍රදේශ වලින් තුට්‌ටු දෙකට මිලදී ගන්නා අමු පලතුරු (මෙම වෙළෙඳුන් අඹ වැනි පලතුරු, ගස්‌ පිටින් ගොවීන්ගෙන් බදු ගන්නා අතර, එසේ බදු ගන්නා ගස්‌ වල නොමේරූ ලා ගෙඩි පවා නෙළා ගනී.) දුර පළාත් වලට ප්‍රවාහනය කර, කෘත්‍රීම රසායනික ද්‍රව්‍යයන් භාවිත කර ඉදවා, නැවුම් පලතුරු ලෙසින් ෙ ව ෙ ළ ඳ පොළට ඉදිරිපත් කරයි.

කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහා භාවිත කරන්නේ මොනවාද?

මේ සඳහා "කාබයිඩ්" නමැති තහනම් රසායනික ද්‍රව්‍යය සහ, යම් යම් කොන්දේසි වලට යටත්ව භාවිත කරන්නට රජයෙන් අනුමත කර ඇති, "එතපෝන්" නමින් හඳුන්වන රසායනික ද්‍රව්‍ය භාවිත කෙරේ. (එතපෝන් අවශ්‍යනම් ගැලුම් ගණනින් මිල දී ගැනීමේ පහසුකම් ඇත.)

"කාබයිඩ්"

මෙය රසායනිකව "කැල්සියම් කාබයිඩ්" (CaC2) ලෙසින් හැඳින්වෙන අතර, හුණු නිෂ්පාදනයේදී අතුරු ඵලයක්‌ ලෙසටද සෑදේ. "සංශුද්ධ කාබයිඩ්" අවර්ණ වන අතර, "අසංශුද්ධ කාබයිඩ්" අළු පැහැයට හුරු හෝ අඳුරු පැහැයෙන් පැවතිය හැකිය. ලාක්‌ෂණික සුදුලූණු ගණ්‌ධයක්‌ සහිතය "කාබයිඩ්" වලට ජලය මුසු වීමේදී "ඇසිටලීන්" වායුව නිකුත් කෙරෙන අතර, "ඇසිටලීන්" පලතුරු ස්‌වභාවිකව ඉදීමේ ක්‍රියාවලියට ඉවහල් වන ශාක හෝමෝනයක්‌ වන "එතිලීන්" රසායනිකයට සමාන ගුණ දක්‌වන නිසා, පලතුරු කෘත්‍රීමව ඉදීමේ ක්‍රියාවලියට ලක්‌ වේ. අසංශුද්ධ කාබයිඩ් වල, "ආසනික්‌", "පොස්‌පරස්‌ හයිඩ්‍රයිඩ්", "පොස්‌පීන්", "ආසීන්" වැනි, විෂ සහිත රසායනික සංයෝගයන්ද අඩංගු වෙයි. මෙයට අමතරව පලතුරු මතට "කාබයිඩ්" ඉසීමෙන් "සයනයිඩ්"ද සැදෙයි.

"කාබයිඩ්" සහ වෙනත් රසායනික සංයෝග භාවිත කර පලතුරු ඉදවීම, ලොව බොහෝ රටවල සිදු කෙරෙන අතර, පිටරටවල් වලින් නැව් පිටින් පටවා ලංකාවට එවන පලතුරු වර්ගද, මේ අනුව ඒවා තුළ ඇතැයි පැවසෙන විවිධ වස විස වලට අමතරව "කාබයිඩ්" වලින් දූෂණය වී තිබීමේ අවදානමද නැත්තේ නොවේ.


කාබයිඩ්වලින් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු.

කාබයිඩ් මෙන්ම, කාබයිඩ්" වල ඇති අනෙකුත් විෂ රසායන ද්‍රව්‍යයන් බොහොමයක්‌ද පිළිකාකාරක බව සොයා ගෙන ඇත. මෙයට අමතරව මෙම රසායනික ද්‍රව්‍යයන් ශරීරගත වීමෙන් මුඛය, ආමාශය, උගුර යන ස්‌ථානවල දැවිල්ල සහ තුවාල ඇති වීම, ලේ සහිතව හෝ රහිතව වමනය සහ පාචනය ඇති වීම, සම මත පලු දැමීම, ඇස්‌ දැවිල්ල හා ඇස්‌ වලට ස්‌ථිර ලෙස හානි සිදු වීම, ශරීරය අප්‍රාණික වීම, අත් පා වල ඇති වන හිරි ගතිය, කැස්‌ස, හතිය සහ ඇදුම රෝගය, ගබ්සා වීම් සහ අංගවිකල දරුවන් බිහිවීම වැනි සංකූලතා ඇති විය හැකි බවත්, සොයාගෙන ඇත.

අපගේ අවධානයට ලක්‌ විය යුතු තවත් වැදගත් කාරණාවක්‌ වනුයේ, පලතුරු වලට යොදන පළිබෝධනාශක වර්ගවල ශේෂ කොටස්‌ (residuals) සමග "කාබයිඩ්" වල ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියා කිරීමෙන් අනපේක්‌ෂිත සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බව, විද්‍යාඥයන් අවධාරණය කරයි.

අපේ රටේ ගොවීන් තක්‌කාලි සඳහා අධික ලෙස පළිබෝධනාශක ද්‍රව්‍යයන් යොදන අතර, (අස්‌වනු නෙළීමෙන් පසුද පළිබෝධනාශක ඉසින බව නිරීක්‌ෂණය කෙරී ඇත.) තක්‌කාලි වලටද (විශේෂයෙන් මිල අධික කාලවලදී) "කාබයිඩ්" යොදන බව දැන ගන්නට ඇත.

පලතුරු ඉදවීමට සඳහා එතපෝන් භාවිතය

එතපෝන් (Ethephon) රසායනිකව, "2-ක්‌ලෝරෝ එතිල් පොස්‌පරික්‌ ඇසිඩ්" ලෙස හැඳින්වෙන අතර, පලතුරු වල මල් හට ගැනීම ක්‍රමවත් කිරීම සඳහා භාවිත කෙරෙන රසායනිකයකි. (plant growth regulator) කෘත්‍රිමව පලතුරු ඉදවීම සඳහාද භාවිත කෙරේ.

මෙම රසායනිකයේ විෂභාවය (LD50) අඩු වුවද, දීර්ඝ කාලීන ප්‍රතිඵල පිළිබඳ තවම විද්‍යාඥයන් අතර නිශ්චිත එකඟතාවක්‌ නොමැති බැවින්, පලතුරු මතට කෙළින්ම යෙදීම සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් යෙදීම නිර්දේශ කරන්නේ නැත.

එතපෝන් ශාක (පලතුරු) තුළදී පොස්‌පේට්‌ , එතිලීන් සහ ක්‌ලෝරයිඩ් බවට බිඳ වැටේ. මෙම එතිලීන් පලතුරු ඉදීමටද හේතු වන ශාක රසායනිකයකි.

එතපෝන් යෙදූ ඇතැම් නිෂ්පාදන තුළ මොනොක්‌ලෝරෝ ඇසිටික්‌ ඇසිඩ් (Monochloroacetic acid) සොයා ගෙන තිබේ. (h t t p : / / e x t o x n e t . o r s t . e d u / pips/ethephon.htm) ජලය ක්‌ලෝරනකීරණය කිරීමේදී ද, ජලයේ තිබෙන කාබනික සහ අකාබනික සංයෝග සමග ක්‌ලෝරීන් ප්‍රතික්‍රියා කිරීමෙන් මෙම සංයෝගය සෑදෙන අතර පානීය නළ ජලයේ තිබිය හැකි මොනොක්‌ලෝරෝ ඇසිටික්‌ ඇසිඩ් මාත්‍රාව සඳහා සීමා මායිම් යුරෝපා රටවල් වල පනවා තිබේ. මෙම රසායනිකය නිතර සහ අනුමත මාත්‍රාවට වඩා වැඩියෙන් ශරීරගතවීම පිළිකා සඳහා පවා හේතු වන බව පැවසේ. 

කෙසේ වෙතත් පලතුරු සමග එතපෝන් ශරීරගතවීම උදරයේ සහ ස්‌නායු පද්ධතිය ආශ්‍රිත සංකූලතා වලට හේතුවිය හැකි බව (විශේෂයෙන් අවුරුදු 06 ට අඩු ළමුන් සඳහා) සැලකේවා.

පැනමා රාජ්‍යය පලතුරු ඉදවීම සඳහා එතපෝන් භාවිතය තහනම් කර ඇත. ඉන්දියාව, වර්ෂ 2010 දී එතපෝන් යෙදූ පලතුරු වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්‌ දියත් කළද, මහා පරිමාණ පලතුරු වෙළෙන්දන්, එතපෝන් වෙළෙන්දන්ගේ සහ වෙළෙන්ඳන්ගේ වරප්‍රසාද වලට යටවුණු නිලධාරීන්ගේ බලපෑම මත එකී වෑයම අත් හරින ලදී.

පලතුරු කෘත්‍රිමව ඉදවීමේ නිර්දේශිත ක්‍රමය

කැල්සියම්" හෝ "සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ්" ද්‍රdවනයකින් මිලි ලීටර් 1 ක්‌ ජලය ලීටර් 1 ක දිය කර, එයට "එතපෝන්" දියරයෙන් මිලි ලීටර් 1 ක්‌ මිශ්‍ර කර සාදා ගනු ලබන ද්‍රdවනය බාස්‌කට්‌ එකකට දමා, වසන ලද කාමරයකට මේරූ පලතුරු පමණක්‌ දමා, එම කාමරය තුළ එකී භාජනය පැය 24 ක කාලයක්‌ තැබීමෙන් ද්‍රdවනයෙන් නිකුත් කෙරෙන "එතිලීන්" වායුවට පලතුරු පැය 24 ක කාලයක්‌ නිරාවරණය කිරීමෙන්, පලතුරු කෘත්‍රිමව ඉදවීම කළ හැකිය.

මෙම ක්‍රමයට පටහැනි ලෙස පලතුරු ඉදවීමේ සියලුම ක්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2011. 05. 19 දින නිකුත් කෙරුණු චක්‍රලේඛයෙන් තහනම් කර ඇත. තවද මෙම ක්‍රමයට ඉදවිය හැක්‌කේ පැපොල්, කෙසෙල්, අඹ සහ අලි පේර වැනි පලතුරු පමණක්‌ වන අතර, එත්‍රල් දියරය පලතුරු මතට කෙළින්ම යෙදීමද තහනම් කර ඇත.

කෙසේ වෙතත් සියලුම වෙළෙන්දන්, එතපෝන් කෙළින්ම පලතුරු මතට ස්‌ප්‍රේ කිරීමට හෝ කාබයිඩ් පලතුරු මතට ඉසින්නට පෙළැඹී ඇති බව දකින්නට ඇති අතර, වෙළෙඳ පොළේ තිබෙන බොහොමයක්‌ පලතුරු මෙසේ ඉදවූ ඒවා විය හැකිය. මේ නිසා අප ආහාරයට ගනු ලබන පලතුරුවල සෞඛ්‍ය ආරක්‌ෂිතභාවය මෙන්ම, ගුණාත්මකභාවයද බරපතළ ලෙස හානියට පත්ව ඇත. කෙසේ වෙතත් පලතුරු මත මෙම රසායනික සංඝටක තිබෙනවාදැ, යි රස පරීක්‌ෂක වාර්තාවක්‌ කැඳවා, නීති මගින් මෙම කූට වෙළෙඳුන් අච්චු කිරීමට තරම් ශක්‌තිමත් නීති රෙගුලාසි මෙතෙක්‌ සම්පාදනය කෙරී නොමැති නිසාවෙන්, ප්‍රායෝගිකව මෙය නතර කිරීම හෝ නීති මගින් කටයුතු සිදු කිරීම දුෂ්කර කාර්යක්‌ව ඇත.

කෘත්‍රීමව ඉදවූ පලතුරු වල පෝෂණ ගුණය

ස්‌වාභාවිකව පලතුරු ඉදීමේ ක්‍රියාවලියේදී පුළුල් ජෛව රසායනික ක්‍රියාවලියක්‌ සිදුවන අතර, එහි ප්‍රතිඵලයක්‌ ලෙස, "ක්‌ලෝරෆිල්" සහ "එන්සයිම" වර්ග බිඳ වැටීම, "කැරටිනොයිඩ", ප්ලෙවොනොයිඩ" සහ ඇන්තොකයිනේස්‌" වැනි ප්‍රබල ප්‍රතිඔක්‌සිකාරක, පිළිකානාශක සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශක්‌තිමත් කරන (immune system boostersි) රසායනික සංයෝග වල සිදුවන ජෛව සංස්‌ලේෂණය මෙන්ම, විටමින් වර්ග, අත්‍යවශ්‍ය මේද අම්ල සංස්‌ලේෂණය වැනි සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලීන් රාශියක්‌ කෘත්‍රිමව පලතුරු ඉදවීමේදී සිදු නොවන බවත,a පලතුරු වල තිබෙන විටමින් ඒ හා සී මෙන්ම බොහොමයක්‌ පෙර කී අතිශයින්ම වැදගත් ශාක රසායනිකයන් විනාශ වෙන බවත්, පලතුරු වල ස්‌වභාවික රසය, සුවඳ, වයනය වැනි ගුණාංගද හානි වෙන බවත් පෝෂණ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

පලතුරු ආහාරයට ගැනීමේ අතිශයින්ම වැදගත් කාරණාව වන්නේ, අපගේ දිවි රැකගැනීමට බෙහෙවින්ම වැදගත් වන මෙකී රසායනික සංයෝගවල පැවැත්මය.

ඉන්දියාවේ ආහාර විද්‍යාව සහ පෝෂණ විද්‍යා මහාචාර්යවරයෙකු වන කමල් ගෝපිනාත් මහතා ප්‍රකාශ කරන්නේ, ස්‌වභාවදහමේ නියමයට පටහැනිව කවර හෝ රසායනික ද්‍රව්‍යයක්‌ භාවිත කොට කෘත්‍රිමව පලතුරු ඉදවීමේදී පලතුරු තුළම සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවන් හේතු කොට ගෙන පිළිකාකාරක සංඝටක ඇති වෙන බවය. 

කෘත්‍රිමව ඉදවූ පලතුරු හඳුනා ගන්නේ මෙහෙමයි

* ඇස්‌ ඇදගන්නා ආකර්ෂණීය පෙනුමකින් යුතු, සමාකාරව පැතුරුණු තීව්‍ර වර්ණයක්‌ සහිත, සම්පූර්ණ ගෙඩියම හෝ කැණම එකවර ඉදී ඇති පලතුරු හෝ එසේ ඉදුණු එහෙත් තැනින් තැන කොළ පාට ලප, පැල්ලම් ඉතිරිව තිබෙන පලතුරු මිල දී නොගන්න.

* අවාරයේදී වෙළඳපොළේ ඇති පලතුරු මිලදී නොග න්න. අවාරයට වෙළඳපොළට පැමිණෙන පලතුරු බොහෝ විට කෘත්‍රීමව ඉදවූ ඒවා විය හැකිය. (අඹ වැනි පලතුරු වාරයට සුලභ වන බැවින්, කෘත්‍රීමව ඉදවීම බොහෝ විට අවශ්‍ය නොවේ.)

* මුළු කැණම එකවර වර්ණ ගැන් වී ඇති, කෙසෙල් මිලදී නොගන්න. කෘත්‍රීමව කෙසෙල් ඉදවීමේදී කැණම එකවර වර්ණ ගැන්වෙන අතර, එහි ඇවරි සම්බන්ධ වන කඳ කොටස (stem) තද කොළ පාටින් තිබෙනු නිරීක්‌ෂණය කළ හැකිය. මක්‌ නිසාද යත් "එතිලීන්" හෝ "ඇසිටලීන්" මගින් ඉදෙන්නේ පලතුරු මිස එහි කඳ කොටස නොවන බැවින්ය.

* පලතුරු මිල අධික කාලවලදී, මිල අධික පලතුරු වෙනුවට මිල අඩු විකල්ප පලතුරු පරිභෝජනය කරන්න. මිල අධික කෙසෙල් වර්ග, කර්තකොලොම්බන් වැනි අඹ වර්ග, බොහෝ විට කෘත්‍රීමව ඉදවා තිබිය හැකිය.

* මිල වැඩි කාලවලදී සම්පූර්ණයෙන්ම ඉදුණු/ ගොඩම වර්ණ ගැන්වී ඇති තක්‌කාලි මිලදී නොගන්න.

* භාගෙට ඉදුණු පලතුරු මිලදී ගන්න. ස්‌වභාවිකව පලතුරු ඉදීමේ රටාවක්‌ ඇත. ඊට පටහැනි ලෙස සම්පූර්ණයෙන් ඉදී ඇති පලතුරු මිලදී නොගන්න. උදාහරණයක්‌ ලෙස පැපොල් ගෙඩියක්‌නම් එය පිටුපස සිට ක්‍රමයෙන් ඉදීම සිදුවේ.

* පිටින් ඉදී ඇති, ඇතුළතින් අමු පලතුරු පරිභෝජනය නොකරන්න. ස්‌වභාවිකව පලතුරු ඉදීමේදී ගෙඩියේ අභ්‍යන්තරයේ සිට පිටතට ඉදීම සිදු වන අතර, කෘත්‍රීමව ඉදවීමේදී එය ප්‍රතිවිරුද්ධ දිසාවට සිදු වේ.

* පලතුරු ආහාරයට ගැනීමට පෙර ගලන ජලයෙන් හොඳින් සෝදන්න.

* පොතු ඉවත්කර, සෝදා ආහාරයට ගන්න.

* ඇපල්, අඹ වැනි පලතුරු කිසි විටෙක, ගෙඩිය එහෙම පිටන්ම ආහාරයට නොගෙන, කැබලි වලට කපා වර්ණ වෙනස්‌ වීමක්‌ සිදු වී තිබේදැයි පරීක්‌ෂා කරන්න.

* ලාක්‌ෂණික රසය, සුවඳ නොමැති, අස්‌වාභාවික රසයක්‌ සුවඳක්‌ සහිත පලතුරු ආහාරයට නොගන්න.

* සැක සහිත තත්ත්වයක්‌ තිබේනම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයාට පැමිණිලි කරන්න.

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‌ෂක,
ඇල්ල. (බණ්‌ඩාරවෙල)

මුරුංග ගුණ මහිමය

ගතට සිතට රුවට මුරුංගා


ගැමි එළවළු වර්ග අතර මුරුංගාවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වත්මන් පරපුර ආහාරය සඳහා එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරලෙහි පවතින රසය සහ ගුණය ඉතාමත් ප්‍රශස්තය. බොහෝ කාර්යයන් සඳහා යොදා ගන්නා ශාකයක් වන මුරුංගා වත්මනෙහි බහුකාර්ය ශාකයක් සේම අතීත වැසියන් විසින් දෙවියන් මැවූ ශාකයක් ලෙසද පිළිගනු ලැබුවේ මෙම ශාකයේ පවතින අද්විතීය ගුණය නිසාමය. අසාමාන්‍ය ගුණ සමුදායක් පවතින මුරුංගා ශාකය ඖෂධයක් යැයි පැවැසුවහොත් ඇතැම්විට ඔබ මවිත විය හැකිය. එහෙත් සත්තකින්ම මුරුංගා යනු රෝග රැසකට ගුණය ලබාදෙන මාරාන්තික රෝග පවා සුව කරවන තරමේ ඖෂධීය ගුණයක් ඇති දිව්‍යමය ඖෂධයකි. රාජගිරියේ පිහිටා ඇති කොළඹ විශ්වවිද්‍යාලය හා අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය දහස් සංඛ්‍යාත සිසු සිසුවියන්ගේ ආයුර්වේද දැනුම සපුරාලමින් පසුවන්නීය. මුරුංගා ඖෂධය මඟින්ද නිරන්තරයෙන්ම ඖෂධ නිෂ්පාදනය කිරීමේ කාර්යයේ නිරත වන හැරපත්දෙණිය මහත්මිය මෙම ඖෂධයේ පවතින විශිෂ්ට රෝග නාශක ගුණය පිළිබඳව පැවැසීමට ඉදිරිපත් වූවාය. "මුරුංගා කියන්නේ අතීතයේ පටන්ම අපේ ගෘහණියන් සමඟ ඉතාමත්ම සමීප එළවළුවක්. මුරුංගා ළපටි කරල් වෑජනය වගේම, මෝරපු කරල් මද තෙම්පරාදු ව්‍යාංජනයත් අපේ ගැමි කාන්තාව අතර ඉතාමත්ම ප්‍රචලිතයි. ඒ වගේම මුරුංගා කොළ මැල්ලුම වගේම මුරුංගා මල් වෑංජනයත් ඉතාම රසවත්. මුරුංගා කරල්, කොළ, මල් බහුල වශයෙන් ආහාරයට ගැනීම මඟින් ඔබට වැලඳී ඇති රෝග රැසක් සුවකර ගැනීමේ හැකියාවක් පවතිනවා. සමහර විට ඔබට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. මුරුංගා කොහොමද ඔෟෂධයක් වෙන්නේ ඒක එළවළුවක් විතරයි කියලා. නමුත් අපේ දේශීය ආයුර්වේදයේ මුරුංගා කියන්නේ රෝග නාශක ගුණය බහුලවම ඇති ඖෂධයක්. ආයුර්වේදයට අනුව මුරුංගා විවිධ නම්වලින් හඳුන්වනවා. මුරුංගා කියන්නේ ඇස් ආශ්‍රිත රෝගවලට හොඳ ඖෂධයක්. ඒ නිසා අක්‍ෂිව කියලත් මේ ඖෂධීය ශාකය හඳුන්වනවා. ඒ වගේම ශෝබාංජන, තීක්‍ෂණ මූල, ශ්‍රීග්රූ යන නම්වලිනුත් මුරුංගා හඳුන්වනවා. මුරුංගා අයිති වන්නේ Moringaceae (ශෝභාංජන) කුලයට. Moringa Oleifera Lam මෙහි උද්භිද විද්‍යාත්මක නාමය. මුරුංගා ප්‍රභේද රැසක් තිබෙනවා. එකක් තමයි හේන් මුරුංගා. ඒවායේ කරල් හීනියි. අනෙක් එක තමයි වැට මුරුංගා. වැට මුරුංගා බහුල වශයෙන් මායිම්වල රෝපණය කරනවා. යාපනයේ පැත්තේ ඒවා බහුල වශයෙන් දැකබලා ගන්න පුළුවන්. තවත් මුරුංගා ප්‍රභේදයක් තමයි මස් මුරුංගා, කල්පිටි මුරුංගා කියන්නේ. ඒවායේ කරල් විශාලයි.
මද වැඩියි." Moringa-11913-2 වෙනත් ශාක රෝපණය නොවන භූමියක පවා රෝපණය වීමේ හැකියාවක් මුරුංගා ශාකය සතුව පවතී. නිසරු පොළොවේ මෙන්ම මුහුදුබඩ ආශ්‍රිතව පවා මුරුංගා රෝපණය කළ හැකිය. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ලංකාව මුරුංගා ශාකය බහුලවම දැකගත හැකි රටවල් අතර ප්‍රමුඛතාවක් ගනී. මුරුංගා ප්‍රභේද කිහිපයක් පිළිබඳව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පෙර සඳහන් කළ අතර, අප ආයුර්වේදයට අනුව මුරුංගා ප්‍රභේද 3ක් පවතින බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. "අපේ ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවලට අනුව මුරුංගා ප්‍රභේද 3ක් තිබෙනවා. ඒවා තමයි රක්ත ශ්‍රීග්රූ (මල රතු පාට මුරුංගා), කෘෂ්ණ ශ්‍රීග්රූ (මල නිල් පාට මුරුංගා). ශ්වේත ශ්‍රීග්රූ (මල සුදු පාට මුරුංගා) මේ තුනෙන් නිල් සහ රතු මල් ඇති මුරුංගා ශාකය ඉතාමත් දුර්ලභයි. සුදු මල් සහිත මුරුංගා බහුලයි. මේ සෑම ප්‍රභේදයක්ම අපි ආයුර්වේදයේ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර සහ ගහේ ලාටු ඖෂධ සඳහා ගන්නවා. මුරුංගා කියන්නේ විෂ නාශක ගුණයක් ඇති ඖෂධයක්. එනිසා අතීතයේ සිටම අප ගැමි ලියන් ඉස්සො, දැල්ලො වගේ ආහාර පිසින විටදී ඒකට මුරුංගා කොළ ටිකකුත් එක් කළා. ඒ වගේම මයියොක්කා උයනකොට, තම්බනකොට එහි විෂ සහිත බවක් වෙයි නම් ඒක නැති කරන්න මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේදී ඒකට දාන්න අපේ ගෘහණියන් පුරුදු වෙලා හිටියා. ඒ වගේම අච්චාරු හදනකොට ඒවා ඉක්මනින් පැසවන්න මුරුංගා පොත්තක් ඒකට එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමහර ප්‍රදේශවල මුරුංගා පොතු වේළලා වෑන්ජනවලට කුළු බඩුවක් ලෙසත් භාවිත කරනවා. ඒ විදියට මුරුංගා පොතු වේළලා කුළු බඩුවක් විදියට දිනපතා වෑංජනවලට එකතු කරවා නම් රෝග රැසකින් අත් මිදෙන්න ඔබට පුළුවන්. බඩේ ගල්, පණු රෝග, මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග, හෘදය ආශ්‍රිත රෝග, අස්ථි ආබාධවලට, ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝගවලට, ඇදුම, කැස්ස ආදී රෝග රැසක් සුවකර ගන්නත්, නොවැලඳී තිබෙන්නත් ඒ ක්‍රමවේදය ඉතාමත්ම හොඳයි." මුරුංගා ශාකයේ ඇති ඖෂධීය ගුණය සේම එක් එක් ලෙඩ සඳහා මුරුංගා ඖෂධයක් ලෙස භාවිත කළ යුතු ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය අපට පැවැසුවාය.

එමඟින් ඔබට වැලඳී ඇති යම් යම් රෝග සඳහා නිවෙසේ සිටම ප්‍රතිකාර ඖෂධ සාදාගත හැකි ආකාරය පිළිබඳව මෙම ලිපිය කියවීම මඟින් පැහැදිලි වනු ඇත. "ඈත අතීතයේ සිටම ඇඟ දුර්වල වෙන රෝග හැදුණු පුද්ගලයන්ට කාය ශක්තිය වර්ධනය වීම සඳහාත් බහුල වශයෙන් මුරුංගා හොදි, මුරුංගා මැල්ලුම් ආදිය ආහාරයට දුන්නා. දුර්වල ශරීරයක් යථා තත්ත්වයට ගන්න මුරුංගා ආශ්‍රිත ආහාර ඉතාමත්ම වැදගත්. Moringa-11913-1 ඒ වගේම තමයි අපේ ආයුර්වේදයේදී මුරුංගා හඳුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරවන ඖෂධයක් ලෙසයි. ඒ වගේම පණු රෝගවලින් පෙළෙන අය මුරුංගා මැල්ලුම් දෙනිකව ආහාරයට ගන්නවා නම් ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝගවලට, මුත්‍රා ගල්වලට, හෘදය ආශ්‍රිත රෝගවලට, මුරුංගා වෑංජනය හෝ මැල්ලුම් දිනපතා ආහාරයට ගන්නවා නම් ඒ සෑම රෝගයකම කෙළවරක් දකින්න පුළුවන්." මෙයට වසර දහසකටද ඈත අතීතයක අප දේශීය වෛද්‍ය ආචාර්යවරුන් පැවැසූ දෑ අද වන විට නවීන වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ මඟින් තහවුරු වී ඇති බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය අපට පැවැසුවාය. එනම් හෘදය ආශ්‍රිත රෝග සහ මුත්‍රා ගල් වැනි රෝග සඳහා විසඳුම් ලැබීමට දැඩි ලෙස මුරුංගා හොදි සහ මැල්ලුම් ආහාරයට ගැනීම මඟින් හැකි බව වෛද්‍ය විද්‍යානුකූලව පවා තහවුරු වී තිබේ. මුරුංගා කොළ වනාහි අපට රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධය ගුණයක් මුරුංගා පත්‍රවල පවතින බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවේ මෙසේය. "මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී. කැරෝටීන් (බීටා කැරොටීන්), කැල්සියම්, මැග්නීසියම්, කොපර්, යකඩ පොස්පරස්, ඛනිජ ලවණ වැනි ගුණ රාශියක් අඩංගුයි. එනිසයි මුරුංගා මැල්ලුම ඉතාමත් ගුණදායි මැල්ලුමක් කියලා අපි අනුමත කරන්නේ. මුරුංගා කොළ මැල්ලුම් විශේෂයෙන්ම කුඩා දරුවන්ට, ගැබිනි මවුවරුන්ට ඉතාමත්ම හොඳයි. මොකද අස්ථි වර්ධනයට අවශ්‍ය සුවිශේෂී ගුණ රැසක් මුරුංගා කොළවල පවතිනවා. අස්ථී රෝගවලින් පීඩා විඳින අයට වටිනා ඖෂධීය සුප් එකක් මුරුංගා කොළවලින් සාදා ගන්නා හැටි මම කියන්නම්.


මුරුංගා කොළ ග්‍රෑම් 60ක් අරගෙන ඒකට වතුර මිලිලීටර් 200ක් දමා ඒකට ගම්මිරිස් ස්වල්පයක් ලුණු ස්වල්පයක් දෙහි ස්වල්පයක් දමා හොඳින් තම්බා පානය කරන්න. අස්ථි රෝගවලින් පෙළෙන අයට එක හොඳ වේදනා නාශක ඖෂධයක්. Moringa-11913-3 ඒ වගේම මුරුංගා කොළ එළඟි තෙල් සමඟ හෝ බටර් සමඟ තෙම්පරාදු කරලා ආහාරයට ගත්තත් අස්ථි රෝගවලටත් මුත්‍රා ගල් රෝගයටත්, හෘදය ආශ්‍රිත රෝගවලටත් ඒක ගුණයි." සමාජයේ බොහෝ පුද්ගලයන්ට වැලඳී ඇති ප්‍රමුඛ පෙළේ රෝග පීඩා සඳහා මුරුංගා ඖෂධය භාවිතයෙන් රෝග සුවකර ගන්නා ආකාරය පිළිබඳවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. "ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිත රෝග නිසා දුක් විඳින බොහෝ පිරිසක් අද සමාජයේ සිටිනවා. ඇදුම, කැස්ස වගේ රෝග සඳහා ඉතාමත්ම ගුණදායක ඖෂධයක් මුරුංගා කොළවලින් හදන හැටි මම කියන්නම්. මුලින්ම මුරුංගා කොළ අරගෙන හොඳින් වියළා ගන්න. කොළ වියළාගෙන තේ කුඩු ප්‍රමාණයට එන පරිදි කුඩු කරගන්න. ඉන්පසුව දිනපතාම තේ වෙනුවට මුරුංගා කොළ කුඩු ගොටුවට දාලා (තේ කුඩු පරිදි) තේ වගේ වත්කරගෙන බොන්න. ශ්‍රවණ පද්ධතිය ආශ්‍රිතව හටගත් රෝගවලට ඒක ඉතාමත්ම ගුණදායකයි. ඒ වගේම තමයි ආහාර අජීර්ණය නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. මුරුංගා කොළ අමුවෙන් අරගෙන හොඳින් කොටලා මිරිකලා ගන්න. මුරුංගා කොළ ඉස්ම තේ හැඳි 2ක් සමඟ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරලා ඒ ද්‍රාවණය තැඹිලි ගෙඩියක වතුරට මිශ්‍ර කරලා හොඳින් කලවම් කරන්න. උදේ, දවල්, හවස වන විදියට ඒ වතුර එක දිනකට තුන්වරක් පානය කරන්න. ආහාර අජීර්ණයට ඒක ඉතාමත්ම ගුණදායක ඖෂධීය පානයක්. ගැස්ට්‍රයිටිස් කියන්නේ අද බොහෝ දෙනෙක්ව අපහසුතාවට ලක් කරන රෝගයක්.ගැස්ට්‍රයිටිස්වලට හොඳ වටිනා සුවදායක ඖෂධයක් මම කියන්නම්. මුරුංගා කොළ මිටක් අරගෙන හොඳින් අඹරා ගන්න. ඒකට මුදවපු කිරි මේස හැඳි 5ක් එකතු කරලා දිනපතා උදෑසන හිස්බඩ ආහාරයට ගන්න. දින කිහිපයක් මේ විදියට කළොත් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් අත් මිදෙන්න ඔබට පුළුවන්. මුත්‍රා ගල් හටගත් බොහෝ දෙනකුට බටහිර වෛද්‍ය ක්‍රමවේදයට අනුව තිබෙන හොඳම විසඳුම තමයි ශල්‍යකර්මයකට භාජන කිරීම. නමුත් ශල්‍ය කර්මයකට ලක් නොකර මුත්‍රා ගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් හොඳ කෂායක් හදාගන්න හැටි මම කියන්නම්. තරමක් වියළි මුරුංගා පොතු (ගසේ පොතු) මිටක් පමණ අරගෙන වතුර පත හතරක් පමණ දමා පත එකකට සිඳුවා උදේ කාල් බාගයයි, හවස කාල් බාගයයි දිනපතාම පානය කරන්න. සති දෙකක් පමණ අඛණ්ඩවම මේ කෂාය භාවිත කළොත් මුත්‍රා ගල් අංශු බවට පත්වී දිය වී යනවා. හොඳින් මුත්‍රා පිට වීමත් මුත්‍රා දැවිල්ල ප්‍රහීන වී යන්නත් ඒක ඉතාමත්ම ගුණදායක කෂායක්. මුත්‍රා දැවිල්ල අධික ලෙස පවතින රෝගියකුට සුදුසු ඖෂධීය පානයක් තිබෙනවා. පුහුල් යුෂ හරි කැකිරි යුෂ හරි වීදුරුවකට අරගෙන ඒකට මුරුංගා කොළ තළලා අරගෙන මුරුංගා කොළ යුෂ තේ හැඳි 2ක් එකට මිශ්‍ර කරලා බොන්න. මුත්‍රා දැවිල්ල නිමා වී සාර්ථකව මුත්‍රා පිටවීම එමඟින් සිදු වෙනවා". ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන ආකාරයට ශ්‍රිස්ම සමයේදී ඇතැම් පුද්ගලයන්ගේ සිරුරේ අසාමාන්‍ය ලෙස දහදිය බිබිළි හට ගනී. එවන් රෝගයකදී කොහොඹ කොළ සහ මුරුංගා මුල් සමව ගෙන සිහින්ව අඹරා දෙහි යුෂ හා මිශ්‍ර කොට නැවැතත් අඹරා දහදිය බිබිළි මත ආලේප කළ හැකිය. මතුවූ දහදිය බිබිළි යළි යටපත් වී ශරීරයට සුවයක් ලබා ගැනීමට එය ඉතාමත් උචිත ආලේපයකි. සමේ ආලේප කොට පැය 2ක් පමණ නිදහස්ව හිඳ පසුව නෑම සුදුසු බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. Moringa-11913-5 "ඇතැම් තරුණියන්ගේ මෙන්ම තරුණයන්ගේත් මුහුණේ කුරුලෑ, ලප කැළැල් අසාමාන්‍ය විදියට තිබෙනවා. ඒ වගේම අවපැහැ ගතියක් පවතිනවා. එවන් ගැටලුකාරී තත්ත්වයකදී මුරුංගා කොළ යුෂ අරගෙන ඒකට දෙහි යුෂත් මිශ්‍ර කරලා ඇල් වතුර බඳුනකට ඒක මිශ්‍ර කරලා එයින් මුහුණ සෝදන්න.
දිනපතා උදේ මේ මිශ්‍රණයෙන් මුහුණ සෝදනවා නම් පැහැදිලි වෙනසක් සහ සෞම්‍ය බවක් ඔබගේ මුහුණේ ඇති වේවි. හන්දිපත් ඉදිමුම හන්දිපත් රුදාව වගේ බාහිර තැළුම් වේදනාවලටත් මුරුංගාවලින් හදන හොඳ ඖෂධයක් මම කියන්නම්. එහි නම මුරුංගාදීලේපය. මේ ඖෂධය බාහිර රෝගී අංශයෙන් ලබා ගන්නත් පුළුවන්. නිවෙසේදීම සාදාගන්න හැටි වැදගත්. එනිසා මම කියන්නම්. ලුණු වරණු පොතු, අමු කහ සමව අරගෙන මුරුංගා පොතු යුෂෙන් ඒක සියුම් වෙන්න අඹරන්න. (අමු මුරුංගා පොතු තළා යුෂ ගන්න) සියුම් ලෙස අඹරා ගත් ඖෂධය අරගෙන තැළුම්, වේදනා ඉදිමුම් ස්ථානයේ ආලේප කරන්න. වේල් කිහිපයක් ආලේප කළොත් හොඳ සුවයක් අත්විඳින්න පුළුවන්කමක් තිබෙනවා. තවත් විශේෂ කාරණාවක් තමයි මුරුංගා කියන්නේ දෙඹර, බඹර, ගෝනුසු ආදී විෂට ප්‍රතික්‍රියා දක්වන විෂ නාශක ඖෂධයක්. පෙර සඳහන් කළ විෂක් ශරීර ගත වුණ පුද්ගලයකුට මුරුංගා පොතු දෙහි ඇඹුලින් අඹරා සත්ත්ව දෂ්ටනයට ලක් වුණු තැන ආලේප කරන්න. ඒකට විෂ මැරීමක් සිදු වෙනවා. Moringa-11913-6 සමහර අයට උදේ කාලෙදි සැන්දෑ කාලෙදි සෙම හට ගන්නවා. ඒ තත්ත්වයෙන් අත්මිදිලා නිරෝගී සුවයක් ලබන්න මුරුංගා මුලේ පොත්ත කොටලා මිරිකලා ගත් යුෂට බුලත් කොළ යුෂ හා අමු ඉඟුරු යුෂ තේ හැඳි 1 ගාණේ මිශ්‍ර කර මී පැණි තේ හැන්දක් ඒකට එක් කරලා දින 10ක් ඒ ද්‍රාවණය පානය කරන්න. සෙම තත්ත්වය දුරු වෙලා යාවි." අධික තරබාරු තත්ත්වයෙන් අත්මිදීමටද ළපටි මුරුංගා ඇට කෂායක් ලෙස මී පැණි හා පානය කිරීම මඟින් හැකි වන බවත් හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. "ඒ විතරක්ම නොවෙයි. සැරව ගලන තුවාල පිරිසුදු කරලා ඉක්මනින් සුවකර ගන්නත් මුරුංගාවලින් පුළුවන්.
ඔබ කළ යුත්තේ මුරුංගා කොළ ටිකක් අරගෙන තල තෙල්, එළඟි තෙල් ස්වල්පය බැගින් එයට මිශ්‍රකර අඹරා තුවාලයේ ආලේප කිරීම පමණයි. දින කිහිපයක් මේ ක්‍රියාව කළොත් ඔබට පැසවූ තුවාලයකට වුණත් ඉක්මන් සුවයක් ලබන්න පුළුවන්. එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනයට ගන්න පුළුවන් රෝග නාශක ගුණය සහිත හොඳ ඖෂධයක් මුරුංගා. නමුත් අද ඇතැම් අය මුරුංගා එළවලුවක් ලෙසටවත් ආහාරයට නොගැනීම ඉතාමත් කනගාටුවට කරුණක්. ඕනෑම පුද්ගලයෙක් දෛනිකව හෝ සතියකට අවමය දින තුනක් හෝ හතරක්වත් මුරුංගා හොද්දක් මැල්ලුමක් වශයෙන් හරි ආහාරයට ගන්නවා නම් ලෙඩ ගොඩක් අඩු වෙනවා. අද වන විට නවීන පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා ආමාශය ආශ්‍රිත රෝගවලටත් හෘදය ආශ්‍රිත රෝගවලටත් අතීසාරය වැනි රෝගවලටත්, මුත්‍රාශ්‍රය ආශ්‍රිත රෝග රැසකටත් මුරුංගා හොඳඖෂධීය ගුණ සපිරි ශාකයක් කියලා. ඒ වගේම ශරීරයේ පිළිකා හට ගැනීමේ අවදානමත් පාලනය කරන්න මුරුංගාවලට පුළුවන් කියලා අලුත්ම පර්යේෂණයකින් තහවුරු වුණා. මුරුංගා නමැති ඖෂධය නිරන්තරයෙන්ම ඔබ ආහාරයක් වශයෙන් හෝ ගන්නවා නම් කොලෙස්ටරෝල් අඩු වීමටත් ඇඟේ සීනි ප්‍රමාණය අඩු වීමටත් ඒක හොඳ ක්‍රමවේදයක්. දෛනික ආහාර වේලකට මුරුංගා මැල්ලුමක් වෑංජනයක් අන්තර්ගත කර ගන්නවා නම් කිසිම ලෙඩක් පීඩාවක් ඔබට ඇති වෙන්නෙ නෑ". සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසුදු කිරීමටද මුරුංගා කරලේ ඇති ඇට භාවිත කිරීම මඟින් හෙළිවන්නේද මෙම අද්විතීය ශාකයෙහි පවතින වීෂ බීජ නාශක ගුණය නේද?"

ලොව ශක්තිජනකම පානය

''පොළව පළා ගලක්‌ දුටින් එගල පලා රිදී දුටින් රිදී ළිඳේ දියත් දුටින්.....'' එසේ කුඩා ළමුන්ගේ තේරවිලි වලටද පාදක වූ, පොල් වතුර කුරුම්බා වතුර, අනාදිමත් කලෙක සිට ලෝකයේ විවිධ රටවල රෝග සුව කිරීම සඳහා ද භාවිතයට ගෙන තිබේ. සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිළිබඳ බටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන්, මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳවද මේ මෑතක්‌ වනතුරු සුදු ජාතීන්ගේ අවධානය යොමු වූයේ නැත. අනෙක්‌ අතට ඔවුන්ගේ ඉරිඟු සෝයා එළවළු තෙල් සහ මාගරින් වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල්තෙල්, පොල්මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්‌මිත ගුණය හිතාමතාම වසන් කළ නිසාවෙන්, ඔවුන් පොල් සැලකුවේ සෞඛ්‍යයට අහිතකර හදවත් රෝගවලට තුඩු දෙන ආහාරයක්‌ ලෙසය. ඔවුන්ගේ දැනුම හා හඬ ඔස්‌සේ තීන්දු තීරණගත් අප විසින්ද පොල් තෙල්, පොල් මදය මෙන්ම, පොල් වතුරද කිසිදු වැදගැන්මකට නැති ආහාරයක්‌ ලෙස සලකා අවඥාවෙන් බැහැර කරනු ලැබිණ. මෑතකදී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්‌ඩලය විසින් පුවත්පත්වල පළකර තිබූ වාර්තාවකින් කියෑවුණේ මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් 50,000 ක්‌. සින්ක්‌ එකට හළන බවයි. අප කොයිතරම් පොල් ගසට අකාරුණික වීද යන්න තේරුම් ගැනීමට, එකී කාරණාව පමණක්‌ වුව ප්‍රමාණවත් වනු ඇත. එබැවින් එකී කාරණාව ද මතකයේ තබා ගෙනම, පොල් තැඹිලි, කුරුම්බා වතුර පිළිබඳ පෙර අපරදිග විද්‍යාඥයින් විසින් කර ඇති පර්යේෂණ වල තතු විත්ති වලින් හෙළිදරව් කෙරෙනා මාහැඟි ගුණය මෙන්ම සෞඛ්‍ය ප්‍රතිලාභ ද විමසා බලමු. පෝෂණයෙන් අති විශිෂ්ට පොල් වතුර ජීවයේ පානයයි. පොල් වතුර මේ ලොව ඇති සුපිරිසුදුම පානයයි. මාස 9 ක්‌ පුරා ජෛව පිරිසුදුවීමේ ක්‍රියාවලියට ලක්‌වී නිපදවන පොල් වතුර, ජීවානු හරිතය. එහි සංයුතිය අපගේ සෛල ප්ලස්‌මාවේ, රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්ම සමාන වන බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්‌ලොරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම, සුළු වශයෙන් ඇති ස්‌වභාවික සීනි නිසාවෙන්, අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්‌වයි. මෙකී විශිෂ්ට අයනික ගුණය නිසාවෙන්, යුද්ධ වලදී බරපතල තුවාල ලබන සොල්දාදුවන් සඳහා සේලයින් ද්‍රාවණයක්‌ ලෙස කෙලින්ම භාවිතයට ගෙන තිබෙන බවත්, දෙවන ලෝක යුද්ධයේදී පමණක්‌ ජීවිත 50,000 ක්‌ පමණ බේරා ගෙන තිබෙන බවත් ඉතිහාසය තතු විමසීමේදී දැනගත හැක. එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. මැංගනීස්‌, අයඩීන්, සල්µර්, සින්ක්‌, සෙලෙනියම්, කැල්සියම්, පොස්‌පරස්‌, යකඩ හා විටමින් සී. බී. හා ඊ. ද ඇත.
තවද මෙහි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, එන්සයිම වර්ග, ප්‍රතිඔක්‌ෂිකාරක, පයිටොකෙමිල්ස්‌ වර්ග, ශාක හෝමොන වර්ග මෙන්ම හදවතට හිතකර මේදයද අන්තර්ගත වේ. හදවත රැක දෙන පොල් වතුර පොල් වතුරෙහි තිබෙන අධික ඛණිජ ලවන සංයුතිය නිසාවෙන්, හෘදයාබධ හා අධික රුධිර පීඩනය වැළැක්‌වීමේ සුපිරි ආහාරයක්‌ ලෙස විද්‍යාඥයන් විසින් පොල් වතුර හඳුන්වා දී ඇත. මේ පිළිබඳව කර ඇති අධ්‍යයනයක දී හෙළිවී ඇත්තේ, අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් සඳහා පොල් වතුර පානය කරන්නට දීමෙන්, ඔවුන්ගේ රෝග තත්ත්වය සියයට 71 කින් අඩුවූ බවයි. පොල් වතුර මිලි ලීටර් 100 ක පොටෑසියම් මිලි ග්‍රෑම් 300 ක්‌ පමණ තිබෙන අතර, එම ප්‍රමාණය කෙසෙල් වලටත් වඩා වැඩි අගයකි. එබැවින් මෙය හදවත රකින විශිෂ්ට ආහාරයක්‌ ලෙස හඳුන්වන්නට විද්‍යාඥයන් පසුබට වන්නේ නැත. පොල් වතුරෙහි අහිතකර කොලෙස්‌ටරෝල් නොමැති අතර, අධ්‍යයන වලදී හෙළිවී ඇත්තේ අපගේ සිරුරේ තිබෙන අහිතකර කොලෙස්‌ටරෝල් අඩු කිරීමට ඉවහල් වන හිතකර කොලෙස්‌ටරෝල් (HDL) මට්‌ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යන බවයි. අනෙක්‌ අතට රුධිර කැටි ඇති වීම වළක්‌වාලන ගුණයක්‌ පොල් වතුරෙහි අඩංගු වන බැවින් දරුණු හෘදයාබාධ සහ ආඝාතනය වැනි රෝග වලින් ඇති වන අවධානම අඩුකර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත. වකුගඩු රැකගන්නට සහ මුත්‍රාශයේ ගල් දිය කිරීමට. වකුගඩු තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩු වලට සිදුවන හානි වැළැක්‌වීම, පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක්‌ බව, පර්යේෂකයන් පෙන්වා දෙයි. එබැවින් මත්පැන් හා වස විස නිසාවෙන් සිදු වන වකුගඩු නරක්‌වීම පාලනය කිරීමද පොල් වතුර ප්‍රයෝජනවත් වනු ඇත. පිලිපීනයේ චයිනීස්‌ මහ රෝහල් මුත්‍රවාහිනී පද්ධතිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය ඉයුජිනෝ මැකලැලෑන් මහතා පෙන්වා දෙන්නේ, සතියකට දෙවතාවක්‌ හෝ තුන් වතාවක්‌ පමණ පොල් වතුර හෝ කුරුම්බා පානය කළ මුත්‍රාශයේ ගල් සෑදී ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට නියමිතව සිටි රෝගීන්ගේ එම ගල්වල විශාලත්වය අඩුවී හෝ කුඩා කොටස්‌ වලට කැඩී තිබුණු බවත්, ඒ නිසාවෙන් ඒවා ශල්‍යකර්මයකින් නොව, සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර මගින් සුව කිරීමට හැකි වූ බවත්ය. අනෙක්‌ අතට පොල් වතුර හොඳ මුත්‍ර කාරකයක්‌ද වෙයි. (Dසමරුඑසජ) මුත්‍ර හොඳින් පහවීමටත් මුත්‍ර මාර්ග යේ ඇතිවන අසාධාරන (ඹඔෂ) සුව වීමටත් පොල් වතුර හොඳ ඖෂධයක්‌ ලෙස සැලකේ. වස විස වලින් හා දරුණු විස බීජ වලින් ආරක්‍ෂා වීමට අප්‍රිකානු හා ඉන්දියානු මෙන්ම, ශ්‍රී ලංකාවේදීද දේශීය වෛද්‍ය කර්මයේදී විස ඖෂධ වල විස ගතිය ඉවත් කිරීමට පොල් වතුර භාවිත කොට තිබේ. එමෙන්ම බටහිර ඖෂධ අධි මාත්‍රාවලින් ශරීරගතවීමකදී (ධඩැර dදිe) ඒවායේ විෂ හරණය කිරීමටත්, මෙරට ජනයා ආහාරයට ගනු ලබන, ආහාර වර්ග වල ඇතැයි කියනු ලබන පළිබෝධ නාශක ශේෂ කොටස්‌ මෙන්ම ආසනික්‌ හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසාවෙන් සිදුවන හානිය අවම කිරීමටත් පොල් වතුර ඉවහල් විය හැකි බවට විශ්වාස කළ හැකි, විද්‍යාත්මක තොරතුරු බොහොමයක්‌ම ඇත. පොල්, කුරුම්බා සහ තැඹිලි වතුරෙහි අඩංගු වෙන මොනොලෝරීන් (ඵදබදක්‌මරසබැ) සතුව ව්‍යාධිජනක බැක්‌ටීරියා, වෛරස්‌ හා ප්‍රොටාසෝවා මෙන්ම, තද ලිපිඩ ආවරණයක්‌ සහිත හර්පීස්‌ සයිටොමෙගලෝ වෛරස්‌ වර්ග (Cහඑදපැට්‌කදඩසරමි) මෙන්ම Hෂභෂ වැනි දරුණු ප්‍රතිශ්‍යාකාරක වෛරස්‌ වර්ගත් විනාශ කිරීමේ ප්‍ර්‍රභල හැකියාවක්‌ සතු වන බව පැවසෙනවා. එමෙන්ම මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්‌තිකරණය පද්ධතිය දියුණු කෙරෙන නිසාවෙන්, රෝග වලින් අපව ආරක්‍ෂා කෙරෙන බවත් සොයාගෙන ඇත. යෞවනත්වයේ, දීර්ඝායුෂ ලැබීමේ උල්පත සයිටොකයිනීන්. පොල් වතුරෙහි තිබෙන විටමින්, ඛනිජ ලවන හා අනිකුත් පෝෂණ ගුණයන්ටත් වඩා වැදගත් විශිෂ්ට ගුණය වන්නේ මෙහි තිබෙන ශාක සයිටොකයිනින් (Cහඑදනසබසබි) සංයෝගවලින් අපගේ සිරුරට ලැබෙන ගුණය බව නොඅනුමානය. සයිටොකයිනින් යනු පයිටොහෝර්මෝන නොහොත් ශාක හෝර්මෝනයන් වෙයි. මෙම හෝර්මෝන වර්ග ශාකය වයසට යැම, වර්ධනය, විකසනය හා සංවර්ධනය පාලනය කිරීමට ඉවහල් වේ. නමුත් මෙම ශාක හෝර්මෝන වලින් මිනිසාට ඇති ඵළ ප්‍රයෝජනය කවරේදැයි විද්‍යායෝ මෑතක්‌ වන තුරුම සොයාගෙන නොසිටියහ. කෙසේ වෙතත්, විද්‍යාඥයින් දැන් අවධාරණය කරන්නේ, මෙම සයිටොකයිනින් වලින් පොහොසත් ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යැමේදී මතු වන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක්‌ රැක ගැනීමටත් ඉවහල් වන බවයි. පොල්වතුර වනාහී මෙම ශාක හෝර්මෝනයන්ගෙන් පරිපූර්ණ ආහාරයකි. පිළිකා පාලනය කිරීමේ ගුණය පෙරකී සයිටොකයිනින් මගින් වයසට යැම පාලනය කිරීමට අමතරව, නිරෝගී සෛල විභාජනය යහපත්ව පවත්වා ගෙන යමින් පිළිකාමය සෛල විනාශ කිරීමටත් හේතු වන බව විද්‍යාඥ බ්රූස්‌ µsෙµa (ඊරමජැ Fසෙe) මහතා අවධාරණය කරනවා. මීට අමතරව පොල් වතුර පිළිකා ඇතිවීමට හේතු වන නිදහස්‌ මුක්‌ත කණ්‌ඩක විනාශ කරන ප්‍රතිඔක්‌සිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත. බර අඩු කර ගැනීමට කදිම පානයකි 1999 වර්ෂයේ ඇමරිකාවේ යාලේ සරසවියේදී කර ඇති අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ, පොල් වතුර සීනි සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇති වන කෑදරකම පහ කරන බැවින්, බර අඩුකර ගැනීමට කදිම පානයක්‌ ලෙස යොදා ගැනීමට හැකි බවය. අනෙක්‌ අතට විටමින් සී සුලභ ආහාර ගන්නා උදවිය බර පාලනය කර ගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති තවත් අධ්‍යයනයකදී හෙළි වී ඇත. පොල් වතුර විටමින් සී වලින්ද අනූනය. පොල් වතුරෙහි තිබෙන වෙනත් ගුණයන්..... දියවැඩියා රෝගය පාලනයෙහිලා ද පොල් වතුර වැදගත් වන බව සොයා ගෙන තිබෙනවා. එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානී, මෝටීන් සැටින් (ඵදරඑසබ Saඑසබ) මහතා අවධාරණය කරන්නේ, මේ ලොව තිබෙන විශිෂ්ටතම ශක්‌ති ජනක පානය වන්නේ පොල්වතුර බවයි. පොල් වතුරෙහි සින්ක්‌ හා සෙලෙනියම් වැනි ඛණිජ ලවන වර්ග තිබෙන බැවින් ලිංගික සරු භාවයටත් මද සරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසෙනවා. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබා ගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්‌වන බව සොයා ගෙන ඇත. මහලු උදවියට හා ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණීය පානයකි. පොල් වතුර එළ කිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ඨ වෙයි. මවු කිරි වල තිබෙන ලෝරික්‌ අම්ලය පොල් වතුරෙහි ද තිබෙන නිසා සකස්‌ කළ ළදරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර විටමින් සංයුතියෙන් ගුණදායක බව පැවසෙනවා. වමනය යැම නතර කිරීමේ ගුණයක්‌ සහ ආමාශයේ දැවිල්ල, ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය මළ බද්ධය සුව කිරීමේ ගුණයක්‌ පොල් වතුරෙහි තිබෙන බව සොයා ගෙන ඇත. ඇසට හිතකරය. ඇසේ සුද ඒම සහ ග්ලූකෝමා රෝග තත්ත්වයන් ඇතිවීම වළක්‌වයි. ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක්‌ ලෙස භාවිත කළ හැකිය. ශරීරය අධිකව වෙහෙසෙන අවස්‌ථාවලදී සහ විජලන තත්ත්වයන්හිදී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ගුණ ලැබෙන බව පැවසෙනවා. පැපොල, සරම්ප, සහ ශරීයේ පලු දැමීම සහ ඌෂ්ණ බිබිලි වලින් සුවයක්‌ ලැබීම සඳහා පොල් වතුර බාහිරව ගැල් වීමෙන් සහනයක්‌ ලැබෙන බව පර්යේෂකයන් සොයා ගෙන ඇත. සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුව වීමටද දායක වෙයි. පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට ගුණයන් නිසාවෙන් ලොව පුරා වෛද්‍යවරු ගර්භණී මවුවරුන්ට පොල් වතුර, තැඹිලි වතුර පානය කරන්නට උපදෙස්‌ දේ. හෙළ වෙදකමට නැතුවම බැරි පොල් වතුර මෙරට හෙළ වෙදකමෙහිලාද පොල්, කුරුම්බා සහ තැඹිලි වතුර භාවිත කෙරෙන අවස්‌ථා රාශියක්‌ තිබෙන බව පැහැදිලිව දැකගත හැකිය. ශරීරයේ උෂ්ණය, දාහය, සහ දොස්‌ සමනය කිරීම සඳහා භාවිත කරන ''රාජ විරේකය'' මුල් ගල් දිය කිරීමට භාවිතා කරන ''වැලි හැළියේ කෂාය'' ''බලා විෂ්ණු තෛලය'' වැනි ඖෂධ සංයෝග රාශියක්‌ සකස්‌ කිරීමට තැඹිලි සහ පොල් වතුර භාවිත කරයි. සුලභව යෙදෙන ඖෂධයක්‌ පහත දක්‌වන්නේ පෙර කී පර්යේෂණ වලින් තහවුරු කෙරී පවතින අපේ පැරැන්නන්ගේ ශ්‍රේෂ්ඨ දැනුමට උපහාරයක්‌ වනු පිණිසය. ඉරමුසු පිරිසිදු කොට ගෙන තලා, තැඹිලි ගෙඩියකට දමා ඇස්‌ස වසා රැයක්‌ තබා, උදේට පානය කිරීමෙන් මුත්‍ර විෂ තත්ත්වයන්, මුත්‍ර ආබාධ සමනය කෙරෙන බව පැවසේ. මෙරටට පැමිණෙන විදේශික සංචාරකයන් සිල්ලර කඩවලට ගොස්‌ පොල් ගෙඩි මිලදී ගෙන, එහි සිදුරක්‌ සාදවා ගෙන, පාරවල් අයිනේ ඇන තියා ගෙන ස්‌ට්‍රොa එකකින් පානය කරනු ඔබත් දැක ඇති. එහෙත් අවාසනාවකට එම වෙළෙඳසැලේ සිටින තරබාරු වෙළෙඳ මහත්මිය දිනපතාම පොල් වතුර ටික කුණු කාණුවට දමා වස විස ද තිබිය හැකි ප්ලාස්‌ටික්‌ බෝතල් වල අසුරා අව්වට වේලී වේලී තිබෙන පැණි බීම බෝතලයක්‌ පානය කරමින් සිටිනු ඇත. ඉදින් මේ එළැඹ ඇත්තේ, පොල් ගස යට ඉපිද, හෘද රෝග වකුගඩු අබාධ, පිළිකා රෝග වැනි බෝ නොවන රෝග වැළඳී අකාලයේ මියගොස්‌, පොල් ගස්‌ යටම වළදමන්නට කලියෙන්, පොල් වතුරේ ඔසු රහස්‌ මෙන්ම රස රහස්‌ද අපේ ඇත්තන්ට, කියවා පැහැදිලි කර දියයුතු කාලයක්‌ බව මෙහි අන්තිමට ලියා තබමි.
(විශේෂ ස්‌තූතිය - කැඩුම් බිඳුම් හා සර්වාංග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය කරඳගොල්ලේ ඒ. බී. එම්. ජයවර්ධන මහතාට)
ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඇල්ල
free counters